Tuesday, October 21, 2014

දළදා මාලිගාවේ නියම උරුමක්කරුවන් කවුද???







 


"ආහ් මචන් දකුණු පැත්තේ කෙලවරේ ඉන්නේ එල කොල්ලෙක්..
උගේ අම්මට තාත්තා **** තියෙන්නේ ආතල් එකට සරමේ පිහදගන්න බැරි නිසා...
සොමියට ගහලා කරුමෙට වදපු උන්ගෙන් හොඳම උදාහරණේ මේකේ දකුණු පැත්තේ කෙලවර තියෙනවා...
දළදා මාලිගාව ඉස්සරහ තමන්ගේ පොෂ් ගතිය පෙන්නන්න ෆේස්බුක් එකට අප්ලෝඩ් කරන්න අර මොකද්දෝ ගොන් නිග්ගාද මොකද්ද කොට්ඨාශයක් කියලා පෙන්නන දාපු ෆොටෝ එකක් ඈ...
උන්ට දළදා මාලිගාවෙ දළදාව ඉස්සරහ ෆොටෝ ගහන්න දුන්නා නම් ධාතු කරඬුව දිහා බලාගෙන දිව එලියට දාලා පැත්තක් අංග විකල කරගෙන කම්මුලේ අත ගහගෙන
ඔව් ඔව් අර උඹලගේ භාෂාවෙන් කියනවා නම්
Fun photos දාවි Selfie අරගෙන...
අහක ඉන්න තම්බි නෙවි ඉස්සෙල්ලා මේ වගේ අවජාතක උන්ට පාඩමක් උගන්නල හිටියා නම් හොඳයි නෙහ්?
පාඩම උගන්නන විදිය නම් කරන්න ඕනි
මේක හැකිතාක් SHARE කිරීම පමණි..
එතකොටවත් මුන්ගේ ආතල් තැනට සුදුසු විදියට use කරයි නේ..? ආයේ මේ වගේ ගොන් ආතල් නොදෙන්න..

බලමු අපේ අයගෙන් ලැබෙන සපෝට් එක :)"


(ගත්තේ මෙතනින්: https://www.facebook.com/DvCreate/photos/a.376345622476842.1073741828.376337472477657/601565853288150/?type=1 )


ඔය තියෙන්නේ මේ දවස් වල බුකියේ කැරකෙමින් තියන පෝස්ටුවක්...
සිංහලෙන් කිව්වොත් මේ වගේ පක්කලි සෙට් එකක් දැක්කම මටත් අපූරු සිදුවීම් ටිකක් මතක් වුණා දළදා මාලිගාව සම්බන්ධව..

මේ අවුරුද්දේ මගේ උපන්දිනය දවසේ මමයි මගේ ආදරණිය වෙන්න වයිෆුයි ගියා දළදා මාලිගාවේ උදේ පුජාවට සහභාගී වෙන්න... පුජාවට සහභාගී වීමේ පරමාර්ථයෙන්ම පැමිණි නිසා අවස්ථාවට උචිත අයුරින් සැරසලා එන්න අමතක කරෙත් නෑ.. ඉතින් ඔන්න පුරුදු විදිහට රැජින හෝටලේ ඉදිරි පස තියන ගේට්ටුවෙන් ඇතුලට යන්න බලාගෙන මමයි එයයි දෙන්න පෝලිම් දෙකේ ඉන්නවා.. පිරිමි අය ඉන්න පෝලිම කොහොමත් ඉක්මනින් ගියේ පරික්ෂා කරන්න තරම් මහා ලොකු බඩු බාහිරාදිය උස්සන් යන්නේ නැති හින්ද වෙන්න ඇති. හැබැයි ඉතින් පොඩි ෂොපින් බෑග් එකක් අරන් ගියත් ඒකත් දිග ඇරලා බලන්නේ තමන්ගේ රාජකාරිය අකුරටම කරන නිසා වෙන්න ඇති.ඒත් කියන්න ඕනෑ එක්කෝ මේ පොලිස් මාමට ඉංගිරිසි බැරි හින්දද  නැත්නම් තාමත් සුද්දන්ට වැඳුම් පිඳුම් කරගෙන ඉන්න පරම්පරාවේ කෙනෙක්ද මන්දා... සුද්දෝ මොන තරම් ලොකු බෑග් උස්සන් ගියත් එකක් ඇරලා බලන්න තරම්වත් උනන්දුවක් මම නම් දැක්කේ නෑ.. 

