Thursday, July 10, 2014

කෝච්චියේ ආතල්....


මේ කතාවත් දුම්රියේ සිදුවූ එක සිදුවීම් පෙළක් පාදක කරගෙන ලියවූ එකක් ය.
කුරුණෑගල පළාතේ එක්තරා ප්‍රදේශයක ජිවත් වන රජයේ සේවකයෙකි. මැදි වයසේ පසුවන ඔහු විවාහකද නැද්ද යන්න පැහැදිලි නැත්තේ අතේ මුදුවක් නැති නිසාවෙනි. නමුත් විපරම් කළ විට දැනගැනීමට හැකි වුයේ ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක් බවය.



රඹුක්කන express 

රඹුක්කන express දුම්රියේ උදැසන ගමන් කරන මොහු හවස නැවත පැමිණෙන්නේ සෙන්කඩගල මැණිකේ දුම්රියේ ය. ඔහුගේ කතාව මෙසේය.. යන්නේ එන්නේ ගෑනුන් වට කරගෙනය. තම දිවි පරදුවට තබා දුම්රියට ගොඩවන්නේ තම අන්තඃ පුරයේ අඟනුන් වෙනුවෙන් seat අල්ලිමටය ඉඳගෙන යන්නේද නැත. මද දුරක් ඔඩොක්කු වල ගොස් ඉතිරිය හිටගෙනය.. ඔහුගේ ජීවිතය එයය. ගෙදර යන විට තම දරු දෙදෙනාට බිස්කට් පැකට්ටුවක් ගෙනගොස් දීමට මුදල් නැති ඔහුට තම (දුම්රිය) අඟනුන් ට ටොපි චොකලට් කඩල අරන් දීමට හිතේ හැටියට මුදල් ඇත. දුම්රිය ගැස්සෙන පැද්දෙන විදිහට මාරම ආතල් ය. සාරි පොටවල් ගැලවිලාය. නරබන්නන්ට ද ආතල් ය.
එයනම් මාරම ජවනිකාය. දකිද්දී නගින්නේය.. සෙනඟ අස්සේ උඩ දාගෙන මිරිකන්නේ ය. නැත්නම් තුරුල් වෙලාය.. අඟනුන් ටද ගානක් නැත්තේ ය. ඔව්න්ටද මාරම ආතල් ය. බල සිටිනා අපිටද මාරම ආතල් ය. ඔවුන්ද බැඳපු ගැහැනුන් විය හැකිය.. දරුවන්ද ඇතිය. කාගේද කියා ප්‍රශ්නයක්ද නැතිය. සමහර විට mix වූ hybrid ළමයි විය හැකිය. ඔවුන්ට එය ප්‍රශ්නයක් නැතිය. ගමනාන්තයේදී බහින්නේ පත්තිනි අම්මලා විලසින්ය. අපිට කමක් නැතිය. ගෙදර දරුවන් පව් ය. දුම්රියේ ජීවිතය මෙය ය. මේ එක් කල්ලියක් පමණය. මේවා ඕනෑ තරම් දැකගත හැකිය.
තවත් අපූරු කපල් එකක් සිටිනවා ය. එන්නේ මෝටර් බයිසිකලයෙන් ය. බයිසිකල් පාර්ක් එකේ දමා දෙදෙනා පැමිණ, බිරිඳ 1 වන වේදිකාවේ නවතින්නේ මහව දුම්රියේ යාමටය.
මහව කාර්යාල දුම්රිය

ස්වාමි පුරුෂයා 5 වන වේදිකාවට යන්නේ මොරටුව දුම්රියේ යාමටය. දෙදෙනාම යන්නේ මරදානටය. කොච්චි 2කක යාමට හේතුව නොදන්නේ ය. බිරිද කෝච්චියේදී තව පුරුෂයකුගේ අඹුව වන්නේය. එතනම හනිමූන් යන වෙලාවලද නැත්තේ නැත. පටන් ගත්ත වෙලේ සිට කොස් කන්නේය. ඒ කිව්වේ jak ගැසීම පිළිබඳව ය.
දකින විට හරි අපුරුය.
සැමියා ද පෙම් සුව විඳිනවා විය හැකිය. බෙදා හදාගෙන කෑම හොඳ ගුණයක් ය.
අපූරු සිදුවීම ගොඩක් දකින්නට පුළුවන් ය. තම ආදරණිය බිරිඳ උදෑසන ආදරයෙන් උයා දෙන බත් පත ආදරණිය දැතින් තම අහවල් බිරිඳට කෝච්චියේදී කැන්ටිමේදී කවන ආදරණිය ස්වාමි පුරුෂයන්ද දකින්නට පුළුවන් ය. ආදරය දොරේ ගලනවාය. වෙන ඒවත් ගලනවා ඇතිය. වැඩට යන්නේ පෙම්වතිය බලන්නටය. සතුටින් උදෑසනින් වැඩට යන එක සතුටකි. නමුත් වැඩ කරන එක ගැන නම් දන්නේ නැතිය. හම්බුනේ නැතිනම් ඉවරය. කාර්යාලයේ පොඩි සේවකයා සිට පැමිණෙන මිනිසුන්ටද එයට විත්තිකරුවන් ය. කාර්යාල සේවක සමාජයේ එක්තරා පිරිසක් එසේ ය. ජීවත් වෙන්නේ ලෝක දෙකක ය. මෙය නම් සිහින ලෝකයක්මය.

හම්මේ......

1 comment: