Showing posts with label my dreams. Show all posts
Showing posts with label my dreams. Show all posts

Tuesday, November 18, 2014

වි පස්ස යේ පොදු අපේක්ෂකයෙක් සතු විය යුතු ගුණාංග....

පොදු අපේක්ෂකයෙක් සතු විය යුතු ගුණාංග....

  1.  සිංහල බෞද්ධයෙක් විය යුතුය.
  2.  සියලු ජාතින් ඒකරාශී කල හැකි අයෙක් විය යුතුය.
  3. මනා පෞර්ෂයක් තිබිය යුතුය.
  4. ලංකාවේ සංස්කෘතිය ඉතිහාසය පිලිබඳ විශේෂඥ දැනුමක් තිබිය යුතුය.
  5.  රටේ පවතින සංවර්ධනය නොගැලපෙන බව පෙන්වා නව සංවර්ධන මාවතක් පෙන්වීමට අවශ්‍ය දැනුම සහ හැකියාව තිබිය යුතුය.
  6. ප්‍රතිවාදියා එල්ල කරන ඕනෑම ප්‍රශ්නයකට තමාට වාසි අන්දමින් පිළිතුරු දීමට තරම් දක්ෂයෙක් විය යුතුය.  
  7. අවශ්‍ය විටෙක උඩු රැවුල වැවිය හැකි අයෙක් විය යුතුය.(අපේක්ෂිකාවක් නම් අදාළ නොවේ)
  8. රෙදි ඇදීමට හැකි විය යුතුය.
(තව තියනවනම් දාන්ඩ කො... ඔච්චරයි මතක් වෙන්නේ.. )

ඉතින් දැන් වි පස්ස ය කල යුත්තේ පොදු අපේක්ෂකයෙක් වෙනුවෙන් මරාගැනීම නොව මේ ගති ගුණ ඇති පුද්ගලයෙක් සෙවීමය. 

(මෙය හුදෙක් විනෝදාස්වාදය උදෙසා දැමු පොස්ටුවක් පමණක් බව කරුණාවෙන් සලකන්න. )

Tuesday, September 30, 2014

මචන් මේකත් පොඩ්ඩක් අහපන්... ☟



just listen


මචන්...

ජීවිතේ කියන්නේ කෙල්ලෝ නෙමෙයි මචන්...
මොනවා වුනත් තමන්ගේ අම්මට තාත්තට සලකල හිටපන්.. උඹව ඔය තත්වෙට ගත්තේ උඹේ අම්ම තාත්ත නේද.. ඒ මිනිස්සු කොච්චර දුක් විඳින්න ඇද්ද උඹව උස් මහත් කරන්න.. වෙල් ගණන් නොකා ඉඳල උඹ කන දිහා බලන් ඉඳල බඩ පුරවා ගන්න ඇද්ද... ඒත් අද උඹට වටින්නේ ඒ අම්ම තාත්ත නෙමයි. උඹේ ඉගෙනීමට වඩා උඹට කෙල්ලෝ ලොකු වුණා... උඹලගේ තාත්තා දුක් මහන්සියෙන් නොකා නොබී හම්බ කරපු සල්ලි වියදම් කරලා උඹ කැම්පස් ආවා.. උඹ යාළුවන්ට ණය වෙලා ගත්ත ලැප්ටොප් එක නිසා උඹ එක පාරක් කොළඹ හතේ කෙල්ලෙක්ට රැවටුනා... උඹ ජීවිතේ එපා කරගත්තේ හරියට එකී උඹේ මුළු ජීවිතේම උදුරා ගත්ත වගේ.. ඒත් ඒකි උඹෙන් ගත්තේ සති කීපයයි. ඊට පස්සේ උඹ ස්කයිප් එකෙන් මුණ වත් දැක්කේ නැති කෙල්ලෙක්ට ලව් කරා... උඹ අර අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු විකුණලා කෙල්ල වෙනුවෙන් වියදම් කරා... උඹේ සල්ලිද?
නෑ...
අර දුක් විඳින මනුස්සයාගේ සල්ලි.....
මේවා සහ ගහන අපරාද මචන්.. ඒත් උඹ තේරුම් ගත්තේ නෑ...
ස්කයිප් කෙල්ලව හම්බෙලා දවස් දෙකයි ඒකි උඹට ඇඳට කතා කරා... එතකොටවත් උඹට තේරුම් ගන්න බැරි වුනාද.....
 දාස් ගණන් වියදම් කර කර කැම්පස් එන්නෙත් නැතුව උඹ ඒකි එක්ක පිස්සු කෙලියා... අපි කියපු කිසි දෙයක් උඹ කනකට ගත්තේ නෑ....

