Wednesday, September 3, 2014

Good Old Days ➟ අමතක නොවන අතීතය...2


මේ සිද්දිය වුනේ අපි හතර වසරේ ඉන්නකොට.. ඒ වෙනකොට අඬ අඬ හිටපු අපේ පොඩි බබාලා ටික දැන් ලොකු වෙලා හෙන පොරවල් ලු ඈ.. ලේසියැ ප්‍රාථමිකයේ දෙවෙනියට ලොකුම අය්යල නේ... ඒ වුනාට හැබැයි අපේ පන්තිය තිබ්බේ අනිත් ප්‍රාථමික පන්ති වලින් වෙන් වෙලා.. ඉස්කෝලේ අනිත් කෙලවරේ. ඊට හපන් හොදම වැඩේ කියන්නෙ පිට්ටනිය අයිනෙමයි. හරියටම පැවිලියන් එක උඩ තට්ටුව. අපිටත් ඉතින් නිධානයක් පහල වුණා වගේ තමයි.. ඉන්ටර්වල් එකට ප්‍රාථමිකයේ ලොකු ටීචර්ලා නෑ... පන්ති භාර ටීචර් නෑ... හම්මේ ඉතින්..... කාපු වෙලේ ඉඳන් පිට්ටනියේ...
ඉතින් කාට බය වෙන්නද... ලොකු ලොකු අය්යල වුනත් අපිව ගැන ගත්තේ නෑ... සද්ද බද්ද දාන්න ආවෙත් නෑ... පොඩි කොල්ලොනේ....
පන්තිය ගැන කියනවනම් ළමයි 45ක් වගේ හිටිය මතකයි. පන්තිභාර සර් ගේ නම උපුල් ගුණතිලක. ඒ දවස් වල අපිව කණ්ඩායම් වලට බෙදලා පන්තියේ ඉන්දවල තිබ්බේ... ඒ දවස් වල මන් ගැන කියනවනම් ඉතින් හෙන බ්‍රයිටෙක් ඈ පස්සේ කාලෙක අමුම අමු මැට්ටෙක් උනාට... :P ... වාර පරීක්ෂණ වල ෆයිට් එකක් තිබ්බේ මමයි, ඒ දවස් වල එල බොක්කක් වෙලා හිටපු ධර්මේ සහ තිලිණ අතරේ.. පලවෙනි ස්ථාන තුනම අපි තුන් දෙනාටම වෙන් කරලා වගේ තමා තිබ්බේ.. :D


