Saturday, August 30, 2014

මම කෝච්චියට යටවෙන්න ගිය හැටි....


මේකත් පොඩි පහේ පරණ කතාවක්... 2012 අවුරුද්දේ මුල් කාලේ වෙච්ච සිද්ධියක්.. ඇත්තම කිව්වොත් පොඩි ආදර කතාවකුත් මේකට සම්බන්ධයි... මගේ ප්‍රථම ප්‍රේමය.. ප්‍රථම ප්‍රේමය කිව්වට කවදාවත් සම්බන්ධයක් නම් ඇති වුනේ නෑ.. හිතින් විතරක් පෙම් කිරිල්ලක් කිව්වොත් නිවැරදියි. ඒකත් ඒක පාක්ෂික ආදරයක් පමණයි. තාමත් හිතේ කොනක පැළවුණු ආදරයක් ඒක.. ඒක ගැන පස්සේ හිමිහිට පෝස්ටුවක් දමන්නම්.
කතාවට එමු.....

මම දෙවෙනි වරට උසස්පෙළ ලිව්වේ 2011 අවුරුද්දේ. කොහොම හරි ඒකත් යන්තමින් වගේ ගොඩ දාගෙන මම IESL Register වුනේ ඒ විදිහට හරි මගේ ඉංජිනේරු සිහිනය සැබෑ කරගන්න අරමුණින්. හිතට දහිරිය ගත්තේ පිස්සු නම් කෙලින්නේ නැතුව කොහොම හරි මහන්සි වෙලා ඉහලින්ම උපාධියක් අරගෙන එලියට එන්න... ඒත් එක්ක කරුමෙටද මන්දා අපේ ඉස්කෝලේ හොදම පිස්සෝ සෙට් එකකුත් ආව කියන්නකෝ... හම්මේ... හිතේ දහිරිය බෙරේ ඇලට ගලන් යන්න සතියක්වත් ගියේ නෑ... මධුරෙලා සුමුදු ලා. සද්දයක් බද්දයක් නැතුව කනට ගැහුවත් හිනා වෙන සුදු කොල්ලා තිලා.. අයෙ ඉතින් කතා මොන ලෙක්චර්ස් ද!!! වැඩිය ඕනේ නෑ පලවෙනි දවසේ ඉඳන්ම හවස තිබ්බ English ලෙක්චර් එක කට් කරේ ගත්ත දහිරිය ඒ වෙනකොටත් හේදිලා තිබ්බ හින්දද මන්දා....
අපිට ලෙක්චර්ස් තිබ්බේ සෙනසුරාද ඉරිදා දවස් දෙකේ විතරක් හින්දා.. මදුරය මම ඇරුනම අනිත් අය කොළඹ බෝර්ඩ් වෙලා හිටියේ. හවස ලෙක්චර්ස් ඇරිලා අපි දෙන්න එන්න පුරුදු වෙලා හිටියේ සෙන්කඩගල මැණිකේ කෝච්චියේ...

ආයේ මාතෘකාවට...

කොහොම හරි මාසෙකට විතර පස්සේ දවසක් කෝච්චියේ එනකොට මරදාන දුම්රිය ස්ථානයේදී දැකපු දේකින් එක පාරටම මාව වෙව්ලලා ගියා... දෙවියනේ... මල් කුමාරි!!!! ඔව් එයා තමයි... මගේ ප්‍රථම ප්‍රේමය... මගේ ඒක පාක්ෂික ආදරය... මදුවත් ෆුල් හොල්මන්..

"අඩෝ මොකෝ බන්.. කව්ද?"


"නෑ බන් කව්රුත් නෑ ඇයි?"

