Tuesday, October 21, 2014

දළදා මාලිගාවේ නියම උරුමක්කරුවන් කවුද???







 


"ආහ් මචන් දකුණු පැත්තේ කෙලවරේ ඉන්නේ එල කොල්ලෙක්..
උගේ අම්මට තාත්තා **** තියෙන්නේ ආතල් එකට සරමේ පිහදගන්න බැරි නිසා...
සොමියට ගහලා කරුමෙට වදපු උන්ගෙන් හොඳම උදාහරණේ මේකේ දකුණු පැත්තේ කෙලවර තියෙනවා...
දළදා මාලිගාව ඉස්සරහ තමන්ගේ පොෂ් ගතිය පෙන්නන්න ෆේස්බුක් එකට අප්ලෝඩ් කරන්න අර මොකද්දෝ ගොන් නිග්ගාද මොකද්ද කොට්ඨාශයක් කියලා පෙන්නන දාපු ෆොටෝ එකක් ඈ...
උන්ට දළදා මාලිගාවෙ දළදාව ඉස්සරහ ෆොටෝ ගහන්න දුන්නා නම් ධාතු කරඬුව දිහා බලාගෙන දිව එලියට දාලා පැත්තක් අංග විකල කරගෙන කම්මුලේ අත ගහගෙන
ඔව් ඔව් අර උඹලගේ භාෂාවෙන් කියනවා නම්
Fun photos දාවි Selfie අරගෙන...
අහක ඉන්න තම්බි නෙවි ඉස්සෙල්ලා මේ වගේ අවජාතක උන්ට පාඩමක් උගන්නල හිටියා නම් හොඳයි නෙහ්?
පාඩම උගන්නන විදිය නම් කරන්න ඕනි
මේක හැකිතාක් SHARE කිරීම පමණි..
එතකොටවත් මුන්ගේ ආතල් තැනට සුදුසු විදියට use කරයි නේ..? ආයේ මේ වගේ ගොන් ආතල් නොදෙන්න..

බලමු අපේ අයගෙන් ලැබෙන සපෝට් එක :)"


(ගත්තේ මෙතනින්: https://www.facebook.com/DvCreate/photos/a.376345622476842.1073741828.376337472477657/601565853288150/?type=1 )


ඔය තියෙන්නේ මේ දවස් වල බුකියේ කැරකෙමින් තියන පෝස්ටුවක්...
සිංහලෙන් කිව්වොත් මේ වගේ පක්කලි සෙට් එකක් දැක්කම මටත් අපූරු සිදුවීම් ටිකක් මතක් වුණා දළදා මාලිගාව සම්බන්ධව..

මේ අවුරුද්දේ මගේ උපන්දිනය දවසේ මමයි මගේ ආදරණිය වෙන්න වයිෆුයි ගියා දළදා මාලිගාවේ උදේ පුජාවට සහභාගී වෙන්න... පුජාවට සහභාගී වීමේ පරමාර්ථයෙන්ම පැමිණි නිසා අවස්ථාවට උචිත අයුරින් සැරසලා එන්න අමතක කරෙත් නෑ.. ඉතින් ඔන්න පුරුදු විදිහට රැජින හෝටලේ ඉදිරි පස තියන ගේට්ටුවෙන් ඇතුලට යන්න බලාගෙන මමයි එයයි දෙන්න පෝලිම් දෙකේ ඉන්නවා.. පිරිමි අය ඉන්න පෝලිම කොහොමත් ඉක්මනින් ගියේ පරික්ෂා කරන්න තරම් මහා ලොකු බඩු බාහිරාදිය උස්සන් යන්නේ නැති හින්ද වෙන්න ඇති. හැබැයි ඉතින් පොඩි ෂොපින් බෑග් එකක් අරන් ගියත් ඒකත් දිග ඇරලා බලන්නේ තමන්ගේ රාජකාරිය අකුරටම කරන නිසා වෙන්න ඇති.ඒත් කියන්න ඕනෑ එක්කෝ මේ පොලිස් මාමට ඉංගිරිසි බැරි හින්දද  නැත්නම් තාමත් සුද්දන්ට වැඳුම් පිඳුම් කරගෙන ඉන්න පරම්පරාවේ කෙනෙක්ද මන්දා... සුද්දෝ මොන තරම් ලොකු බෑග් උස්සන් ගියත් එකක් ඇරලා බලන්න තරම්වත් උනන්දුවක් මම නම් දැක්කේ නෑ.. 