ඒ දවස් වල අපි කරේ අල්ලන සෙල්ලම්, ගස් මාරු වෙන සෙල්ලම් වගේ ඒවා.. කිරිකොට් ගැහිල්ලට අපි ඒ දවස් වල නොගියේ පිට්ටනියේ ලොකු ඉඩක් නොතිබීමත් ඒ දවස් වල පාසලට බැට් බෝල ගෙන ඒමට තිබ්බ බය හින්දමයි... 
බදාදා කියන්නේ අපි කැමතිම දවස, මොකද එදාට තමයි ඉස්කෝලේ ළමයින්ගේ ලොකු රැස්වීම තියන දවස.. හැබැයි හය වසරෙන් උඩ ළමයින්ට! අපිට කොහෙන්ද ජෙනරල් ඇසෙම්බ්ලි..
ඔය රැස්වීම තිබ්බේ පැවිලියන් එක ගාව.. උදෙන්ම ශිෂ්‍ය නායක අය්යලා ඇවිත් පැවිලියන් එක ඉස්සරහා ඒ ඒ වසරේ අයට ඉන්න ඕනෑ තැන් වල බෝර්ඩ් තියල යනවා.. ඒ වෙලාවට පිට්ටනියේ ඒ පැත්තේ ළමයින්ට සෙල්ලම් කිරීම සපුරා තහනම්. උදේ වරුවට අපේ වැඩේ තමයි පල්ලෙහාට බැහැලා මෙයාල කරන වැඩ බලන් ඉන්න එක. කට්ටියක් එක පෙලට පන්ති වල නාම පුවරු හිටවනවා. තව කට්ටියක් ස්පීකර් හයි කරනවා.. ඒ දවස් වල අපිටත් හෙන මැජික්!
දැන් මොකෑ බොල එදාට තියන ෆන් එක???
ඇයි බන් උදේ අටේ ඉඳන් නාමය හමාර වෙනකන් පීරියඩ් එක හමාරක් උගන්නන්නේ නෑනේ!!! (ඒ දවස් වල ඉස්කෝලේ පටන් ගත්තේ අටට)
දැන් අහයි ඇයි අපිට උගන්නන්නේ නැත්තේ කියලා... ඇයි අප්පා රැස්වීමේ ස්පීකර් වල සද්දේ... උගන්නනකොට අපේ අවධානේ වෙනස් වෙනවනේ!!! :D අපි හෙන පව් නේද?
හැබැයි ඉතින් අපිට වෙන කතා මුකුත් කරන්නත් බෑ පන්තියේ... නිශ්ශබ්දව වැඩක් කරගන්න එක තමයි. එදාට අපේ සර් පොඩි නීතියක් ගේනවා.. ඒ තමයි කවුරු හරි කතා කරොත් හරි පන්තියෙන් නැගිට්ටොත් හරි ටොකු අනින එක. පන්තියේ හැමෝටම එදාට අවසරය ලැබෙනවා ළඟ කවුරු හරි කතා කරොත් හරි නැගිට්ටොත් හරි ටොක්කක් අනින්න. එහෙමත් නැත්නම් එක්කෙනෙක්ට ඉස්සරහට ඇවිත් කතා කරන දඟලන අයගේ නම් ටික කළු ලෑල්ලේ ලියන්න කියලා සර් යනවා රැස්වීමට.. ඒ අවස්ථාවත් ගොඩක් වෙලාවට හම්බෙන්නේ මට, ධර්මෙට නැත්නම් තිලිණ වගේ අපි කීප දෙනෙකුට විතරයි. (පන්තියේ හොඳම ළමයි කියන කාර්ඩ් එක තියන් ඉන්න අය :-B ) අයෙ ඉතින් තරහ කාරයෝ නැත්නම් පරණ ඇරියස් කවර් කරගන්න ඉන්න අය එහෙම එදාට බලාගෙන ඉන්නේ තමන්ට අවස්ථාව එනකන්. හැමෝම බය නම් ලියන වැඩේට.. සර් ගෙන් ගුටිය හම්බෙන්න ගොඩක්ම ඉඩ තියෙනවා ඒ වැඩෙන්.. ආයේ ඉතින් බේරිලි බොරු.. අපිත් ඉතින් බොහොම වගකීමෙන් රාජකාරිය ඉටු කරනවා.. ටොකු දඬුවම් දෙන්න නියම කරොත් ඒකත් නීතිමය ප්‍රතිපාදන එදාට අපි වෙනුවෙන් ලබාදෙන නිසා ඒකත් අකුරට ඉටු කරනවා... :-B
ඒ වගේම භයානකම දවස් තමයි සිංහල පොතේ කවි පාඩම් ගන්න දවස් එහෙමත් නැත්නම් බුද්ධ ධර්මය පොතේ ගාථා පාඩම් ගන්න දවස්. ඒක ගැනත් හොඳ කතාවක් තියනවා...

දෙවෙනි වාරය අන්තිම දවසේ අපිට වෙනද වගේම හම්බුනා ලොරියක් ගෙදර වැඩ.. හම්මේ ඉතින්.. අපිට දුන්නා බුද්ධ ධර්මය පොතේ අන්තිම පිටු දෙකේ තිබ්බ ගාථා පාඩම් කරන් එන්න.. මට මතක හැටියට ත්‍රිවිධ රත්නය වඳින ගාථා, මල් පහන් ආදී එක එක ඒවා පුජා කරන ගාථා වගේ මහා ගොඩක් දේවල්. සමහර ගාථා අපි පන්සලේ දී වඳින ගාථා වලට වඩා වෙනස් නේ... 
කොහොම හරි තුන්වෙනි වාරයත් ආවා.. (කරපු නැති ඒවාට ගුටි කාපුවා සහ ඉස්කෝලේ ඇවිත් කොපි කරපුව මෙතන කියන්නේ නෑ ;))
පලවෙනි සතියත් ගියා.. අපිටත් ෆුල් සැටිස්.. සර් ට ගාථා පාඩම් ගන්න අමතක වෙලා..!!!!!
හැබැයි වාසනාව කියන්නේ අපේ පන්තියේ ඔය වගේ වෙලාවට සර් ට ඕව මතක් කරලා දෙන්න අර හැම පන්තියකම ඉන්නවා වගේ අරෙව්වා දෙන එක්කෙනෙක් අපේ පන්තියේ හිටියේ නෑ....

මොන වාසනාවක්ද.... මෙන්න බොලේ ඉඳල ඉඳල දවසක්..!!!!

" හොඳයි ළමයි.... මම පාඩම් කරන්න කියපු ගාථා එහෙම පාඩම් ඇතිනේ...."

පන්තිය ෆුල් සයිලන්ට්.... සමහරු උඩ බිම බලනවා.... අද කට්ටිය ඉවරයි...

ඔන්න එකා එකා අල්ලන්නයි හදන්නේ...

"ධර්මේ.. කෝ පාඩම් ද?? "

මූ හිනා වෙනවා...