"හෙලෝ ගුඩ් මොර්නින්ග්...." 
ඔව් බොහොම ගරු සරුව පිළිගන්නේ... 

අපේ එකාට...

"මේ මල්ලි... ඔය ෆෝන් off කරන් ඇතුලට යනවද... මේක පුජා භූමියක්..."

"මහත්තය මේ.... ඉක්මන් කරලා යනවද... තියන සේරම උස්සන් ඇවිත් ගමේ යනවා වගේ...."

හම්මේ ඉතින් නේද....කුසල් සිත් පහල වෙනවා ඇතුල් වෙද්දීම....

අනිත් පෝලිම පැත්තට හැරෙමු... එක්කෙනෙක් ඇතුලට යන්න සැහෙන වෙලාවක්.. පට්ට ට්‍රැෆික් එතන.. පිරිමි උදවිය අනිත් පැත්තට වෙලා බලාගෙන ඉන්නවා තමන්ගේ කාන්තා පිරිස එනකන්. ඒ අස්සේ කාන්තා නිලධාරිනියකගේ බොහොම මිහිරි කටහඬක් ඇහෙනවා...

"තැනකට එද්දී ඇඳන් එන්න දන්නේ නැද්ද...දනිස්ස ගාවටම කොටයි... මේක මොකක් කියලද හිතාගෙන ඉන්නේ.. ඇතුලට යන්න දෙන්න බෑ.."

"මොකට කරගහගෙන එනවද මන්දා... මෙහෙම තැනකට මේවා උස්සගෙන..."

අපේ පිටරට සංචාරක මහත්ම මහත්මීන්ට පෙර පරිදිමයි ඈ...  

දැන් එමුකො මගේ කාන්තා පාර්ශවේට මොකද උනේ කියලා.. ඔව් දෙය්යනේ කියල ඇඳුම ගැන නම් ඇනුම්පද අහගත්තෙ නෑ.. ඒත් බෑග් එකේ තිබ්බ චූටි පාර්සලයක්.. වෙන මුකුත් නෙමෙයි මගේ උපන්දිනේට දෙන්න ගත්ත චූටි තෑග්ගක්.. වෙන ඉතින් තෙල් බෝතලයක් හඳුන්කුරු වගේ දේවල් තමා.. මේ ගෑනි කියාපි.. 

"මේ මොකක්ද???"

"පොඩි ප්‍රසන්ට් එකක්.."

"මේක කොහොමද ගෙනියන්න දෙන්නේ.. ඇතුලට අරන් යනවනම් කඩල බලන්න වෙනවා..."

මේ ගෑනි හොලවලත් බලලා.. වෙන මුකුත් නෙමෙයි.. අත් ඔරලෝසුවක්... (මේ අවස්ථාවේ මම ඒක දන්නේ නෑ හරිය)

"අනේ බෑ ඒකනම් කරන්න..."

"එහෙනම් ආපහු යන එකයි ඇත්තේ.. කවුද දන්නේ මොනව් අරන් යනවද කියලා..." 

එහා පැත්තේ ඉඳන් මමත් අහගෙන කතාව.. 






