Tuesday, November 11, 2014

බොගේ මකුළු දැල් කඩන ගමන්..



හම්මේ ඉතින් සෑහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩ වුනේ... බොගේ මකුළු දැලුත් බැඳිලා... - ඊස් ඇට් මකුළු දැල් කඩමින්. :3

මොනා කරන්නද සෑහෙන ප්‍රශ්ණ ගොඩකුත් එක්ක exam කියයි අරවයි මේවයි.. දෙය්යෝ දුන්න වගේ බොහොම නිදහසේ ඉන්න පුළුවන් ඕපිසියකට ට්‍රාන්සර් ආපු හින්දම මේ අවුරුද්දේ බොහොම අමාරුවෙන් cat ටිකට මැරීගෙන වැඩ කොරා ඇණ වෙච්ච ඒවා ටිකත් ගොඩ  දාගන්න කියල. ඔන්න ඉතින් ඒ අස්සේ කලින් පාර වැඩ කර කර හිටපු නුවර බ්‍රාන්ච් එකේ පොඩි කේස් එකක් ගිහින් හරියටම cat එකක් දවසෙම නුවර යන්න වුනා.. කමක් නෑ හවසනේ exam එක.. ගිහින් වැඩේ බලල පොල්ගොල්ලේ open එකට ගිහින් ලියනවා කියල හිත හදාගෙන ගියා..  (කියන්න බැරි වුණා.. open university එකේ මම ඩිග්රි එක කොරන්නේ ඈ..) ලාවට වගේ ඒකත් ගොඩ දාගත්ත කියමුකෝ.. කොහොම හරි computer programming practical එකකුත් අන්තිම පැය භාගේ ගිහින් බැනුම් කෝටියක් මැද්දේ ගැට ගහල ආව... හම්මේ ඉතින් කාට කියන්නද. distance education කියල... ජොබක් කරන උදවියට හොදයි කියල මාකටින් පාර දීගෙන කරන් යන open එක ගැන වෙනම කතා කරන්න පුළුවන් ඈ... management , law ඇරෙන්න Bsc, Engineering ඩිග්රි එකකටනම් ජොබක් එක්ක ලේසි නෑ පුතේ.. හම්මේ ඉතින්... කොහොම කොහොම හරි ඕව වුනේ මාස දෙක තුනකට කලින් හොදේ... ඔන්න ඊයේ ඉඳන් final පටන් ගත්ත... final වලට සති දෙක තුනකට කලින් eligible marks අවුට් කරනවා... eligible mark එක හැදෙන්නේ අපි ලියපු cat වලින්.. (අපි දන්නවා අපි දන්නවා කියල කෑගහන්න එපා දැන් නොදන්නා අයට කිව්වේ :v ) හත් වලාමයි.. නුවර ගිහින් කරපු cat වල ලකුණු එකතු වෙලා නෑ..!! මොන රෙද්දක්ද... සබ්ජෙක්ට් 3ක් ඩවුන්.. ගියා department... කතා කරා මොකද වෙලා තියෙන්නේ අහන්න....

මම ලියල තියෙන්නේ එක cat එකලු....!!!!

බැලින්නම් මම නුවර ලියපු cat වල marks එකතු වෙලා නෑ... මොනවද මේ වෙලා තියෙන්නේ....
මමත් පාඩුවේ කතාව විස්තර ඇතුව කිව්වා... මේ මිනිස්සු ඇඟට කඩන් පනින්න හදනවා.. මම කවදාවත් ලෙක්චර් එකක වත් දැකල නෑ ලු..

කොහොම ලෙක්චර් යන්නද සතියේ දවස් වල වැඩට නොයා... ඇයි සෙද්ද සෙනසුරාද ඉරිදා තියන ඒවාට අනිවා මම යනවා.. පුළුවන් හැම දවසෙම මම ගියානේ...

කියන්න සන්තෝසයි සහෝදරවරුනි/වරියනි.... මගේ ඉවසීමේ සිමාව කුඩු පට්ටම් වුණා...

ගත්ත රෙකොර්ඩ් බුක් එක අතට.... ඉරුව දෙකට මැදින්... දැම්ම කුණු කුඩෙට...

තොපේ degree එකත් මට එපා කියල බැස්ස එලියට!!!

මොනා කරන්නද.. ජොබත් එක්ක බෑ කරන්න...  පස්සේ දෙය්යනේ කියල ආරංචි වුණා BIT එක ගැන... දැම්ම ඒකට ඇප්ලිකේසොන්.. එකේ රෙජිස්ට්‍රෙසෝන් තිබ්බේ නුවර... බින්න බහින්න ඉන්න ගම්මනෙනේ කියල මමත් ඔන්න වෙන්ඩ වයිපරේ වත් ඇදගෙන ගියා රෙජිස්ට්‍රෙසෝන් වලට...

ඉතින් මිත්‍රවරුනි/වරියනිආයෙමත් කියන්න සන්තෝසයි.....හතර විලිලැජ්ජාවයි...ලියුමේ තියෙන්නේ 25 මම ගියේ 26!!! රැජින හෝටලේ වැඩ කරන සැහෙන පිරිසක් ඉදිරියේ ලජ්ජාවට පත් වුනේ අන්න එහෙමයි...