"හෙලෝ ගුඩ් මොර්නින්ග්...." 
ඔව් බොහොම ගරු සරුව පිළිගන්නේ... 

අපේ එකාට...

"මේ මල්ලි... ඔය ෆෝන් off කරන් ඇතුලට යනවද... මේක පුජා භූමියක්..."

"මහත්තය මේ.... ඉක්මන් කරලා යනවද... තියන සේරම උස්සන් ඇවිත් ගමේ යනවා වගේ...."

හම්මේ ඉතින් නේද....කුසල් සිත් පහල වෙනවා ඇතුල් වෙද්දීම....

අනිත් පෝලිම පැත්තට හැරෙමු... එක්කෙනෙක් ඇතුලට යන්න සැහෙන වෙලාවක්.. පට්ට ට්‍රැෆික් එතන.. පිරිමි උදවිය අනිත් පැත්තට වෙලා බලාගෙන ඉන්නවා තමන්ගේ කාන්තා පිරිස එනකන්. ඒ අස්සේ කාන්තා නිලධාරිනියකගේ බොහොම මිහිරි කටහඬක් ඇහෙනවා...

"තැනකට එද්දී ඇඳන් එන්න දන්නේ නැද්ද...දනිස්ස ගාවටම කොටයි... මේක මොකක් කියලද හිතාගෙන ඉන්නේ.. ඇතුලට යන්න දෙන්න බෑ.."

"මොකට කරගහගෙන එනවද මන්දා... මෙහෙම තැනකට මේවා උස්සගෙන..."

අපේ පිටරට සංචාරක මහත්ම මහත්මීන්ට පෙර පරිදිමයි ඈ...  

දැන් එමුකො මගේ කාන්තා පාර්ශවේට මොකද උනේ කියලා.. ඔව් දෙය්යනේ කියල ඇඳුම ගැන නම් ඇනුම්පද අහගත්තෙ නෑ.. ඒත් බෑග් එකේ තිබ්බ චූටි පාර්සලයක්.. වෙන මුකුත් නෙමෙයි මගේ උපන්දිනේට දෙන්න ගත්ත චූටි තෑග්ගක්.. වෙන ඉතින් තෙල් බෝතලයක් හඳුන්කුරු වගේ දේවල් තමා.. මේ ගෑනි කියාපි.. 

"මේ මොකක්ද???"

"පොඩි ප්‍රසන්ට් එකක්.."

"මේක කොහොමද ගෙනියන්න දෙන්නේ.. ඇතුලට අරන් යනවනම් කඩල බලන්න වෙනවා..."

මේ ගෑනි හොලවලත් බලලා.. වෙන මුකුත් නෙමෙයි.. අත් ඔරලෝසුවක්... (මේ අවස්ථාවේ මම ඒක දන්නේ නෑ හරිය)

"අනේ බෑ ඒකනම් කරන්න..."

"එහෙනම් ආපහු යන එකයි ඇත්තේ.. කවුද දන්නේ මොනව් අරන් යනවද කියලා..." 

එහා පැත්තේ ඉඳන් මමත් අහගෙන කතාව.. 






ඔව් අපි දෙන්න ඉතින් ආපහු හැරිලා ආව... මාලිගාවේදැන් තත්වේ ඔන්න ඕකයි.. ඇතුලට යන තැන ඉඳන් මිනිස්සුන්ට සලකන්නේ ඔන්න ඔහොමයි.. හැබැයි කියන්න ඕනෑ ඔය අතරේ බොහොම අවංක.. ඒ වගේම මිනිස්සුන්ට බොහොම ගරු සරු ඇතුව..තමන් රාජකාරි කරන්නේ මොන වගේ තැනකද කියලතේරුම් අරන් රාජකාරී කරන මහත්තුරු ඕනෑ තරම් දැකල තියනවා... හැබැයි උඩදී මම කියපු ජාතියේ ඈයෝ ගේට්ටුවේ විතරක් නෙමෙයි උඩ මළුවේදී ත් දැක ගන්න පුළුවන්...'