ඔව් අපි දෙන්න ඉතින් ආපහු හැරිලා ආව... මාලිගාවේදැන් තත්වේ ඔන්න ඕකයි.. ඇතුලට යන තැන ඉඳන් මිනිස්සුන්ට සලකන්නේ ඔන්න ඔහොමයි.. හැබැයි කියන්න ඕනෑ ඔය අතරේ බොහොම අවංක.. ඒ වගේම මිනිස්සුන්ට බොහොම ගරු සරු ඇතුව..තමන් රාජකාරි කරන්නේ මොන වගේ තැනකද කියලතේරුම් අරන් රාජකාරී කරන මහත්තුරු ඕනෑ තරම් දැකල තියනවා... හැබැයි උඩදී මම කියපු ජාතියේ ඈයෝ ගේට්ටුවේ විතරක් නෙමෙයි උඩ මළුවේදී ත් දැක ගන්න පුළුවන්...'

ප්‍රශ්නේ මේකයි.. ඇතුල් වෙන සියලු දෙනාව පරික්ෂාවට ලක් කරන එක සර්ව සාධාරණයි... ඒ වගේම ගෙනියන හැම පාර්සලයක්ම, බෑග් එකක්ම පරික්ෂා කරන එක සර්ව සාධාරණයි.. මොකද මීට කලින් දළදා මාලිගවාට බොහොම දරුණු බෝම්බ ප්‍රහාරයකට මුහුණ දෙන්න සිදු වෙච්ච නිසා.. 



(http://upload.wikimedia.org/wikipedia/en/4/4d/Sri_Dalada_Maligawa_Attack_1.jpg)

ඒත්...

මාලිගාව ඇතුලට බෝම්බයක් වෙනත් ආයුධයක් ගෙනියන්න පුළුවන් සිංහල බෞද්ධයා ට විතරද??? නැත්නම් ශ්‍රී ලංකික පුරවැසියෙක්ට විතරද? එහෙමත් නැත්නම් මේක පිටරැටියන් ගේ බූදලයක් ද? ලංකාවේ මිනිහාට නිදහසේ යන්න නොදෙන.. සුද්දාට පාඩුවේ යන්න දෙන.. (ටිකට් පතක් ලබාගත්තත්) දළදා මාලිගාව දැන් සුද්දන්ට පමණක් විවර වූ සංචාරක කේන්ද්‍රස්ථානයක් පමණක් ද?

උඩ තියන ෆොටෝ එක ගැන කියනවනම්... ඔච්චර ආරක්ෂා කරන තැනක් නම්.. දනිස්ස ගාවටවත් ඇඳුමක් ඇඳන් එන්න දෙන්නේ නැත්නම් මුන් ටික පාත් වුනේ කොහෙන්ද??? ඇඳුම් වල වගේම අනිත් විච්චුරන වල සංවරකම පේනවනේ. සිංහලයන් ගේ මුදුන් මල්කඩ බඳු වූ දළදා මාලිගාවට ඇතුල් වෙන්න මුන් ට අවසර දුන්නේ මොන මල යකා ද කියල හොයල බලන්න වටිනවා...

වරද මුන්ගේ විතරක්ම නෙමෙයි.. මෙතනට ඔය විදිහට පැමිණෙන උදවිය ඕනෑ තරම් බලාගන්න පුළුවන්.. පොෂ් යැයි කියාගන්න උදවියට මාලිගාවේ ගේට්ටු ඕනෑම විදිහකට විවෘත වෙන අවට මිනිස්සුන්ට රහසක් නෙමෙයි... හොඳම උදාහරණය කිව්වොත් මෑත අවුරුදු කිහිපයක ඉඳන් ඉස්සර අපේ උදවිය නිදහසේ  පෙරහැර බලන්න තිබු ප්‍රදේශයේ ප්‍රභූ වරුන් වෙනුවෙන් විශාල අට්ටාලයක් ඉදිවීම පෙන්නලා දෙන්න පුළුවන්.. ඒ වගේම වටේ පිටේ කඩ සාප්පු වල අධික මිල ගණන් වලට ආසන අලවි වෙච්ච හැටි කාටවත් රහසක් නෙමෙයි. අහිංසක පොඩි මනුස්සය උදේ ඉඳන් පෙරහැර බලන්න පේමන්ට් වල කට්ට කනවා... 