.
.
පොර ආයේ ඒක ගැන අහන්න ගියෙත් නෑ.. එයා මාව දැක්කෙත් නෑ...
එයා අපි හිටපු පෙට්ටියට නැග්ගේ නෑ.. ඉස්සරහ පෙට්ටියකට දුවගෙන ගිහින් නැග්ගා...
කොහොම හරි ඒ සීන් එකෙන් මමත් ෆුල් අප්සට්... මදුව එනකන් මොන මොනවදෝ කියව කියව ආවා.. මම කරපු එකම දේ ජනේලෙන් ඔලුව දාගෙන අතීතයේ අතරමන් වෙච්ච එකයි. රාගම, ගම්පහ, වේයන්ගොඩ පහු වෙනවා දන්නෙවත් නෑ.. අඹේපුස්ස ස්ටේෂම කිට්ටු වෙද්දී තමයි මදුරයා මට ඇහැරෙව්වේ.. 

"අඩෝ නැගිටපන් බන්.. මම බහින්න හදන්නේ.. තෝ පොල්ගහවෙලින් බහගනින් නැත්නම් යයි නුවරටම"


"අහ්හ් නින්දගියා බන්.. එල එල මමත් නැගිටින්නම්.."


මදුරය අලව්වෙන් බැස්සා.. දැන් තමා චාන්ස් එක. මම ගියා ඉස්සරහ පෙට්ටි වලට. වෙන මොකටවත් නෙමෙයි... මල් කුමාරි ඉන්නවද බලන්න...

අන්තිමේදී ජනේලයක් අයිනේ ඉඳගෙන පොඩි පහේ හිනාවකුත් ගෙන.. එයත් මනෝ ලෝකෙක අතරමන් වෙලාද මන්දා....

"මල්..."


මම කතා කරා.. හිමිහිට ඔලුව උස්සල බැලුව එතකොට... ( ඔව්... කියන්න ඕනෑ ඒ වෙනකොට අපි හොඳ යාලුවෝ... බොහෝ දුරට)


"අනේ සිහින.. කොහොමද.. මෙහෙ මොකෝ.."

"මම IESL එකේ degree එක කරනවා... ඔයා මොකද කරන්නේ..??"


"මම NIBM එකේ course එකක් කරනවා.."


පිස්සු හැදෙයි.. මෙච්චර කල් මෙයා ඉඳල තියෙන්නේ අල්ලපු වැටෙනේ..!!!

එදායින් පස්සේ සති කීපයක්ම සිද්ද වුනේ ඔය වැඩේ තමයි. ඒ කියන්නේ අලව්වෙන් මදුරය බැස්සට පස්සේ මම එනවා මල් කුමාරි ඉන්න හරියට පොල්ගහවෙලට එනකන් චැටක් දාගෙන තමයි එන්නේ...
හැබැයි මරදානේදී සෙට් උනේ නම් නෑ එකට එන්න.. එයා අපි ඉන්න හරියට එන්න ට්‍රයි කරෙත් නෑ.. එයාට එන්න කියන්න තරම් දහිරියක් මට තිබ්බෙත් නෑ.. මොකද මම බය වුණා මම අතින් මොකක් හරි වැරද්දක් කියවුනොත් අපි දෙන්නගේ යාලුකමත් නැති වෙයි කියලා.. ඒ නිසා හැමදාම පොඩි වෙලාවකට හරි එයාව හම්බෙලා පොල්ගහවෙලින් බැහැල දෙන්න දෙපැත්තට වෙන් වෙලා ගියා..

කොහොම හරි ඒ දවසත් ලං වුණා.. ඒ දවස කියන්නේ මාරයා මාව හොයන් ආපු දවස!!!
 එදත් සුපුරුදු පරිදි මල් කුමාරිත් එක්ක පොල්ගහවෙලින් බැහැල ආවේ... කෝච්චිය එදා නැවැත්තුවේ 5වෙනි වේදිකාවේ.. ඒ වේදිකාවත් එක්ක පොඩි පඩිපෙලක් තියනවා පඩිපෙලක් කිව්වට පඩි දෙක තුනක්.... සෙනඟ ඔතනින් බැහැලා රේල් පාර පැනල තමයි යන්නේ, කෝච්චිය ඉස්සරහින්. ඒ වගේම එතන වේදිකාවෙන් බස්සගමන් පොඩි ඉඩක් තියනවා බිත්තය අයිනෙන්ම.. මිනිස්සු ඔතන හේත්තු වෙලා ඉන්නවා කෝච්චිය යනකන්.. පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් වදිනවා කෝච්චියේ...