ප්‍රශ්නේ මේකයි.. ඇතුල් වෙන සියලු දෙනාව පරික්ෂාවට ලක් කරන එක සර්ව සාධාරණයි... ඒ වගේම ගෙනියන හැම පාර්සලයක්ම, බෑග් එකක්ම පරික්ෂා කරන එක සර්ව සාධාරණයි.. මොකද මීට කලින් දළදා මාලිගවාට බොහොම දරුණු බෝම්බ ප්‍රහාරයකට මුහුණ දෙන්න සිදු වෙච්ච නිසා.. 



(http://upload.wikimedia.org/wikipedia/en/4/4d/Sri_Dalada_Maligawa_Attack_1.jpg)

ඒත්...

මාලිගාව ඇතුලට බෝම්බයක් වෙනත් ආයුධයක් ගෙනියන්න පුළුවන් සිංහල බෞද්ධයා ට විතරද??? නැත්නම් ශ්‍රී ලංකික පුරවැසියෙක්ට විතරද? එහෙමත් නැත්නම් මේක පිටරැටියන් ගේ බූදලයක් ද? ලංකාවේ මිනිහාට නිදහසේ යන්න නොදෙන.. සුද්දාට පාඩුවේ යන්න දෙන.. (ටිකට් පතක් ලබාගත්තත්) දළදා මාලිගාව දැන් සුද්දන්ට පමණක් විවර වූ සංචාරක කේන්ද්‍රස්ථානයක් පමණක් ද?

උඩ තියන ෆොටෝ එක ගැන කියනවනම්... ඔච්චර ආරක්ෂා කරන තැනක් නම්.. දනිස්ස ගාවටවත් ඇඳුමක් ඇඳන් එන්න දෙන්නේ නැත්නම් මුන් ටික පාත් වුනේ කොහෙන්ද??? ඇඳුම් වල වගේම අනිත් විච්චුරන වල සංවරකම පේනවනේ. සිංහලයන් ගේ මුදුන් මල්කඩ බඳු වූ දළදා මාලිගාවට ඇතුල් වෙන්න මුන් ට අවසර දුන්නේ මොන මල යකා ද කියල හොයල බලන්න වටිනවා...

වරද මුන්ගේ විතරක්ම නෙමෙයි.. මෙතනට ඔය විදිහට පැමිණෙන උදවිය ඕනෑ තරම් බලාගන්න පුළුවන්.. පොෂ් යැයි කියාගන්න උදවියට මාලිගාවේ ගේට්ටු ඕනෑම විදිහකට විවෘත වෙන අවට මිනිස්සුන්ට රහසක් නෙමෙයි... හොඳම උදාහරණය කිව්වොත් මෑත අවුරුදු කිහිපයක ඉඳන් ඉස්සර අපේ උදවිය නිදහසේ  පෙරහැර බලන්න තිබු ප්‍රදේශයේ ප්‍රභූ වරුන් වෙනුවෙන් විශාල අට්ටාලයක් ඉදිවීම පෙන්නලා දෙන්න පුළුවන්.. ඒ වගේම වටේ පිටේ කඩ සාප්පු වල අධික මිල ගණන් වලට ආසන අලවි වෙච්ච හැටි කාටවත් රහසක් නෙමෙයි. අහිංසක පොඩි මනුස්සය උදේ ඉඳන් පෙරහැර බලන්න පේමන්ට් වල කට්ට කනවා... 

ඇතුලේ තත්ත්වෙත් එහෙමම තමයි.. පොලිස් නිලධාරීන්ගේ සහ මාලිගාවේ වැඩ කරන උදවියගේ රැස් බලන්න ගිහාම ඇති වෙන්නේ මොන තරම් කුසල් සිතක්ද!!!!!!!!!!!! 