ඇතුලේ තත්ත්වෙත් එහෙමම තමයි.. පොලිස් නිලධාරීන්ගේ සහ මාලිගාවේ වැඩ කරන උදවියගේ රැස් බලන්න ගිහාම ඇති වෙන්නේ මොන තරම් කුසල් සිතක්ද!!!!!!!!!!!! 

වයසක උදවියට බනින තරම්... තරුණ පරම්පරාව ගැන කෙසේ වෙතත් වයසට යනකොටම ලංකාවේ අපේ ආච්චිලා සීයලා වැඩි පුරම ඉන්නේ පන්සල් වල. දළදා වහන්සේ වැඳ පුදා ගන්න ඒ උදවිය එන්නේ සති ගණන් පෙ වෙලා නේද.. අපි කාටත්  වඩා ඒ උදවිය ගේ භක්තිය වැඩි... පැය ගණන් තැන් තැන් වල වාඩි වෙලා ගාථා සුත්‍ර කියමින් ඉන්නේ වෙන මගුලකටද.. අනික එහෙම ඉන්න කාගෙන් වත් අවසර ගන්න ඕනද... අපේ ආගමික ස්ථානයක.. එතනට එන අනිත් උදවියට කරදරයක් නොවෙන විදිහට වැඩ කරන්න දැන් මාලිගාවේ අවසර සිමා සහිතයි.. ඇත්ත තත්වය ඕකයි... 

මහා ලොකුවට ජාතිය ගැන ආගම ගැන කියවන අපේ අයියලට මේවා පේන්නෙත් නෑ.. ආගම අදහන්න වත්අපේ එවුන්ගෙන් නිදහස නැති එකේ අනිත් අය ගැන මොන කතාද.. අපේ ඒකාල ගැන මම කලිනුත් කියල තිබ්බ

මේක කිසිම කෙනෙක්ට මඩ ගහන්නවත්... කාගේවත් තරහව අවුස්සනවත් දාපු දෙයක් නෙමෙයි.. ෆොටෝ එක දැකල මම අද්දැකපු දේ පමණයි....

අනිවා කියන්න ඕනෑ, පස්සේ ඒ ෆොටෝ එක ගැන සමාව ඉල්ලලත් තිබ්බලු...




Friday, October 10, 2014

මට තාම මතකයි...❦❦❦



පොඩි කාලේ මම හරි ආසයි අම්ම අප්පච්චි ගාව දැවටී දැවටී ඉන්න.. ඒ දෙන්නගේ උණුහුමට තුරුල් වෙලා නිදියන්න. මට තාම මතකයි අප්පච්චි  වැඩ ඇරිලා ආවම මාව වඩාගෙන ගේ වටේම ඇවිදිනවා... ඒ කාලේ හීනයක් වගේ... බොඳ වෙච්ච මතක විතරයි... මට අවුරුදු දෙකේදී තුනේදී වෙච්ච සමහර දේවල් ඒ විදිහටම මතක එක ගැන අම්ම අදටත් පුදුම වෙනවා. මම දන්නේ නෑ සමහර විට ඒ දේවල් එක්ක මම ගොඩක් බැඳිලා හින්ද වෙන්න ඇති.... 
චූටි කාලේ ඉඳන්ම මම කවදාවත් දකින දකින දේ ඉල්ලලා අම්මට අප්පච්චිට කරදර කරලා නෑ.. හරියට එහෙම ඉල්ලන පරක්කුවට ඒ දේවල් අරන් දෙන්න තරම් වත්කමක් අප්පච්චිට නෑ කියල තේරුණු හින්දද කියලත් වෙලාවකට හිතෙනවා.. දවසක් අපි ගමේ ගිහින් එනකොට බස් ස්ටෑන්ඩ් එක ගාව කඩේක තිබ්බ පොඩි සෙල්ලම් සවලක් දැකල හොරෙන්ම අම්මගේ කනට කරලා අම්මේ මට අරක අරන් දෙන්නකෝ කියල කියද්දී අම්මගේ ඇස් දෙකට කඳුළු ආපු හැටි මට තාම මතකයි. "මෙච්චර අරුමෝසම් සෙල්ලම් බඩු තිබිලත් මගෙ පුතා ඉඳල ඉඳල ඉල්ලන්නෙත් මේ වගේ දේවල් නේද..." කියල අම්මට හිතෙන්න ඇති... ඒක මේස හැන්දකට වඩා ටිකක් ලොකු කොළ පාට සවලක්.. 
ඒත් කිසිම දවසක ඒ දෙන්න මට අඩුපාඩුවක් කරලා නෑ... මම ඉල්ලුවේ නැති වුනත් පුළුවන් හැම වේලාවෙම පොඩි හරි සෙල්ලම් බඩුවක්. කෑමක් බීමක් අරන් එන්න අප්පච්චි කවදාවත් අමතක කරේ නෑ...

