Tuesday, November 18, 2014

වි පස්ස යේ පොදු අපේක්ෂකයෙක් සතු විය යුතු ගුණාංග....

පොදු අපේක්ෂකයෙක් සතු විය යුතු ගුණාංග....

  1.  සිංහල බෞද්ධයෙක් විය යුතුය.
  2.  සියලු ජාතින් ඒකරාශී කල හැකි අයෙක් විය යුතුය.
  3. මනා පෞර්ෂයක් තිබිය යුතුය.
  4. ලංකාවේ සංස්කෘතිය ඉතිහාසය පිලිබඳ විශේෂඥ දැනුමක් තිබිය යුතුය.
  5.  රටේ පවතින සංවර්ධනය නොගැලපෙන බව පෙන්වා නව සංවර්ධන මාවතක් පෙන්වීමට අවශ්‍ය දැනුම සහ හැකියාව තිබිය යුතුය.
  6. ප්‍රතිවාදියා එල්ල කරන ඕනෑම ප්‍රශ්නයකට තමාට වාසි අන්දමින් පිළිතුරු දීමට තරම් දක්ෂයෙක් විය යුතුය.  
  7. අවශ්‍ය විටෙක උඩු රැවුල වැවිය හැකි අයෙක් විය යුතුය.(අපේක්ෂිකාවක් නම් අදාළ නොවේ)
  8. රෙදි ඇදීමට හැකි විය යුතුය.
(තව තියනවනම් දාන්ඩ කො... ඔච්චරයි මතක් වෙන්නේ.. )

ඉතින් දැන් වි පස්ස ය කල යුත්තේ පොදු අපේක්ෂකයෙක් වෙනුවෙන් මරාගැනීම නොව මේ ගති ගුණ ඇති පුද්ගලයෙක් සෙවීමය. 

(මෙය හුදෙක් විනෝදාස්වාදය උදෙසා දැමු පොස්ටුවක් පමණක් බව කරුණාවෙන් සලකන්න. )

18 comments:

  1. දැන් ඉතින් හොයමුකො මෙහෙම කෙනෙක්..... හෙන අමාරු වැඩක් වේවි හොඳේ ... :P

    ReplyDelete
  2. ලැජ්ජාවක් නැත් විය යුතුය

    පරදුනු විට හිරේ යාමට සූදානං විය යුතුය..

    මට මතක් ව්ොන් නා ඔ්යි.. ලැප් එක කැරැෙකනවිා

    ජ ට ය් ෙය්යාවෙව!!

    ReplyDelete
    Replies
    1. //ජ ට ය් ෙය්යාවෙව!!// ???

      Delete
    2. කී බෝඩ් එක දෙකක් දාලා

      Delete
    3. //ජ ට ය් ෙය්යාවෙව!!// එහෙමත් වෙනවද?? ඔව් ඔව් ඒ ටිකත් එකතු වෙන්ට ඕන තමා..

      Delete
    4. පරදුනු විට හිරේ යාමට සූදානං විය යුතුය..

      මේක තමයි අත්‍යාවශ්‍ය

      Delete
  3. බිළිඳන් ඇකයෙන් ගැනීම
    නාභිය ප්‍රතිචක්‍රීකරණය
    හෘද ශාක්ෂියට මිටින් ගසා ගැනීම

    ReplyDelete
    Replies
    1. //නාභිය ප්‍රතිචක්‍රීකරණය// ඒ මොකක්ද?

      Delete
    2. බුරියෙන් අල්ලා කරකැවීම

      Delete
  4. තමන්ට එහෙහි වන නිලධාරින් මල් මැදුරට කැදවා භයානක ලෙස බය කල යුතුය

    ReplyDelete
    Replies
    1. දන්සල් වන්දනා කරාම ඇති.. :D

      Delete
  5. කියන්න නම් දේවල් එමටයි අප්පා.

    ReplyDelete
    Replies
    1. කියන්න කියන්න...

      Delete
    2. කියල කුමට. කවදාවත් අපිට එහෙම රජෙක් පහල වෙයියෑ..

      Delete
  6. ගමේ බයියෙක් විය යුතුය

    ReplyDelete
  7. රනිල්ට පුලුවන් 1 සහ 2.
    3 ඇත්තේම නැත. අනික්වාද නෑ/බෑ වගේ. අපෝ වැරදුනා. 4 විකෘති කරන්ට ඇහැකි. 5 ඇහැකි. අනෙක්වානං බෑ. මං මේ තරහකට කියනවා නෙවෙයි. මේවා උන්නැහැ හදාගන්ට ඕනි තැන්. බලපල්ලකො පත්තරයක් අරං කතාව කියවලා. වාක්‍යයක් දෙකක් කියලා තව වාක්‍ය දෙක තුනක් හිතින් කියවනවා. ආයි වාක්‍යයක් කියනවා. දැං අර මුල් වාක්‍ය වලට මේක පෑහෙන්නෙ කොතනද කියල අහං ඉන්න මිනිස්සු බලනවා. මෙතන තමා අවුල. අන්න ඒකටත් එක්ක ලොක්කා.

    ReplyDelete
  8. සැඟවූ ෆයිල් එළියට නො එන ලෙස කටයුතු සැලැස්වීමට හැකි විය යුතුය...

    ReplyDelete