වයසක උදවියට බනින තරම්... තරුණ පරම්පරාව ගැන කෙසේ වෙතත් වයසට යනකොටම ලංකාවේ අපේ ආච්චිලා සීයලා වැඩි පුරම ඉන්නේ පන්සල් වල. දළදා වහන්සේ වැඳ පුදා ගන්න ඒ උදවිය එන්නේ සති ගණන් පෙ වෙලා නේද.. අපි කාටත්  වඩා ඒ උදවිය ගේ භක්තිය වැඩි... පැය ගණන් තැන් තැන් වල වාඩි වෙලා ගාථා සුත්‍ර කියමින් ඉන්නේ වෙන මගුලකටද.. අනික එහෙම ඉන්න කාගෙන් වත් අවසර ගන්න ඕනද... අපේ ආගමික ස්ථානයක.. එතනට එන අනිත් උදවියට කරදරයක් නොවෙන විදිහට වැඩ කරන්න දැන් මාලිගාවේ අවසර සිමා සහිතයි.. ඇත්ත තත්වය ඕකයි... 

මහා ලොකුවට ජාතිය ගැන ආගම ගැන කියවන අපේ අයියලට මේවා පේන්නෙත් නෑ.. ආගම අදහන්න වත්අපේ එවුන්ගෙන් නිදහස නැති එකේ අනිත් අය ගැන මොන කතාද.. අපේ ඒකාල ගැන මම කලිනුත් කියල තිබ්බ

මේක කිසිම කෙනෙක්ට මඩ ගහන්නවත්... කාගේවත් තරහව අවුස්සනවත් දාපු දෙයක් නෙමෙයි.. ෆොටෝ එක දැකල මම අද්දැකපු දේ පමණයි....

අනිවා කියන්න ඕනෑ, පස්සේ ඒ ෆොටෝ එක ගැන සමාව ඉල්ලලත් තිබ්බලු...




28 comments:

  1. අනේ මංද බං....
    පිස්සු විකාර වෙනව මේවට උත්තර දෙන්න ගියාම...
    හුගක් පොස් කියන උං සහ නිලදාරි කියන උං ඔක්ක එකයි..

    ReplyDelete
    Replies
    1. නැතුව.. අපිට උන්ව එපා වෙනවා උන්ට අපිව එපා..

      Delete
  2. ඔය වගේ අයිතිකාරයෝ තමා සිරිමා බෝධියේ හරේ මෙහේ හැම තැනම ඉන්නේ. උන් බුදුන්ටත් ඉහලින් හිතන අය... මම සෝටක් ගහගෙන සිරිමා බෝධීයට ගියමු වෙලාවේ යන්න දුන්නෑ.. (වෙන තැනක්ද මන්දා.. ) ඒ පාර සරමක් ඇදගෙන ඒක කැහිපට ගහගෙන ගිහිල්ල තවත් උඩට උස්සගෙන හොදටම වැන්දා.. එතකොට පොරක් ඇවිත් සරම පහලට දාන්න කිව්වා. මම බෝම සැරෙන් කිව්වා මම වදිනවා.. ඔයා පස්සේ එන්න කියලා.. හැක්..

    ReplyDelete
    Replies
    1. හපොයි.. අදහන්න වටින පොරක් නේ.. පස්සේ ආවද ඉතින්?

      Delete
  3. මචන් සිහින බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්දැද්දිම චිංචිමානවිකාව දෙව්රම් වෙහෙර ඇතුලට ආවේ බන්, ඕවා මොනවාද? උඹට අවුල්ද? මට එහෙම නැහැනේ බන්, මම හිතන්නේ දලදාවටත් ඔය වැඩ වලින් කිසිම අවුලක් නැහැ කියලා, අඩුම තරමේ දැන් බුදු හාමුදුරුවෝ හිටියත් මෙවුන්ට මොකවත් කියන එකක් නැහැ.