ඒත්...... මල්ලි හම්බෙන්න ඉද්දි ඉඳන් හැමදේම වෙනස් වුණා වගේ... මාව ටිකෙන් ටික ඈත් වුණා.. මාස කීපයක් මාව මොන්ටිසෝරි එක්කන් ගිය අම්ම.. මොන්ටිසෝරි ඇරිලා එනකන් පේන මානේ ලොකු අම්ම එක්ක ඉඳගෙන හිටපු අම්මා ඊට පස්සේ ආවේ නෑ.. මාව එක්කෝ ලොකු අම්මයි ඒ මල්ලියි එක්ක යැව්වා.. නැත්නම් අප්පච්චි වැඩට යන ගමන් මාව එක්කන් ගිහින් මොන්ටිසෝරියේ තනි කරලා ආවා... මොන්ටිසෝරි ඇරිලා ලොකු අම්ම එක්ක යන එක අනිවාර්ය දෙයක් වුණා.. අනිත් ළමයි ඔක්කොම අම්මල එක්ක යද්දී මම තනියම.. මම මොන්ටිසොරියේදී කොච්චරක් නම් ඇඩුවද... ජනේලේ එල්ලිලා මොන්ටිසෝරි ඇරිලා ගෙදර යනකන් අඬපු එක තමයි කරේ.. ගෙදර ඇවිල්ලත් මොන්ටිසොරියේදී ඇඩුවා කියල හොඳටම ගුටි කෑවා.. ඒ කාපු කෑම අදටත් හොඳට මතකයි.. මම ගෙදර එද්දී අම්ම කොට්ටකුත් ලෑස්ති කරගෙනයි හිටියේ... තව දවසක් රෑ වෙනකම් අම්මයි අප්පච්චියි කතා නොකර හිටපු හැටි තාම මතකයි...

මල්ලි හම්බුනාට පස්සේ තවත් කොච්චර දේවල් වෙනස් වුනාද.. මාව පවුලෙන් කොන් වුණා වගේ... මල්ලිව හම්බුන දවසේ කුරුණෑගල සමුපකාර හොස්පිටල් එකට ගිය දවස තාම මතකයි.. අත්තම්මා ලොකු අම්මලානෑයෝ ගොඩයි.. මල්ලිව පොඩි ළමයි තියල තියන ඇඳක.. අම්ම කිව්වා පොඩ්ඩක් මේ කෝට්ටේ පැත්තකට කරලා අල්ල ගන්න කියලා.. ඒත් මගේ අතින් ඒක ලෙස්සල මල්ලිගේ ඇඟ උඩට වැටුනා.. හැමෝම මට එදා හිනා වුණා දැන් ඉඳලම මල්ලිට කරදර කරනවද කියල.. ඒ වෙලේ ඉඳන් මට මල්ලි ගැන පුදුම වෛරයක් ඇති වුනේ....