මේ තියෙන්නෙ ඒ තැන...



අපි දෙන්නත් බැහැල ඔය පටු තීරුව අතරින් ඇවිදන් තමයි යන්නේ. ගිහින් මම රේල් පාර පැනල එහා පැත්තට යන්න ඕනෑ මල් කුමාරි අනිත් පැත්තට.. කොහොමත් ඔය වෙලාවට වට පිට ගැන සිහියක් ඇත්තෙම නෑනේ.. ඊට හපන් පට්ට සෙනඟක් හිටියේ.. මමත් පැන්න රේල් පාරට. පනිනවත් එක්කම... ඔව් කෝච්චියේ ලාවට වැදුනේ... කව්දෝ මාව ඇදලා ගත්ත බිත්තිය පැත්තට... ඔව් මල් කුමාරි තමයි.. එයයි මායි බිත්තියට හේත්තු වුනේ ඇදල ගත්ත වේගෙට!!!!

හරියට හින්දි ෆිල්ම් එකක් වගේ.. මෙන්න මෙහෙම... හම්මේ... :)




එහෙම බයක් දැනුනේ නෑ මතක ඇති කාලෙක, හැප්පුනා නම් එතනමයි.. එදා මම බේරුනේ එහෙමයි.. නැත්නම් මම අද අබ්බගාතයෙක්. නැත්නම් මැරිලා.. එක්කෝ එදා එහෙම වුනේ මගේ මොකක්දෝ පරණ පිනකට. නැත්නම් පවකටද දන්නෙ නෑ.. කොහොම හරි අදටත් මම කෝච්චිය යනකන් එතනින් නම් යන්නේ නෑ...
කොහොම හරි අන්තිමේදී වට පිට මිනිස්සුන්ගෙන් කුණු කතා බැනුම් කතා උපදෙස් මහා ගොඩාරියක් එක්ක මම ගෙදර ආවා.. වෙලාවට දන්නා කියන කවුරුත් හිටියේ නෑ ඒ වෙලාවේ.. නැත්නම් ගෙදර ගිහිනුත් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ.. කොහොම හරි ගෙදර ආව කිව්වට ගෙදර එනකන් මුළු ඇඟම වෙව්ලනවා... මොකටවත් නෙමෙයි. බය වුන පාර..

හම්මේ පහුවදා තමයි සිද්දිය හරියට මතක් වුණේ.. සිද්ද වෙච්ච දේවල්, රොමැන්ටික් විදිහට  මාව මාරයා ගෙන් ගලවා ගැනීමේ මෙහෙයුමට මල් කුමාරිට ස්තුති කරන්නත් බැරි වුනානේ.. එකටත් ඊළඟ සතිය එනකන් අමාරුවෙන් ඉවසගෙන හිටියා...



Photos:
https://driversed.com/images/v2008coursecontent/railroadcrossingsignals.jpg
http://static.panoramio.com/photos/large/39331159.jpg
http://smashmaterials.com/wp-content/uploads/2013/01/KISS-TRAIN-STATION.jpg

13 comments:

  1. ඊටපස්සේ මොකද උනේ.... මල් කුමාරිට ස්තූතියි කිව්වද ? :D

    ReplyDelete
    Replies
    1. නෑ කිව්වෙ නෑ.. ඊට පස්සේ සෑහෙන කාලෙකින් හම්බුනේ නෑ එයාව.... ඊට පස්සේ මම එයාට ඒ සිද්ධිය මතක් කරන්න ගියෙත් නෑ...

      Delete
  2. ඉතිං උඹ ස්තුති කරාද?? ඒක බලමුකෝ..



