Wednesday, July 9, 2014

දුම්රිය සහ අපි.....




කෝච්ච්ය යනු අපි හැමෝම ආසා කරන ආදරේ කරන දෙයක්ය.. ඒ වගේම ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත බැඳිලා තිබෙන්නේද මේ කෝච්චි සමඟය. අපේ රටේ බොහෝ පිරිසක් උදේ හවස රාජකාරි සඳහා යොදාගන්නේද දුම්රිය ය. මේ කතාව ඒ පිලිබඳවය.
දුම්රියේ 3 වන පන්ති 2වන පන්ති භේදය ඔය නොදන්නවා විය නොහැකිය.. 2වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් 3 වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් මෙන් දෙගුණයක් ය.
මේ ගැන අපුරු කතා ඇත්තේ කාර්යාල දුම්රිය මැදිරි වලය. මේ කතාවට මුල පිරුනේද අද සිදුවූ සිදුවිමක්ය.
කොටුව දුම්රිය ස්ථානයේ 8 වන වේදිකාවේ නවතා තිබුනේ සෙන්කඩගල මැණිකේ දුම්රිය ය.






මා වේදිකාවේ සිටියේ දුම්රිය ගමන් ආරම්භ කරන තුරුය.
තරමක් මහලු කොණ්ඩය තට්ටය පෑදුනු පුද්ගලයෙක් මා හා කතාවට පැමිණියේය.

"ආහ් මල්ලි. අද සෙනඟ වගේ නේද"

   "ඔව් අයිය" (මොහු අපේ තාත්තාට වඩා අවරුදු 2ක්වත් බාල දැයි මට සැකය)
"3rd class යන්න බෑ බන් සෙනඟ වැඩියි ඕවගේ එල්ලිලා යනවට වඩා 2 nd class යනවා බන් ආතල් එකේ යන්න පුළුවන්"

"checker ල නගිනවනේ train එක අද්දන්න කලින්."

"අව්ලක් නෑ මල්ලි seat වල ඉන්න අයගේ විතරයි බලන්නේ"

ඔන්න ඕකයි කතාව. ඔහු පැවසුවේ සත්ය ය. සෙනඟ වැඩිය. ඒත් කරන වැඩේ කැතය. පුළුවන් අය වැඩි ගානක් දී යන්නේ  තෙරපෙන්නට බැරි කම නිසාය. හිටගෙන හෝ පාඩුවේ යාමටය.
ඒ මැදිරි වල ගමන් කරන අයෙගේ පැත්තෙන් එය සාධාරණය.. 3 වන පන්තියේ ටිකට් පතක් රැගෙන (දැන් එය economy class ලෙස modify වී ඇත.) 2 වන පන්තියේ මැදිරි තුල ගමන් කිරීම එහි මඟියාට කරන අසාධාරණයකි. එමෙන්ම දඬුවම් ලැබිය හැකි වරදකි. නමුත් 3 වන පන්තියේ ගමන් කරන මඟියාගේ පැත්තෙන් 2 වන පන්තියේ මැදිරි වල ගමන් කිරීම සර්ව සාධාරණය. අරවාගේ ඉඩ නැත්නම් යන්න පුළුවන්ය. හිටගෙන ගියාට කම් නැත.

දැන් කාර්යාල දුම්රිය වල පන්ති වෙනසක් නොමැත. කරේ සිට සෙනඟ ය. checkers ලාද බොහෝ විට ඇඟ බේරා ගැනීමට අතරින් පතර ticket බලයි. සේරම බැලුවා සේ පිටව යයි. තැලෙන්නේ අහිංසක මඟියා ය.
තලෙන්නට කැමති මඟින් ද නැත්තේ නැත. එය වෙනම කතාවකි.
හොඳම කතාව යනු මතක ඇති කාලෙකට ticket හෝ season නැතුව මෙම දුම්රියේ ගමන් කරන පිරිස් ද මේ අතර සිටීමයි. පුදුමයට කරුණ නම් ඔවුන් කවදාකවත් ආරක්ෂක නිලධාරීන්ට අසු නොවීමයි. ඒ වගේම මේ පිරිස මෙම දුම්රිය තම බූදලය මෙන් පරිහරණය කිරීමයි. තමන් දිනපතා ගමන් කරන ආසන පෙළ වෙන අයෙක් වාඩි වුවහොත් කනට මිහිරි වදන් බොහෝ ඇසිය හැකිය. (මේ මෙම දුම්රියේ සිටින බොහොම සුළුතර කණ්ඩායමක වැඩක් පමණි).. දුම්රිය එසේය. තැලෙන්නේ නිත්‍යානුකුලව ගමන් ගන්නා මගීන්ය. බවලතුන්ට seat අල්ලන බත් ගොට්ටන්ද එමටය. යන්නේ මේ දුම්රියේද නොවේය එක්කෝ ඔවුන් කැළණි වැලි මාර්ගයේ අය ය. නැත්නම් පහතරට මාර්ගයේ ය. වෙනත් මඟින් සඳහා ආසන වෙන් කරගැනීම තහනම් නීති අද නැත. මේවා දකින අයද නැත. නීති ක්‍රියාත්මක කරන අයද නැත. යන්නට ගිහාම එපා වෙනවාය. කරන්නට දෙයක්ද නැත. වඩාත් ලාභදායි සේවාව සැමදා පාඩු පිට පාඩුය. ඒවා බලන්නටද කෙනෙක් නැත.
තැලෙන්නේ මඟියා ය...



No comments:

Post a Comment