මම ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ මාව අත්තම්මලගේ ගෙදර නතර කරා.. ඊට පස්සේ මම තවත් ගෙදරින් ඈත් වුණා.. සෙනසුරාදා ඉරිදා දවස් වල විතරයි ගෙදර.. මට දැනුනේ ගෙදර අයට මාව කරදරයක් වගේ... ඒ ඈත් වුනු ඈත් විල්ල හැමදාටම එහෙමයි.. අදටත්... මගේ හිතේ තියන දේවල් මාත් එක්කම තියාගත්තා.. කිසි කෙනෙක්ට කිව්වේ නෑ.. ගෙදර ඉද්දි මල්ලි මොන දේට ඇඩුවත් බැනුම් ඇහුවේ මම.. එයා ගැන තිබ්බ වෛරය තවත් වැඩිවෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති...ඒ කාලේදී ගෙදර ඉද්දි මම නිදාගත්තේ තනියම...අම්ම අප්පච්චි මල්ලි එක්ක වෙනම..ඒ කලේ මම කළුවරට ගොඩක්ම බයයි.. මට නින්ද යනකන් අප්පච්චි ලඟට වෙලා හිටියත්.. රෑට මට ඇහැරුනාම මම තනියම අඩලා තියන වාර අනන්තයි... මගේ හිතේ තියන දේවල් කියාගන්න බැරුව හිරකරන් ඉන්න බැරුව අඩපු වාර අනන්තයි... ඒ කාලේ ඉඳන්ම ගෙදර මම හිටියේ තනියම.. මම ගොඩක් නිශ්ශබ්ද චරිතයක් වුනේ එහෙම... ඉස්කෝලෙදි වුනත් සිද්ධ වුන දෙයක් කියාගන්න කෙනෙක්වත් නැති තරම්. අම්ම ඒ දේවල් මගෙන් ඇහුවත් මට කියාගන්න බෑ.. ඒවා කියන්න තරම් ලෙන්ගතු කමක් නෑ කියල මට දැනුනේ.. අදටත් ඒ හැඟීම එහෙමමයි...

මට තවමත් මතකයි මල්ලි මොන්ටිසෝරි යන කාලේ... අම්ම මල්ලි එක්ක මොන්ටිසෝරියේ ට්‍රිප් එක ගියා... උදේ පාන්දරම අම්මයි මල්ලියි අප්පච්චි එක්ක මොන්ටිසොරිය ගාවටගියා.. යන්න කලින් අම්ම මම නිදාගෙන හිටිය තැනට ආවා.. මම හොර නින්දක් නිදාගෙන හිටියේ.. "ගිහින් එන්නම් මගේ පුතේ.." කියල අම්ම මගේ ඔලුව ඉම්බා... මගේ ඇස් දෙකෙන් පැනපු කඳුළු හංගගන්න මම කොට්ටෙට මුණ තද කරගත්තා.. අවුරුදු ගානකට පස්සේ එදා තමයි අම්ම එහෙම කරේ.. මම අඩුවේ දුකටද සතුටටද මන්දා.. ඒත් ඒ සිදුවීම කවදාවත් අමතක වෙන්නේ නම් නෑ...


me aloneගොඩක් අය ඉස්සර ඉඳන්ම මට බනිනවා මගේ හරි ලොකු කම කියල.. ඒත් ඇත්තටම මම ගොඩක් නිශ්ශබ්ද වෙලා... සමහර විට මුළු පවුලෙන්ම කොන් වෙච්ච චරිතයක් වුනු හින්දද දන්නේ නෑ.. හැබැයි කොයි වෙලේ වත් අම්ම අප්පච්චි මට අඩුපාඩුවක් වෙන්න දුන්නේ නෑ.. කෑම බිම ඇඳුම් පැළදුම් විතරක් නෙමෙයි. ඉගෙනීම පැත්තෙනුත් මාව පුළුවන් උපරිමේට යවන්න ඒ අය ගොඩක් මහන්සි වුණා.. ඒත් මම එයාලගෙන් බලාපොරොත්තු වෙච්ච ආදරේ කවදාවත් මට ලැබුනෙ නෑ.. මොන දේවල් කරත් ඒ ආදරේ අඩුව මකන්න බෑ...
අදට වුනත් අප්පච්චි මම අතරේ දවසකට වචන 10 කට වඩා කතා කරන්නේ නෑ... එහෙම වුවමනා වෙලත් නෑ..  මම දන්නේ නෑ ඇයි කියල.. මල්ලි ඉපදුනාට පස්සේ මට අප්පච්චිව පෙනුනේ ගොඩක් දරුණු කෙනෙක් වගේ... පුළුවන් තරම් මඟ ඇරලා ඉන්න බලපු චරිතයක් වුණා ඒක... සමහර විට ඒ චරිතයේ වෙනස් වීම හින්ද මම මඟ ඇරියා වෙන්න පුළුවන්. 