එදා තමා මට හිතුනේ මගේ හෙන හුරා කලින්ම ගේමට බැහැල කියලා...

ඉතින් මේ ටිකේ භාගයක් කාලයගත කොරේ ඔන්න ඔය අද්යාපන කටයුතු උදෙසා... ඒ අස්සේ ලාවට පොඩි බිස්නස් කේස් එකකටත් අත ගැහුවා... දැන් කාලේ එක ජොබක් කරන් ජීවත් වෙන්න හරි අමාරුනේ අප්පා.. ජාතියේ ආදරණිය පියානෝ පඩි වැඩි කරත් කවුද දන්නේ අනිත්ව හිටු කියල නග්ගනවනේ...

ඒ අස්සේ ඊයේ ඉඳන් පොඩි පින් අතේ වැඩකටත් අතගැහුවා... යාලුවෙක්ගෙ යාලුවෙක්ගෙ (ඔව් ඔව් ඩබල් යාලුවෙක්) තාත්ත කෙනෙක්ට වකුගඩුවක් බද්ධ කරන්න වෙලා. වැඩේට ලක්ෂ 10ක් විතර යනවා.. අමාරුවෙන් එකක් හොයාගෙන.. දැන් සල්ලි තමා ප්‍රශ්නේ වෙලා තියෙන්නේ... අපි කට්ටියක් එකතු වෙලා පොඩියට හරි උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ... මෙන්න විස්තර මේ event එකේ ඇති.. කැමති කෙනෙක් පුළුවන් උදව්වක් කරන්නල... කාගේ වුනත් ජීවිතයක්නේ.... සති 3ක් ඇතුලත ඔපරේසොන් එක කෙරෙන්න ඕනෑ... මෙන්නතව විස්තර...





ඕවා තමා ඉතින් වෙන්නේ මේ ටිකේ... පොස්ටු දෙක තුනක් දාන්නත් තියනවා.. කියන්න බොහෝ දේ තියනවා... එන්නම් ආයෙත්.. අනිත් බොගවල් පැත්තේ ගොඩ වෙන්නත් එපාය... රස කතා ගොඩක් තියනවා දැක්ක...

ටටා...

14 comments:

  1. හරි... එන්න බොග දාගෙනම

    ReplyDelete
    Replies
    1. එන්නම් එන්නම් ඒ පැත්තෙත්..

      Delete
  2. සන්තෝසයි....

    ආපහු වරෙන් ලියන්න අපිට කියවන්න....

    ReplyDelete
  3. රයිට් ආයිත් ලියමු...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  4. හ්ම්ම් ... ඩිග්රි කරන්න ගිහින් වෙච්ච දෙයක් ...දැන් BIT කරන්නෙත් නැද්ද ? BIT (UCSC ) නම් මම කලා තව ප්‍රොජෙට් එකක් විතරයි කරන්න තියෙන්නෙ එකෙන් ඉවරයි.ඔය සිහිනයත් ඒක කරන්න .හොඳයි :) .... එහෙනම් දැන් ලියමු ..ඉක්මනට ලියන්නෝ ...... ලිපියේ අන්තිමට දාපු විස්තර ගැන කියනවනම් යාලුවෙක් විදිහට මෙහෙම අසරණ වෙලාවේදී යාලුවෙක්ට උදව් කරන එක ගැන සතුටුයි බලමු අපිත් පුළුවන් විදිහට උදව් කරන්න :)

    ReplyDelete
    Replies
    1. හම්මේ එහෙමද... දැනුයි පටන් ගත්තේ.. මම ගොඩක් ආස ෆීල්ඩ් එකක්. බලමු. එත් තාම ට්‍රැක් ඒක අවුල් වගේ... :P

      Delete
  5. ඇති හැකි විදියට හැකි හැකි අයුරින් දෙන්නං තල්ලකුවක් සහෝ...........

    ReplyDelete
  6. ඇයි යකෝ, සුමාන තුනට මකුලුදැලුත් බැඳුනද ඕකෙ?

    පහල කාරණයේදී හැකි අයුරින් උපකාරයක් කරන්නට බලමු.
    Add a Gadget ක්‍රෙම්ට මුදුනෙන් දැම්මනං රිසල්ට් වැඩිවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. හැක හැක සුමාන තුන නිකන් අවුරුද්දක් වගේ දැක්කේ ආපු ගමන්... updates සෑහෙන ප්‍රමාණයක්.. මේ Google account එකට ලොග් උනේ ඊයේ...
      දැම්ම ඔන්න... පුළුවන් උදව්වක් කරන්න..

      Delete
  7. එහෙනම් ආයෙත් පට්....ටාආආආආආආආආන් ගමු ලියන්න.

    යාලුවටත් පුලුවන් විදියට හැමෝම එක්ක උදව් කරන්න උත්සාහ කරමු.

    ReplyDelete
  8. වෙල්කම් බැක් සිහින..

    ReplyDelete