මට තාමත් මතකයි අපි මුණ ගැසුන පලවෙනි දවස....
පාන්දරින්ම මම කොළඹින් නුවරට ආවේ හිතේ ලොකු චකිතයකින්....
අපි දෙන්න මුලින්ම මුණ ගැසෙන දවස....
ඔයත් ඒ වගේම චකිතයකින් ඉන්න ඇති...
මාස ගානක් කටහඬ විතරක් අහපු... ෆොටෝ වලින් විතරක් දැකපු ඔයාව....
ඇත්තටම මුණ ගැසෙන දවස...
අපේ ආදර කතාවේ සුන්දරතම දවස....
මුල්ම වතාවට ගුඩ් ෂෙඩ් බස් ස්ටෑන්ඩ් එකේදී දුවන්න බලන් ඉන්න හා පැටියෙක් වගේ බයෙන් වගේ වට පිට බල බල හිටපු ඔයාව දකිද්දී....
මට දැනුනේ මම මුළු ලෝකෙම දින්නා කියලා....

ඇත්ත......
ඔයා තමයි මගේ ජීවිතේට ලැබුණු හොඳම දේ....
අරමුණක් නැතිව...
අනාගතයක් නැතිව...
පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ දුව දුව හිටපු මගේ ජීවිතේට....
අරමුණක් දුන්නේ ඔයා....
ඉදිරියක් හදල දුන්නේ ඔයා.....
ලස්සන අනාගතයක්... ලස්සන ජිවිතයක් ගැන හීන දුන්නේ ඔයා...
හිතට දුකක් ආවම... සැනසීම දුන්නේ ඔයා...
තරහකදී.... නිවීම දුන්නේ ඔයා...
ඒ සැනසීම මම හැමදාමත් බලාපොරොත්තු වෙනවා රත්තරන්...
ඉස්සර වගේම කතා කරන්න....
ඔයා එක්ක හීන දකින්න අදටත් මම ආසයි...
මොන දේ ලැබුනත්... ඉස්සර හිටපු ඔයා නැති ජීවිතේ හිස් වෙලා...
හීන මවපු අනාගතේ ඇතුලේ අපි අතරමන් වෙලා.....

හිත ඇතුලේ හොල්මන් කරන...
ඒ නැතිවුන අතීතය තාමත් මම හොයනවා...
ඒ මිහිරි මතකයන්ට යන පාර මම තාමත් හොයනවා...
╰☆╮╰☆╮╰☆╮
අමිහිරි නොවේවා අනාගතය
ReplyDeleteස්තුතියි.. අපි බලමු....
Deleteපාර හම්බ වෙයි බන් බය නැතිව හිටපන්
ReplyDeleteහම්බ වුනොත් නම් ලොකු දෙයක්.
Deleteසොයන්නාට සම්භ වේ...
ReplyDeleteතාම නම් නෑ..
Deleteඑදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
ReplyDeleteමල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුබ මගේ ලගින් නෑති අඩුව මට දෑනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා......
දුක පිරුනු මගෙ හිත නුබ හොදට දන්නවා
හිත හදපු නුබේ හඩ මගෙ සවන් සොයනවා
නුබ නිසා පෑමිනි දුක පෑනිරසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා.......
අනාගත වාලුකා කතර මැද තනි වෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විඳ දරා
පුර පසෙක නොවී නුඹ අවපසෙක සඳ උනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....
සෝමතිලක මහත්තය කිව්වෙත් ඒ කතාවම තමා නේද...
Deleteහ්ම්ම් මිහිරි මතක ...අතීතය අමතක කරන්න අමාරුයි .අතිතයෙ මිහිරිම මතක ආයෙත් එනවනම් කියල හිතුන ..හිතෙන ...ඉදිරියටත් හිතන වාර අනන්තයි .සිහිනගේ මිහිරි මතකය තවත් එක් මතකයක් පමණක් නොවේවා.
ReplyDeleteඇත්ත.. ඒ මතකයන් අපේ හිත් තුල හැමදාම ජීවත් වෙනවා..
Deleteගුඩ් ඕල්ඩ් ඩේස්... නැද්ද මචෝ...
ReplyDeleteදැකපු ලස්සන හීන තවත් ලස්සන වෙලා එළි වෙන්න ඕන...
ජයවේවා
ඒකත් ලියන්න ඕනෑ... තාම ඔන් ද වේ... :D
Deleteසොයන්නාට හම්බ වේ!!
ReplyDeleteතට්ටු කරන්නාට දොර ඇරේ!!
[දොර අරින්නාට තට්ටු වීමේ අවධානමක්ද ඇත ;) ]
සිරාවටම... :D
Deleteආදරේට ආදරෙන් හිටහන්... ඉක්මනටම හම්බවෙයි...
ReplyDeleteබලමුකෝ..
Deleteසිහින බට්ටො ඔය උඩ ඉන්න කෙනාට හොඳ අත්දැකීම් තියනව. ඒකනෙ බය නැතුව කියන්නෙ.
ReplyDeleteමතක පාරවල් අමතක වෙන්නෙ නෑ. ගුඩ් ලක්
ආ එහෙමද.... :D
Deleteහිඳීවි කොතැනක හෝ...හිමිකාරයා උපන් නුඹේ නමින්...
ReplyDeleteවඩීවි කෙදිනක හෝ...ඒ එනතුරා..........................
හිත හදාගෙන ඉඳිං++
එහෙමවත් හිතමු...
Delete