ස්කයිප් කෙල්ල ඒකිගේ පැටිකිරිය ගැන කිව්වේ උඹ ඒකිව දාල ගියාට පස්සේ නේද...

ඒත් සැහෙන කාලෙකට පස්සේ අපි කියපුව උඹ තේරුම් ගත්ත කියල මම හිතුවා..

ඒත් මම වැරදියි...

උඹ තව එකක් සෙට් කරගෙන... ඔව් කෙල්ල ලස්සනයි තමයි.. අහිංසකයි....

උඹට කෙල්ලෙක් නැතුවම බැරි නම් ඕකවත් හරියට කරගෙන හිටහන්... එදා මම කිව්වේ එහෙමයි... අවුලකින් නෙමෙයි මචෝ...  උඹට දැන් වත් හරි යයි කියන සිතිවිල්ලෙන්... කෙල්ල හොඳයි තමයි. පොළොවේ පය ගහල ඉන්න කෙල්ලෙක්. අනාගතේ ගැන හිතල තීරණ ගන්න කෙල්ලෙක්.. උඹේ වාසනාවටද මන්දා උඹට ජොබ් කට්ටකුත් සෙට් වුණා...
යාලුවෝ විදිහට අපි එදත් සතුටු වුණා.. කැම්පස් එකේදී සෙට් වුණා හොඳම යාළුවා විදිහට මම ඊටත් වඩා සතුටු වුණා මචෝ..

ඒත් අන්තිමට මොකද වුනේ.... උඹට හැම දේම අමතක වුණා... අම්ම තාත්ත පවා... උඹේ මුළු ජීවිතේම දැන් අර ජීවිතේ වරද්ද ගත්ත කෙල්ල ගාව.... වරදට සමාව දෙන දෙවියෙක් වෙලා දැන් උඹ....

මුළු ජීවිතේම දින්නා කියල උඹ හිතන් හිටියට උඹ පැරදිලා මචෝ... හම්බ කරන හැම සතේම ඒකිට දීලා උඹ තවම කන්නේ බොන්නේ ගෙදරින්... ඔව් දැන් උඹට කරන්න වෙන දෙයක් ඉතුරු වෙලා නෑ.. කවදම හරි උඹට ඒකිවම කරගහන්න වෙයි... සමහර විට උබේ හැම දෙයක්ම උදුරාගෙන උඹට වත් හොයා ගන්න බැරි දිහාකට යයි.

එදාට උඹට ඉතුරු වෙන්නේ උඹේ අසරණ දෙමවුපියෝ දෙන්න විතරයි...