    පළමු ප්‍රේමයේ හෙවැනලි විටින් විට නෙතට වැටෙන විට තාමත් මගේ ඇග සීතල වෙලා වෙව්ලනවා බං.. ඒක පුදුම හැගීමක්... (ප්‍රථම කිව්වට හරියට ප්‍රථම ආදරය මොකක්ද කියල මට තේරෙන්නෑ. ප්‍රථම කියල හිතන දෙක තුනක්ම තියෙනවා.. හැක්)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ඊට පස්සේ මම තව කෙනෙක්ට ආදරේ කරා.. ඊට පස්සේ තවත් කෙනෙක්ට.. ඒ කෙනා එක්ක තමයි තාමත් මම ඉන්නේ...

      Delete
  3. අනේ බන්, සම්මා සතියෙන් ඉඳන් ලව් කොරහන්, ඔය කිව්වට මටත් බෑ බන්, උඹ ඔය පැනලා තියෙන්නේ එක පිම්මක් විතරයි, මම පැනපු පිමි වල හැටියට, එක පිම්මක් පන්න විදියට වැරදුනා නම් මගේ බොඩිය එකති කරන්න වෙන්නේ සවලෙන් තමා. මොක උනත් ප්‍රථම ප්‍රේමේ හිත අස්සේ කීන් කීන් ගානවා නේ බන්, ප්‍රථම ප්‍රේමේ බුකියේ හිටියට ඔන්ලිනේ ඉන්නවා දැක්කට එච් අයි අකුරු දෙක ටයිප් කරගන්න තාම ගඩ්ස් නා බන්, ඔහේ බුකවන් නොටිෆිකෙසන් බලන් ඉඳලා එනවා. බෝල සිහියෙන් හිටු.

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඒකත් එහෙමද...
      මටත් එච් අයි ටයිප් කරගන්න බැරුව ඉන්නවා බන්.. නිතරම දකිනවා... වැඩිය ඕනේ නෑ ෆොටෝ එකකට ලයික් එකක් දාන්න වත් ගටක් එන්නේ නෑ බන් දැන්...

      Delete
  4. ප්‍රථම ප්‍රේමය නිකන් ටිං ටිං ගාල මතක් වෙනව ඇති එහෙනම් කෝච්චි දකිද්දි නේද

    ReplyDelete
    Replies
    1. හම්මේ හවස කෝච්චියෙන් බැහැල එද්දී තමා ටින් ටින් ගාල මතක් වෙන්නේ..

      Delete
  5. ස්තුති කිව්වද , යකෝ IESL එකයි NIBM එකෙයි ඉන්න දෙන්නට හැමබවෙන්න ඔච්චර කල් ගියාද ? පිස්සු හැදෙයි

    ReplyDelete
    Replies
    1. හික්ස් මේකනේ.. අපි කොහොමත් කරේ කට් කරපු එකනේ වැඩි හරියක්. මොකක්දෝ හේතුවකට එයා කෝච්චියේ ආවෙත් නෑ... NIBM එකට යන්න අපිත් පොඩ්ඩක් පස්ස ගහ ගහ හිටියේ..

      Delete
  6. ඈ බං ස්තූති නෙමේ දණ ගහලා වැන්දත් මොකෑ. උඹව මාර බේර ගැනිල්ලක්නෙ බේරන් තියෙන්නෙ!! තව නූලෙන් ස්ටිකරේ වගේ බිත්තියෙ ඇලිලා ඉන්න තිබුන! :)

    ආපෝ ඔහොම වෙලාවට වටේ උන්ගෙ කුණු කතා ඇහෙත්දි නම්ම්ම්ම්ම් ඊළග කෝච්චියට පැන්නනම් හොදයි කියලා හිතෙනවා බං. ඒ තරම් අජූතයි. අත්දැකීමෙන් කියන්නෙ. :D :D

    ReplyDelete
    Replies
    1. සිරාවටම මටත් හිතුන... අජූතයි

      Delete

Related Posts Plugin for WordPress, Blogger...