    පොඩි සිනහවක් පහල වෙයි, එවෙලාවට ආනන්ද හාමුදුරුවෝ අහයි ඔබ වහන්සේ සිනහ පහල කලේ ඇයි කියලා.

    රකින ඇත්තෝ ගැන නම් කියන්න තියෙන්නේ ඒ ඇත්තෝ ඉන්නේ සමහරක් විට විවිධ ආතතීන්ගෙන්, ආව තමා පිට වෙන්නේ ඔයාලා හරහා, සුද්දන්ට එහෙම නොවන්නේ බහුතරයකට කඩද බැරි නිසා, අනික අන්ධ භක්තිය එක ඊට හපන්.

    ReplyDelete
    Replies
    1. මොනවා වුනත් නියම බුද්ධ ධර්මය තව තියෙන්නේ බොහොම පොඩි කාලයයි.. ඉතින් අවුල් තමා..

      Delete
  4. ඔය පූජාභූමි හැම එකකටම වගේ අයිතිකාරයෝ ඉන්නවා තොග ගානට , ඒ ගැන කතා කරලත් වැඩක් නෑ,

    ඔය ෆොටෝ කතාවනම් ගණන් ගන්න නරකයි ,මෙහෙම කරාම තවත් උන්ට ලැබෙන්නේ ප්‍රචාරයක්, එක ගණන් උලුප්පලා පෙන්නන්න නරකයි . මෝඩ කමට බෙහෙත් නැත. උද්දච්ච කමටද බෙහෙත් නැත.

    ReplyDelete
    Replies
    1. මොනවා වුනත් මුන් සමාව ගත්ත එකනම් වටිනවා...

      Delete
  5. අපේ ඉස්කෝලෙ සර් කෙනෙකුටත් ඔය වගේ වැඩක් වෙලා තියෙනවා දළදා මාළිගාවෙදි. අට වසරෙ ඉගෙන ගන්න සර් ගෙ පුතා ගිහින් තියෙන්නෙ කොට කලිසමක් ඇඳගෙන. අර මිනිස්සුන්ව පරීක්ෂා කරන තැනදි ඒ කොල්ලට ඇතුලට යන්න දීල නැහැ ඇඳුම කොට වැඩියි කියල. හැබැයි ඇඟට හිරවෙච්ච දිග ඩෙනිමක් ඇඳ ගත්තු කෙල්ලෙකුට යන්න දීල. අර පොලිස් කාරයො බලල තියෙන්නෙ ඇඳුමෙ දිග පළල මිසක් තැනට ගැලපෙන නොගැලපෙන භාවය නෙවෙයි.

    අන්තිමට සර් කොහොමහරි දිග කලිසමක් අන්දවගෙන කොල්ලව ඇතුලට අරගෙන ගිහින්. හැබැයි ඒ යන ගමන් පොලිස් කාරයට කියල තියෙනව " නවය වසරට යනකල් ඉස්කෝල වල ළමයින්ට විළි සංගෙ නැති කොට කලිසම් අන්දවන එක හරි වැරදියි නේද...? උන්ටත් එක වසරෙ ඉඳන්ම දිග කලිසම් ඇන්දුවනම් සභ්‍යත්වය ‍රැකෙනව නේද..?" කියල.

    පොලිස් කාරය දුන්න උත්තරේ මොකද්ද කියල නම් සර් අපිට කිව්වෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ උත්තරෙත් අහගන්න තිබ්බනම් වටිනවා... උන් වැඩ කරන්නේ අට පාස් වෙලාවත් නෑ වගේ නේ.. අනික කොයි ඒකත් ගෑනුන්ගේ අරක දැක්කම නැමෙනවා... අපිට තමා රෙස්පට්.

      Delete
  6. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ.. පිස්සු මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. නෑ... අපේ එවුන්ට ඔය තැන එපා කරන්න කරන වැඩ.

