Monday, August 11, 2014

විඳින්න සැනසෙන්න.....




මම පදිංචිව සිටින්නේ කුලී නිවසකය.
මටත් මගේ බිරිඳටත් කිසිම සතුටක් නැත, අපි ඇඟිලි ගනිමින් ඉන්නේ අපේම අයිතිය ඇති නිවසක පදිංචියට යන තුරුය.
කලක් ගත විනි, මගේම නිවසක අයිතිය ලැබූ නමුත් කලින් හිතන් හිටිය සතුට නම් එහි නොවීය.



මම දිනක් යහළුවකුගේ මෝටර් රථයක් ඉල්ලාගෙන විනෝද චාරිකාවක් ගියෙමි.
හැමෝම කාරය ඉහලින් අගය කළහ. බොහෝ දෙනෙක් පැවසුවේ මෙවැනි කාරයක් ඔවුනුත් ගත යුතු බවයි. මේ කාරය මගේ උනා නම් කියා මට සිතුනි.
වසර 8කට පසු මා කාරයක් මිලට ගතිමි, නමුත් එහි නඩත්තු වියදම් දැරීමට දැඩි වෙහෙසක් දරන්නට මට සිදුවිය. කාරය ගරාජයේ දමා පුරුදු පරිදි පයින් යාමට මට සිදුවිය...

විවාහ වී දස වසරක් ගෙවුනත්, අපි දෙදෙනාට තවම දරුවන් නැත. දිනක් ළමා නිවාසයේ සිටි ළමයින් හුරතල් කරමින් සිටි අප දෙදෙනා ඉන් පිටවුයේ හැඩු කඳුලිනි.
බලන්න අපට සතුටු වීමට දරුවන් අපේම විය යුතුය. කාලයාගේ ඇවෑමෙන් මගේ බිරියට ගැබිණි මවක් බවට පත්විය..
ඇය කිසිම දිනක් සතුටින් ඔක්කාරයකරනු මම නුදුටුවෙමි. ඇය පහසුවෙන් ඇවිදිනු ද මම නොදුටුවෙමි. දරුවා ලැබෙන විට ද ඇය යටි ගිරියෙන් ගැසුවේ සුඛ වේදනාවක් නිසා නම් විය නොහැක. දරුවා ලැබුණු පසු අප දෙදෙනාටම නින්දක් නැත, අපි බබා නිසා නිදිවරන විට සිතේ උතුරා යන ප්‍රීතියක් නම් නොවිණි. වෙනාද දැනුනු නිදිබර, විඩාබර ගතියම මට දැනුනි.
දිනක් මම යහළුවෙකුගේ කලිසම හැඳගෙන සාදයකට ගියෙමි. හැමෝම මගේ කලිසම වර්ණනා කළහ. එය මගේ වූවා නම් හොද යයි මට සිතිනි. මම කලිසමක් මිලදී ගතිමි.
අපේ බෝඩිමේ ඉන්න හැම කොල්ලෙක්ම වරින් වර ඒ ඩෙනිම අදින්නට වූ නිසා මට එය හැඳීමට නොහැකි විය.

මගේ පැරණි පෙම්වතිය miss world තරගය ජය ගෙන ඇත.
මට මහත් දුකක් ඉරිසියාවක් ඇතිවිනි. කෙසේ හෝ දෛවෝපගත සිදුවීමකින් මා ඇය සමඟ විවාහ වුනෙමි. ඇය දිනපතා shooting සඳහා එක්ක යමි, ඒ ස්ථානයට ඇතුළු වීමට මට අවසර නැත. චිත්‍රපටි අධ්‍යක්ෂක වරුන්ගේ සෙල්ලම් භාණ්ඩයක් වී ඇති මගේ බිරිය දකින හැම විටකම මගේ සිත දැවී අළුවී යයි. කුමක් කරන්නද, බැන්ද ගත්තු බෙරය ගසනු මිස..

අපි සතුටු වෙන්න බලාගෙන ඉන්නේ අපේම කරගෙන, අයිතිය තහවුරු වුනොත් විතරයි අපිට සතුටක් දැනෙන්නේ. මගේම ගෙදරක, මගේම කාරයකින් මගේම බිරිඳට දාව උපන් මගේම දරුවා තුරුල් කරගෙන මගේම කලිසමක් හැඳගෙන යාමට මන් කොච්චර නම් ප්‍රියද?
නමුත් ඒ ඒ ඉලක්ක සපුරාගත් සැනෙකින් අප සිතන පරිදි සහනය වෙනුවට අසහනත්, සතුට වෙනුවට දුකත්, නිදහස වෙනුවට හිරවුණු බවක් දැනෙන්නට පටන් ගනී.