මම ඔලුව පාත් කරගෙන හැංගිලා.. දැන් කොයි වෙලේ හරි මම....

"කෝ තිලිණ... මොකෝ කියන්නේ කියමුද..."

මූ තව ටිකක් සුදු මැලි වෙලා.... දැන් නම් මම තමයි...

" ආ සිහින!! පාඩම් නේ.. කියමු බලන්න..."

මම පුටුවෙන් නැඟිට්ටා...

"ටිකක් පාඩම් සර්.... අන්තිම ටික මතක නෑ හරියට......"

"හරි බලන්න කෝ ඉස්සරහට ඇවිත් කියන්න.."
 දැන් මගේ කකුල් දෙකත් වේලනවා.. වැරදුනොත්...... ඔව් සර් කාරයා ගහන්නෙත් පොරටම ආවේනික අමුතු සිස්ටම් එකකට.. හිනාවෙන්න කියලා කම්මුල් දෙකටම එක පාර සලකන්නේ... නැත්නම් වේවැලෙන් තමා... කෙලින්ම පස්සට ඊට පස්සේ අල්ලට.. ඊට පස්සේ කකුලට...!!! හම්මේ.. ඒකත් මතක් වෙන අතරේ.. හීන් දාඩියත් දාගෙනම ඔන්න මමත් පටන් ගත්තා...

"පුජේමි බුද්ධං කුසුමෙන නේන......."


අන්තිම ටික වැරදුනත් වැඩේ ගොඩ!!! අවුලක් වුනේ නෑ.... පළවෙනියට ආපු පොර නේ..

" හරි සිහින... දැන් ඔයාට වැඩක් තියනවා... පන්තියේ ළමයින්ව නාම ලේඛනේ පිළිවෙලට ගෙන්නලා ඒ අයගෙන් කට පාඩම් ගන්න ඕනෑ.. බැරි වෙන අයව පැත්තකින් හිට්ටල තියන්න.."

පිස්සු හැදෙයි..!!! ආයේ ඉතින් ඔටුන්න හම්බුනා වගේ තමයි... ඔන්න දැන් එක එක්කෙනා එනවා.. යාලුවන්ට ලේසි ගාථා තරහ කාරයන්ට අමාරු ඒවා.. 

 "පැන් පූජා කරන ගාථාව මොකක්ද?"
"මතක නෑ..."
"දැහැත් පූජා කරන ගාථාව මොකක්ද?"
"දන්නෑ "
"මේ පැත්තෙන් හිටගන්න..."

(උන් ටික කොහොම හරි වරදවල හිට්ටේව්වා.. :D )
සර් ට ඒවා ගානක් නෑ.. සර් සර්ගේ වැඩක්!!. මමයි පන්තියේ ලොක්කා.... හිකිස්...

වැඩේ හරි පරණ ඇරියස් එහෙමත් කවර් කරගෙන මම වැඩේ මහා ඉහලින්ම ඉටු කරලා.. සර් ට භාර දුන්නා... (හැබැයි සර් ඒ අයගෙන් ආයේ ගාථා අහල තමයි දඬුවම් නියම කරේ..)
 වැඩේ ගොඩ! හැබැයි එදා ඉඳලා තරහ කාරයෝ වුනත් වැඩිය සද්දේ දාන්න අවේ නෑ මට. කොයි වෙලේ වැඩේ වරදිද දන්නේ නෑ නේ... :P 

සැහෙන කාලෙකින් මට තග දාපු ගොඩ දෙනෙක්ට පාඩමක් ඉගැන්නුවේ අන්න එහෙමයි.. දවස් කීපයක් පොඩ්ඩක් බයෙන් හිටියෙත් කොයි වෙලේ කට්ටිය සෙට් වෙලා මට නෙලයිද දන්නේ නැති නිසා.. මොකද කිව්වොත් මම ඒ දවස් වල නිකන් කෝට්ට වගේ තමා.. වැඩිය උසකුත් නෑ... ඒත් අන්තිමට සිද්ධ වුනේ ඒ ගොඩ දෙනෙක් මාත් එක්ක සැහෙන්න ෆිට් වෙච්ච එක...

අපායට ගියත් ඉස්සෙල්ල යන්න ඕනෑ කියනවනේ.....!!!