      Delete
  7. දැන් නම් ප්‍රසිද්ධ ගොඩක් පන්සල් වල තත්වේ ඔහොමයි ජීවිතේ එක වරක් වැඳ පුදාගෙන ඉතිරිහරිය ඒ පන්සල් සිතින් වඳින එක තමා හොඳ නැත්නම් හොඳ හිතින් භක්තියෙන් ඔය පන්සල් වලට ගියාට අන්තිමට එලියට එන්නෙ හිත රිදිල හිත නරක වෙලා.ඇත්තමයි මට නම් ඔය හැම එකටම වඩා හොඳයි ගමේ පන්සල.

    ReplyDelete
    Replies
    1. සමහර ගමේ පන්සල් වල හාමුදුරුවෝ ගැන කල කිරෙනවා.. හවසට අරක්කු බෝතලේ කටේ... උදේට ගියොත් කුණු පෙරේතය වගේ වත්ත පුරාම ඇවිදිනවා...

      Delete
  8. පළවෙනි වතාවට ගොඩ උනේ සිහින ගෙ සිත්තම්පොළට..

    හෙක් හෙක්.. ඔය මොකක්කත් නෑ මොකෙක් හරි ඇතුලෙ පඩික්කං අල්ලන එකෙක් අඳුනනවනං.. පැත්තෙ ගේට්ටුවෙන් සුටුස් ගාල ගිහිල්ල ඕන්නං කරඬුව අස්සෙන් අතදාල දළදා හාන්දුවෝ ටිකක් හුරතල් කොල්ලත් එතෑකි.. හිහ්..හිහ්..

    මෙව්ව ගැන කියන්න ගියොත් අපේ ශ්‍රද්ධාව නැත්තටම නැති වෙනව. මං නං හිරේ ලගින්න හරි ඔය වෙලාවට ඔය වගේ උන්ට දෙකක් කියල එන්නෙ.. (ඔය හින්දම අපේ උන්දා දැන් පොලීසියේ හමුදාවේ චෙක් පොයින්ට් එකක් තියෙන පළාතකින්වත් මාත්තෙක්ක යන්නෑ.)

    හැබෑට දළදා හාමුදුරුවෝ දැන් අයිති කාටද?

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ බන්... ඇත්තටම දළදා හාමුදුරුවෝ වඳින්න යන එකත් එපා වෙලා තියෙන්නේ දැන්,, එක එක පඩික්කම් කාරයන්ට ඕනෑ විදිහට තමා වැඩ..

      ස්තුතියි මේ පැත්තට ගොඩ වුනාට...

      Delete
  9. සිහින සිත්තම්...
    මුං ටිකගේ පොටෝ එක ගැන නං වැඩිය දඟලන්න ඕන නෑ.. මං හිතන්නේ උං සමාව ගත්ත කියන්නෙත් ලොකු දෙයක්.. අනික මචං එදා තිබ්බ විදියටම හැමදාම හැමදේම තියෙයි කියලා හතන්නත් නරකයි මෙව්ව කවදක හරි වෙනස් වෙනවා.. හැබැයි පරික්ෂාකරන අයනං හිතන්නේ එන බහුතරය ත්‍රස්තයෝ කියල නං තමයි..

    ද ළ දා ස ර ණ යි !!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත... ලංකාවේ එවුන් විතරයි ත්‍රස්තයෝ... එකනේ වෙලා තියෙන්නේ.... අරුන් ගැන නම් අවුලක් නෑ අන්තිමට ඇත්ත තේරුම් අරන් සමාව ගත්තනේ.

      Delete
  10. විශාල සෙනගක් හසුරුවන පොලීසිය, බස් කොන්දොස්තරල වගේ අයට නිතරම මල පැනල ඉන්න එක ස්වභාවයක්. ඒ ගැන කරංට දෙයක් නෑ (සතියකටවත් සැරයක් පොඩි බ්‍රේන් වොෂ් එකක් දෙනවා ඇර). සුද්දංව චෙක් නොකරන හේතුවනං හිතාගන්ට බෑ. අර “කුරුන්දෙ“ කියල තිබ්බ වගේ උන්ගෙ කලමණා වැඩි හින්දද දන්නෑ.
    උඩ පින්තූරෙ ගැන මං මොකුත් කියන්නෑ. දැං ඒක වෙලා ඉවරයි. මොකද මුංව එල්ලන්නයැ. ඕනිමනං දඩයක් ගැහුවෑකි මට්ටු වෙන්න.