මේ කාම ලෝකයේ සාපේක්ෂක තුල අපි හොයන සහනය නැද්ද? අපි හොයන සැනසිල්ල, සතුට සහ නිදහස නැද්ද?
දරුව, නැති දෙයක් කොහෙන්ද හොයන්නේ.
ඔබ ඔය සතුට, සැනසිල්ල හොයන ක්‍රමය වැරදියි. ඔය ක්‍රමයට ගිහින් කවදාවත් සතුට ලැබෙන්නේ නැහැ.
සතුට හොයන අන්තිම නිමේෂය දක්වාම ඔබ පසු පස දුක, අසහනය හඹාගෙන එනවා.
සිතන්න, නුඹගේ ශරීරය පවා කුලියට ගත් එකක්. සොබා දහම කොතරම් කාලයකට එය දී තිබේද? සිත වෙනුවෙන් වහල් කම් කරමින් කුලී ගෙවමින් සිටී. එයවත් ඔබ  දන්නවද? නැහැනේ, ලෙඩ වීම, වයසට යාම සමගින් දිනෙන් දින මරණය කරා යන මේ ශරීරය වත් ඔබගේ කියා සදාතනිකව තබා ගත නොහැකියි නේද?
නවතින්න, සතුට සෙවීමේ උත්සාහය අත් හරින්න, ආදීනවය හඳුනා ගන්න, විඩාව හඳුනා ගන්න, විඩාව හඳුනා ගන්නා ඔබට කාමයන් පිළිබද අදහස නිරායාස අඩුවේවි.
වෙනදා උද්දාමයට පත්වුනු නුඹට, දැන් පවතින්නේ පුංචි සතුටක් විතරයි. වෙනදා වැළපෙමින්, පොලවේ හැපුණු ඔබ දැන් ඇත්තේ පුංචි දුකක් පමණි.
බෙහෙත් නොගසන ලද නැවුම් ඇපල් ගෝනියක් ඇත. එය ගැනීමට මම ගොඩක් ප්‍රිය කරමි. පසුව ආරනමුත් දින කීපයක් තිස්සේ මා අනුභව කොට ඇත්තේ බෙහෙත් ගසන ලද ඇපල්ය. ඇපල් කෑමේ තද ලොල් බව එය අසු ක්ෂණයෙහි අතුරුදහන් විය. නමුත් සැරින් සැරේ ඇපල් ගෙඩියක් කෑමේ පුරුද්දක් මට තිබිණි.
ඇපල් වලට ඉසින කල්තබා ගැනීමේ විෂ දියරය තුල පිළිකා කාරක විෂ වර්ග 50කට අධික ප්‍රමාණයක් අන්තර්ගත බව මට ආරංචි විනි. ඒ සමඟම ඇපල් කෑමේ උවනමනාව සැහෙන දුරකට මගෙන් ඉවත් විය. නමුත් සැහෙන කාලයකට පසුව නැවත ඇපල් ගෙඩියක් කන්නට මට සිතු නිසා මම අහාරයට ගතිමි.
නැවුම් ඇපල් ගෝනියක් සමඟ කල්තබගන්නා විෂ බෝතලයක් මට තෑගී වශයෙන් ලැබිණි. ඒ දියරය මා විසින්ම ඉහගනිමින් ඇපල් කෑමට මට දැන් සිදුවී තිබේ. මක් නිසාද නැත්නම් ඇපල් ගෝනිය ඉක්මනින් නරක් වී යන්නේය.
විෂ වර්ග 50ක් සපිරි මේ විෂ දියරය ගසමින් ඇපල් දිනක් අහරට ගත් මම ඇපල් කෑමේ උවමනාව නිරායාස ඉවත් විය. ගෝනිය පිටින් ගෙන ඕන කෙනෙක් අරන් පලයල්ලා මට ඕන ඇපල් ගෙඩියක් නැති බව මා කියා සිටියෙමි.

කාම ලෝකයේ ඇති මේ සියලු දේවල් හරියට අර විෂ ඇපල් ගෙඩි වගේ. ඒවායේ විෂ හඳුනා ගත් පසු ඇපල් කෑමට වූ මාගේ ගිජු කම නිරායාස ඉවත් වුවේ යම් සේද කාමයේ ආදීනව, විඩාව සහ අසහනය හඳුනා ගන්නා තරමට කාමයන් පිලිබඳ අදහස සිතෙන් ඉවත් වේ.
අවශ්‍ය වන්නේ ධර්ම ශ්‍රවණයත්(පරතෝඝෝෂයත්), එළඹී සිහියත්(යෝනිසෝ මනසිකාරයත්) පමණි.
එදිනෙදා සිදුවීම් දෙස නිදහසේ බලා සිටින්න.
විඳින්න, විදවන්න, ගැලවෙන්න
ආස්වාදය අදීනවයත්, නිස්සරනයත් පිලිබඳ ප්‍රයෝගික ජීවිතයට බද්ධ කරගන්නා උතුම් බුද්ධ දේශනාවට සවන් දෙන්න...
අරබව්, නික්මෙව්, යෙදෙව්!!!





--
Best Regards,

Sajith Warushavithana


1 comment:

Related Posts Plugin for WordPress, Blogger...