කවදාවත් ඒ මිනිස්සුන්ට දුකක් දෙන්න එපා... දෙමවුපියන්ගේ හිත් රිදවනවා කියන එක සහ ගහන අපරාධයක් මචෝ...
පොඩි කාලෙකදී අපි ගාවට යන එන මිනිස්සු ගැන ඕනෑවට වඩා හිතන්න එපා බන්... බස් එකක් වුනත් හෝල්ට් එකේ නවත්තන් ඉන්නේ මිනිස්සු නඟිනකන් විතරයි. තමන්ගේ එකම පුතා හොඳ රස්සාවක් කරලා ඉස්සෙල්ලම ගන්න පඩියෙන් තමන්ට පුංචි හරි තෑග්ගක්  අරන් එන එක ඕනෑම අම්මෙක් තාත්තෙක් දකින හීනයක් මචන්. ඒ වෙලාවට අම්මගේ තාත්තගේ ඇස් වලට එන සතුටු කඳුළු උඹට ආයේ කවදාවත් දකින්න බෑ මචන්. ඒත් උඹ ඒ දේ කරාද...
කවද හරි දවසක උඹේ දරුවෙක් උඹට ඔය දේ කරද්දී උඹට තේරෙයි මචෝ.. එදාට උඹ පරක්කු වැඩි...
උදේ ඉඳන් දාඩිය මහන්සියෙන් ගෙදර දොරේ වැඩ ටික කරන.. උඹේ රෙදි ටික හෝදලා දෙන අම්මට උඹේ අතින් බත් කටක් කවල තියනවද... අව්වට වේලිලා දිය වෙලා ගිය කමිසේ ඇඳන්, තැන් තැන් වලින් අන්ඩ දාපු කලිසම ඇඳන් උදේ පාන්දරම රේල් පාරේ වැඩට යන තාත්තට උඹ කමිසයක් අරන් දුන්නද...

ඒ වුනාට අර කෙල්ලට උඹ ඇඳුම් නම් කියක් අරන් දුන්නද.....

පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මචෝ... උඹ ගෙදරට බොරු කරලා මොන තරම් සැප වින්දත් වැඩක් තියනවද... උඹේ දෙමවුපියෝ සතුටු වෙනවා උඹ කාවද හරි හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙයි කියලා... ඒත් උඹ ඩිග්රි එකත් අත ඇරලා ඉබාගාතේ යනවා... උඹට ජොබ් එකක් තියනවා තමයි.. ඒත් උඹට කොච්චර ඉහලට යන්න පුලුවන්ද... ඩිග්රි එක කරන්න උඹට කොච්චර වෙලාව තිබ්බත් දැන් ඒකි උඹට ඩිග්රි එක එපා කරවල ඉවරයි නේද... සිහි බුද්ධියෙන් හිතල බලපන් මචෝ උඹ ඉන්නේ කොහෙද කියලා... උඹට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා... උඹේ හදවතින් අහල බලපන් මම කියන්නේ බොරුද කියලා...


කවදාම හරි දවසක උඹට තේරෙයි උඹ කොච්චර පව් කාරයෙක්ද කියලා...





ඔව් උඹ හිතින් මට බනියි... 
ඒත් මම මේවා කියන්නේ කාලයක් මම නොදැන කරපු වැරැද්දට තාමත් පසුතැවෙන හින්දා... යාලුවෙක් විදිහට උඹටත් ඒ දුක දෙන්න බැරි හින්දා... වාසනාවකට ඒ පව්කාර ජීවිතෙන් මම ගොඩ ආවත්... ඒ වේදනාව කවදාවත් නැතිවෙන්නේ නෑ මචෝ.. ඒකයි මම උඹටත් කියන්නේ... දැන දැන වලේ වැටෙන්න එපා..

 උඹ හොඳ මනුස්සයෙක් බන්. හිත හොඳ එකා... ඒත් තාමත් උඹට හැදෙන්න පුළුවන්... තවම පරක්කු නෑ.....


truth


ඔව්... මේක ඔයාගෙත් කතාව වෙන්න පුළුවන්....