    ReplyDelete
    Replies
    1. විශාල සෙනඟක් හසුරුවනවා කියන එක නෙමෙයි අදාළ.. මුන් කරන දේ ගැන...

      Delete
  11. ඔය ෆොටෝ එකේ ඉන්න තිරිසනාට හෙනම ගහපිය...කියන්න දෙයක් නෑ ලැජ්ජයි ලංකාවේ උන්ද මේ සිරා අයියේ...
    ලංකාවේ නම් උගේ ගේ තියෙන තැන හොයාගෙන ගිහින් බලන්න ඕනා අම්ම ඉන්නවද කියලා....
    (වැරදි දේකට නෙවෙයි ඌ ගැන කියලා දෙන්න)

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න ඕනා....සිහින සිත්තම්....සිරා අයියගේ බ්ලෝග කියවන්නේ කියලා හිතන් කියෙවුවේ...
      සිරා අයියේ කියන එක නිවැරදි විය යුතුයි සිහින සිත්තම් කියලා....

      Delete
    2. හෙ හෙ වැරදීමකින් හරි ගොඩ වුනාට පිලිගන්නවා මේ පැත්තට..
      උන්ට විතරක් බැනල වැඩක් නෑ. උන්ගේ මහා උන්ටයි මුන්ට උගන්නපු උන්ටයි මුන්ව ඇතුලට ගත්ත හාල් පාරුවෝ ටිකයි තමා වග කියන්න ඕනෑ... ඕව දැන් සංචාරක ස්ථාන වෙලා තියෙන්නේ.. ආගමික ස්ථාන නෙමෙයි..

      Delete
    3. අනේ නෑ ගොඩ උනේ වැරදීමකින් නෙවෙයි...කමෙන්ට් එක වැරදීමකින්...සමා වෙන්න..

      Delete
  12. ඔය වගේ පුන්චි පහේ අකරතැබ්බයක් මටත් උනා සිහින. ඒ මාලිගාවට නෙවෙයි මහාසෑයට ගිහින්.

    මම සුදු දිග සායකට සුදු ටොප් එකක් ඇදල ගියේ. අවාසනාවකට ඒකෙ අත පොඩ්ඩක් විතර තමයි උරහිසින් පහල අතේ කොටස වැහිල තිබුනෙ. ඒත් අත් කොට ඇඳන් යන්න දෙන්න බෑ කියල මට එතනට සල්ලි ගෙවල එතනින් දුන්නු තද රතුපාට රෙදිකෑල්ලක් ගන්න උනා. ඒක පෙරවගෙනයි යන්න උනේ. එතනින් එහෙම රෙදි දෙනවනම් ඇයි ඒ මිනිස්සුන්ට සුදු රෙදි ටිකක් තියන්න බැරි. කාටද මේව කියන්නෙ.

    ඒ වගේමයි කියන්න සංතෝශයි අපි ඇතුලෙ ඉන්නකොට මේ මහා ලංකාද්වීපෙ අණසක පතුරන අයගෙ කස්ටියක් දෙයියනේ කියල ත්‍රී ක්වාටර්, ස්කිනි වලින් මුලු සිරුරම වසාගෙන වන්දනාවෙ ආව.එයාල මං හිතන්නෙ ප්‍රධාන ගේට්ටුවෙන් එර්දි වෙලා වෙන්ට ඕනි ඇතුලට ආවෙ. ඕකට තමයි ආශ්චර්ය කියන්නෙ.

    ReplyDelete
  13. දළදා මාලිගාවට ගරහල එන ගමන් පාරේ හම්බෙන තම්බින්ට බනින ආශ්චර්යමත් ශ්‍රී ලාංකික මිනිසුන් ගැන ආඩම්බරයි මහත්තයෝ :v

    ReplyDelete