මොකක්ද මේ ආදරය. එක එක අය එක එක විදිහට මේක විග්‍රහ කරයි. සරලව කිව්වොත් දෙදෙනෙක් අතර ඇති වෙන එක්තරා ආකාරයක ආකර්ෂණයක් ආදරය විදිහට විග්‍රහ කරන්න පුළුවන්.
සමහර විට පාරේදී මඟ තොටේදී කෙනෙක්ව දැක්ක පමණින්ම ආදරයක් ඇති වෙන්න පුළුවන්. ඒ, ඒ දැකපු කෙනා තමන්ගේ හිතේ ඇඳිලා තිබුණු තමන් ආදරය කරන කෙනාගේ රුපෙට සමාන නිසා වෙන්න පුළුවන්. එතැනදී ඇති වෙන්නේ ඒ රුපය කෙරෙහි ආදරයක්..