Photos: https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5ldDnT2K93vPX5vHpf95yNUbgR1siSpStYycJ1pkDMVaJu5EjrPmXJ8u_VUhsxPk-9F7BVL0DjFu6v9lmsoMRa8eeF0BXgqjDu5YmXktuv0XobArXhOVfBu0yDBhYJPba7P6Wu-OltXex/s400/just-listen.jpg
             http://fellowpillow.files.wordpress.com/2012/12/truth.jpg

Tuesday, September 23, 2014

මිහිරි මතකයන්...❢❢❢


මට තාමත් මතකයි අපි මුණ ගැසුන පලවෙනි දවස....
පාන්දරින්ම මම කොළඹින් නුවරට ආවේ හිතේ ලොකු චකිතයකින්....
අපි දෙන්න මුලින්ම මුණ ගැසෙන දවස....
ඔයත් ඒ වගේම චකිතයකින් ඉන්න ඇති...
මාස ගානක් කටහඬ විතරක් අහපු... ෆොටෝ වලින් විතරක් දැකපු ඔයාව....
ඇත්තටම මුණ ගැසෙන දවස... 
අපේ ආදර කතාවේ සුන්දරතම දවස....
මුල්ම වතාවට ගුඩ් ෂෙඩ් බස් ස්ටෑන්ඩ් එකේදී දුවන්න බලන් ඉන්න හා පැටියෙක් වගේ බයෙන් වගේ වට පිට බල බල හිටපු ඔයාව දකිද්දී....
මට දැනුනේ මම මුළු ලෝකෙම දින්නා කියලා....





ඇත්ත......


ඔයා තමයි මගේ ජීවිතේට ලැබුණු හොඳම දේ....

අරමුණක් නැතිව...
අනාගතයක් නැතිව...
පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ දුව දුව හිටපු මගේ ජීවිතේට....
අරමුණක් දුන්නේ ඔයා....
ඉදිරියක් හදල දුන්නේ ඔයා.....
ලස්සන අනාගතයක්... ලස්සන ජිවිතයක් ගැන හීන දුන්නේ ඔයා... 

හිතට දුකක් ආවම... සැනසීම දුන්නේ ඔයා...
තරහකදී.... නිවීම දුන්නේ ඔයා...
ඒ සැනසීම මම හැමදාමත් බලාපොරොත්තු වෙනවා රත්තරන්...

ඉස්සර වගේම කතා කරන්න.... 
ඔයා එක්ක හීන දකින්න අදටත් මම ආසයි...
මොන දේ ලැබුනත්... ඉස්සර හිටපු ඔයා නැති ජීවිතේ හිස් වෙලා...
හීන මවපු අනාගතේ ඇතුලේ අපි අතරමන් වෙලා.....


හිත ඇතුලේ හොල්මන් කරන...
ඒ නැතිවුන අතීතය තාමත් මම හොයනවා...
ඒ මිහිරි මතකයන්ට යන පාර මම තාමත් හොයනවා...   
         
         ╰☆╮╰☆╮╰☆╮

Tuesday, September 9, 2014

මගෙන් උපන්දින සුභ පැතුම්!!!!