Photos:
http://static3.echalk.net/www/ud00/a/a14a972598cb496ba7cdacaa82af8e03/Personal_Images/back-to-school-supplies.jpg


13 comments:

  1. සර්ව කන්න උපන් ගෝලයෙක් නෙව... ගෙදරදිවත් වදින්නේ කියන්නේ නැතිව ඇති මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. හම්මේ ඒ දවස් වල හැම පෝයටම පන්සල් යන ඉරිදට දහම් පාසල් යන හවසට මල් පහන් පුජා කරන අහිංසක කොල්ලෙක් මම.. දැන් එහෙම නොවුනට.... :P

      Delete
  2. අපරාදෙ අරුන් සෙට් එකට එකට සෙට් වෙලා උඹට නෙලන්නයි තිබුනෙ, ඇති වෙන්නම!! :D

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඔහොම කියන්න දුක නැද්ද.. :(

      Delete
  3. ගාථා,කවි කටපාඩම් කරන එකත් අවුලක් නෑ .සමහර ඒවා තාලේට කියන්නත් එපැයි.ඒක තමයි ඒකාලේ තිබ්බ අමාරුම වැඩේ. :D

    ReplyDelete
  4. මට නං ඔය පාඩං දෙන ඒව අරවමෙව මට නං දිරවන්නෙම නැ...
    සැක්කේ...
    එපා වෙනව...
    ඒත් ඔය ගාත අනං මනං නං පාඩං කරන්නම වුනේ නෑ.... අපේ කිරියම්මල හන්ද ඒව නිකංම ඔළවට වැටිල තිබ්බෙ

    ReplyDelete
    Replies
    1. +++++++++++ උන්දලා බුදුන් දැක නිවන් දකින්න ඕනා.

      Delete
  5. අපිත් ඉතින් ඕව පාඩම් දුන්න නොවැ.
    හම්මේහ් එපා වෙනව.
    කරණීය මෙත්ත සූත්‍රෙ පද මාරු වෙලා හාමුදුරුවො හත්වැදුම් වැන්දෙව්ව.
    අප්පේ ලැජ්ජාවටම ආයෙත් කවදාවත් අමතක උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. හම්මේ.. කමක් නෑ අදටත් හොඳට මතක ඇති එහෙනම්..

      Delete
  6. බොලා දන්නවද අපි ඔය කවි ගාථ පාඩම් දුන්න විදිය, අපේ ගුරු මෙසේ තියෙන්නේ තව දෙස් පෙලියලට අලවලා, ඉතින් අපි ඒ ලියන්නේ මමයි තව මගේ හොඳම යාලුවෝ ටිකයි තමා ඔය පේලිය රන් කරන්නේ, ඉතින් කවුරු හරි කවි ගාථා පාඩම් ගන්නවා නම් ගුරු මේසෙට කවර වෙලා අපේ මෙසේ පොත් දාන තට්ටුවට යටින් අපි අච්චු පොත් අල්ලනවා මිස්ට හරි සරිට හරි පෙන් නැති වෙන්නම අරුත් කවි නිකන් උගේ වගේ කියලා දානවා පොත බලාගෙන, හෙක් හෙක් ඔය අස්සේ මට මතකයි අපි මහගම සේකර මහත්තයාගේ කවි පන්තියක් හරි ආ තව කෑරගල වෙහෙර වැනුම අපිට ඕන විදියට රැප් කරලා වනන්න හිහින් අම්බානෙට ගුටි කාල දැනත් ගහගෙන හිටියා. තාමත් මතකයි බන් ඒ රැප කරපු හැටි

    සාර පලය අඹ දඹ ද වල්පිට - මීර ජලය ඇලදොළ කඳු පිටින් බට
    නෑර ලොලය වඩවන දුටු දනන් හට - කාර ගලය වැජබෙයි මී ලෙසින් සිට

    කුලින් කුලම සිළඹ වැහෙන කදුරුය -දොලින් ඩොලම කල් යල් කරන කුඹුරුය
    පලින් පළම තල් පොල් ගෙවතු මැදුරුය - තලින් තලම පුල් පියුමුපුල පඩේරුය

    යන්තම් දෙකක් හරි මතකයි, ඇදෙ සන්තෝසයි මගේ මතකේ හොඳයි, ඒලෙවල් මත කරලා යුනිවසිටි ගිහින් බහුබුඋත කන්දක් ඉගෙන ගෙන දැන් එලියට ඇවිල්ලත් සා පෙළ කවි මතකයි. අඩේ ඒ අතීතය :'(

    ReplyDelete
    Replies
    1. අපිත් ඔය පොත් වැඩේ කරා... අහු වුනේ ඉස්කෝලේ හිටපු සැරම සර් ට.. කැපුවා තාමත් මතකයි.. සර් තමයි නිව්ටන්ගේ තුන් වෙනි නියමය කියල දුන්නේ.. අපිට සලකලා අත අතගාන ගමන්.. :D

      අපිත් ඕක රැප් කරා බොලව්... හම්මේ අව්ලක් නැතුව පාඩම් කරපු එකම කවි පන්තිය... උගන්නන්නත් කලින් කට පාඩම්... :P

      Delete

Related Posts Plugin for WordPress, Blogger...