අදටත් අම්ම බනිනවා මම ඉන්නේ ගෙදර බෝඩිම් කාරයෙක් වගේ කියලා.. ඒත් මට ගෙදර අය එක්ක කතා කරන්න තරම් දෙයක් නෑ.. උවමනාවකුත් නෑ.. ඒ තරම්ම මම ගෙදරින් ඈත් වෙලා... සමාජෙන් පුළුවන් තරම් ඈත් වෙලා ජීවත් වෙන්න දැන් මම පුරුදු වෙලා... දවස් ගානක් වුනත් කාත් කවුරුවත් නැති තැනක ඉන්න තරම් දැන් පුරුදු වෙලා.. මගේම හීන ලෝකෙක තනියම ජීවත් වෙන්න තරම් දැන් මම පුරුදු වෙලා.. කිසිම දේකට ඕනෑවට වඩා ලං කරගන්න එකේ වේදනාව නිතරම මගේ හිත මටම මතක් කරලා දෙනවා.. ජීවිතේ කිසිම වෙලාවක කිසිම දේකට ඕනෑවට වඩා ආදරේ කරාම දැනෙන වේදනාව ජීවිතෙන්ම මට මතක් කරලා දෙනවා... ඇත්තටම කිසිම දේකට ඕනවට වඩා ඇලුම් නොකර ඉද්දි ජීවිතේ පුදුමාකාර නිදහසක් විඳින්න පුළුවන්... දැන් මට ඒක තේරුම් ගන්න පුළුවන්... පුදුමාකාර නිදහසක්....

සමහර විට පවුලේ වැඩිමලා විදිහට ඒ වගේ අද්දැකීම් ගොඩ දෙනෙක්ට ඇති... වෙලාවකට ඉරිසියාවටද කියලත් හිතෙනවා.. ඒත් සමහර විට ඒ වෙනස් වීම පොඩි ළමයෙක් විදිහට ඒ කාලේ ලොකු කම්පනයක් වෙන්න ඇති.. නැත්නම් ඒ වෙනස දරාගන්න තරම් අමාරු වෙන්න ඇති.. තාමත් මගේ හිතේ ඒ හැඟීම් ඒ වෛරය ඒ විදිහටම තියෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති. ඒත් ඒ අද්දැකීම් කෙනෙක්ගේ ජීවිතේ වෙනස් කරන හැටි හරි පුදුමාකාරයි...

 මොන දේ වුනත්, මම තවමත් ආසයි මගේ හිත ඇතුලේ හොල්මන් කර කර තියෙන, මට ලැබුණු ඒ අම්මගේ අප්පච්චිගේ ආදරේ, ඒ උණුහුම ආයෙත් එක දවසක් හරි ලබාගන්න පුලුවන්නම්.... ඔව් මම ඕනෑ දෙයක් කරන්න ලෑස්තියි ඒ වෙනුවෙන්...

family

Photos: http://ar2.in/wp-content/uploads/2013/07/sadboy.png
             http://fc08.deviantart.net/fs71/i/2013/126/3/5/sad_boy_by_adorkable_mandie-d64dppi.jpg
Related Posts Plugin for WordPress, Blogger...