happy birthday


ඊයේ ඔයාගේ 23 වෙනි උපන් දිනේ... "මම කවදාවත් උපන්දිනේ දවසේ පිට ඉඳල නෑ රත්තරන්, මේ පාර මගේ උපන්දිනේ දවසේ මගේම කියල කවුරුත්ම නෑ මන් ගාව.." ඔයා කියපු හැටි තාමත් මතකයි.. අවුරුදු 23ක් ගෙදර බඩ පිස්සි විදිහට හුරතලේට හැදුන ඔයා අද ඔයාගෙම අනාගතයක් වෙනුවෙන් මහන්සි වෙනවා.. ගෙදරින් ගොඩක් දුර ඇවිත්.. වෙනදට උපන් දිනේ දවසට පවුලේ අයත් එක්ක දළදා මාලිගාවට යන.. ගැටඹේ පන්සලට බෝධි පුජා තියන ඔයා අද ඒ හැමෝගෙන්ම ඈත් වෙලා..
සමහර විට ඔයා එදා මට එහෙම කිව්වේ "අනේ එදාට මාව බලන්න එන්න " කියල වෙන්න ඇති.. ඒත් හිතේ තිබ්බ තරහටමද මන්දා මම ඔයාට කිව්වේ "සඳුදා නිවාඩුනේ... විනාඩි 10ක ට පහළොවකට මම දවසම නැති කරගෙන එන්න ඕනද " කියලා... ඒත් ඔයාට ඇහුනේ නැති වුනත් හිත ඇතුලෙන් කෑගහල කිව්වේ "මම එන්නම් රත්තරන්" කියලද මන්දා..... උදේ වෙනකන් ඔයාව බලන්න.. ඔයාට සුභ පතන්න එන්නේ නැතුව ඉන්න මම මාත් එක්කම පොර බැදුවා... ඒත් මගේ හිත දින්නා... ඔයාගේ උපන්දිනේට දෙන්න ගත්තු තෑගී ටිකත්... 'සුනිල් ෆොටෝ' එකේ ඇන්ටිත් එක්ක ඇරගෙන බොහොම අමාරුවෙන් ප්‍රින්ට් කරගත්තු ඔයා ආසම ෆොටෝ එකත් අරගෙන මම ආවේ එක විනාඩි පහකට හරි ඔයාව බලල යන්න.. උපන්දිනේ දවසේ ඔයාගෙම කියලා එක්කෙනෙක් හරි ඔයා වෙනුවෙන් එක විනාඩි පහකට හරි හිටියනේ කියල ඔයාගේ හිත හදන්න... බොරැල්ලෙන් ගිෆ්ට් බොක්ස් එකකුත් රැපින් පේපර් එකකුත් අරගෙන... නාරාහේන්පිට ටවුන් එක පුරාම ඇවිද්දේ ඔයාගේ තෑගී ඔතන්න සෙලෝටේප් එකකුයි කතුරකුයි හොයාගන්න, ඒක ඉස්තරම්ම විදිහට ඔයාට දෙන්න ඕනෑ නිසා...

ඔයාට ලන්ච් බ්රේක් එක හම්බෙන්න කලින් කොහොම හරි මම ඔතනට ආව රත්තරන්... 

ඒත්..... මාව දැක්කට ඔයාගේ මුනේ ලොකු සතුටක් තිබ්බේ නෑ නේද.... මම ගෙනාපු තෑග්ග දීල විශ් කරද්දී වෙනදනම් ඔයා දඩි බිඩියේ බලන්නේ මොනවද මම ගෙනාවේ කියලා... ඒත් ඊයේ.... ඔයා ඒක දිහා බැලුවේවත් නෑ.... කැන්ටිමේ කෑම කද්දී ඔයා මම දීපු පාර්සලේ වෙන කෙල්ලෙක් අස්සට දාලා... තෑග්ගක් දිපුහම වෙනද ඒක බදාගෙන ඉන්න ඔයා... ගොඩක් වෙනස් වෙලා... මට ගොඩක් දුක හිතුනා රත්තරන්... අඩුම තරමේ මාත් එක්ක ඔයා කතා කරේ වත් නෑ හරියට... කමක් නෑ.. මම ආවනේ.... මම අපහු යද්දී ඔයාට් ඇඩුනා... ඒත්.. ඔයා මන් එක්ක කතා කරේ නෑ... ඔයා කොළඹ ආපු දවසේ... මම ඔයාව එක්කන් එන්න බලාගෙන හිටියේ.. ඒත් ඔයා නාඳුනන කට්ටියක් එක්ක, ඔයාගේ යාලුවෝ එක්ක තනියම ගියා... ඔයාගේ හීන වල දැන් මම නැතුව ඇති සමහර විට.. නැත්නම් ඒවගේ මාව පෙනී පෙනී බොඳ වේවි යනවද.... නැත්නම් වෙන කෙනෙක් ඒ හීන වලට එන්න හදනවද.... මම ඊයේ හවස ඔයාට නපුරු වුණා රත්තරන්.. සමහර විට ගෙදරින් පිට නිසා ඔයා දුකින් ඇති.. ඒත් ඔයා තනියම විඳවනවා... ඔයාට ඒ දුක මාත් එක්ක බෙදා ගන්න බැරිද... 

ඒත් ඔයා ඊයේ රෑ කිව්වා "මගේ බර්ත්ඩේ එක දවසේ මගේ කියල හිටියේ ඔයා විතරයි" කියලා.. ඔයා ඔයාගේ හීන පස්සේ තනියම පන්නනවද රත්තරන්???? කමක් නෑ ඔයා මාව දාල යන දවසක් වෙනකන් මම ඔයා එක්කම ඉන්නවා.. ඔයාට කවදාවත් වරදින්නේ නෑ...

ඉස්සර මම ආදරේ කරපු ඒ දඟකාර හුරතල් කෙල්ල එනකන් මම බලන් ඉන්නම් රත්තරන්... ඒක මගේ මෝඩකම වෙන්න පුළුවන්.. ඒත්..... එහෙම බලාපොරොත්තු තියාගෙන ඉන්න එක වැරද්දක් නෙමෙයිනේ... මට ඒක සතුටක්...

ඔයාට බුදු සරණයි..!!!



lone boy


photos: http://i1069.photobucket.com/albums/u477/ALPerrin/Birthdays/GIFs/happybirthdaycakegif4.gif
           https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDbeKzdA8mwFZG2GkgVYsZQEixQiSNo_nwdpohsosXVJvljC8POfWemI7DGw5vI3H1D2pHya41d6lp-dhi64FooxJ8JhDnwcDC0hL1YAK5bHJBufVGspOrkkdqXicYb9V88-sZfMNMVKFz/s1600/20080829_LonelyBoy.jpg

Saturday, September 6, 2014

ගොරක යකා සමඟ එකට කෑම....


හෙඩින් එකට බය වෙන්න කාරි නෑ.. මම කියන්න හදන්නේ පොඩි කාලේ අපි කරපු සෙල්ලමක් ගැන...
ඉස්කෝලෙදි එහෙම නෙමෙයි.. නිවාඩු දවස් වලට නිවාඩු කාල වලට කරපු සෙල්ලමක් ගැන. අපේ අත්තම්මා, ඒ කියන්නෙ අපේ අම්මගේ අම්මා, ඒ වගේම අම්මගේ අක්කල දෙන්න, මගේ ලොකු අම්මා සහ අපි පදිංචි වෙලා හිටියේ එක ළඟමයි. අත්තම්මා සහ ලොකු අම්මලා හිටියේ අක්කර කිහිපයක තරමක් විශාල වත්තක ගෙවල් හදාගෙන. ගේ අවට තරමක් එලි පෙහෙළි වෙලා තිබුනත් වත්තේ මීටර් 200ක් පමණ ඇතුලට යනකොට තියෙන්නෙ මහා කටු කැලයක්... ඒ වගේම නිවාඩුවක් හම්බුන හැම වෙලේම මමත් මල්ලිත් වැඩි හරියක්ම හිටියේ මේ ගෙවල් වල. කොහොමත් සතියට අඩුම තරමේ දින 5ක්වත් අපේ අම්මත් ලොකු අම්මලත් අත්තමගේ නිවසට පැමිණ හවස් වරුව කාලය ගත කරන්න පුරුදු වෙලා සිටියා...

Saturday, August 30, 2014

මම කෝච්චියට යටවෙන්න ගිය හැටි....


මේකත් පොඩි පහේ පරණ කතාවක්... 2012 අවුරුද්දේ මුල් කාලේ වෙච්ච සිද්ධියක්.. ඇත්තම කිව්වොත් පොඩි ආදර කතාවකුත් මේකට සම්බන්ධයි... මගේ ප්‍රථම ප්‍රේමය.. ප්‍රථම ප්‍රේමය කිව්වට කවදාවත් සම්බන්ධයක් නම් ඇති වුනේ නෑ.. හිතින් විතරක් පෙම් කිරිල්ලක් කිව්වොත් නිවැරදියි. ඒකත් ඒක පාක්ෂික ආදරයක් පමණයි. තාමත් හිතේ කොනක පැළවුණු ආදරයක් ඒක.. ඒක ගැන පස්සේ හිමිහිට පෝස්ටුවක් දමන්නම්.
කතාවට එමු.....

Wednesday, August 20, 2014

ජාතිය සහ අද තත්වය...




අපේ ඔපීසියේ ඩ්‍රයිවර් මහත්තයා ඊයේ මට මාරු කතාවක් කිව්වා.


"මහත්තය බලන්නකෝ. අපේ වයිෆ් කෝල් එකක් දුන්න මට දැන්... අපේ ගෙදරට මිඩ්වයිෆ් එනවා නිතරම. මල කරදරේ. ඇවිත් උපත් පාලනය ගැන උපදෙස් දෙනවයි එක විකාරයයි.."

"ඉතින්?"

"හැමදාම comdom තොග පිටින් දීල යන්නේ.. මම කරන්නේ ඒවා පුච්චලා දාන එක.."

මු හිනා වේවි කියනවා...


Friday, August 15, 2014

☆.:*´¨`*....තඹර පිපි දින....۶*´¨`*:.☆



අයාලේ ගිය බැවින්
මා මනැසි
පෙති විදා තඹර පිපි දින
නොදත්තෙමි ඒ වග
හිස් විය
මගේ මල් පැස
පසෙක විය ඒ මල
කිසිත් සැලකුම් නොලැබ


Thursday, July 10, 2014

කෝච්චියේ ආතල්....


මේ කතාවත් දුම්රියේ සිදුවූ එක සිදුවීම් පෙළක් පාදක කරගෙන ලියවූ එකක් ය.
කුරුණෑගල පළාතේ එක්තරා ප්‍රදේශයක ජිවත් වන රජයේ සේවකයෙකි. මැදි වයසේ පසුවන ඔහු විවාහකද නැද්ද යන්න පැහැදිලි නැත්තේ අතේ මුදුවක් නැති නිසාවෙනි. නමුත් විපරම් කළ විට දැනගැනීමට හැකි වුයේ ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක් බවය.

Wednesday, July 9, 2014

සිරාම දේශපාලඥයෝ



මේක අපේ campus එකේ ඒ කියන්නේ සිහින ලෝකයේ විශ්වවිද්‍යාලයේ ඉන්න නොම්බර එකේ පොරක් ගැන කතාවක්. අපි මුට ඇම්ඩා කියමු. මේ campus එක ගැන කියනවනම් අපිත් හැම එකකම වගේ අපූරු උප සංස්කෘතියක් තියනවා. ඔව් rag එකත් එහෙමම තමා..
ඉතින් අපි ෆ්‍රෙෂා ල කාලේ මූත් මුල ඉදලම තමන්ගේ පාඩුවේ rag උන "එල බොක්කක්."  පොඩි පහේ ජොබ් කට්ටකුත් කර කර තමා campus අවේ බුවා.. හැබැයි ඔය ඕන පුකක් "සත පනහයි" කියල සින්නන්ට පුක දුන්න ජාතියේ බුවෙක් නම් නෙමෙයි. පොඩ්ඩක් විතර අස්සට වෙලා පාඩුවේ හිටියේ. හැබැයි batch එක ඇතුලේ කට්ටියට සද්දේ ගෙන හිටපු බුවෙක්. ඒ කතා වැඩිය ඕනේ නෑ.. කොහොමත් අපේ batch එක වෙනුවෙන් සැහෙන දතක් කාපු පොරක් මොක උනත්.. :D