Showing posts with label real dreams. Show all posts
Showing posts with label real dreams. Show all posts

Tuesday, November 18, 2014

වි පස්ස යේ පොදු අපේක්ෂකයෙක් සතු විය යුතු ගුණාංග....

පොදු අපේක්ෂකයෙක් සතු විය යුතු ගුණාංග....

  1.  සිංහල බෞද්ධයෙක් විය යුතුය.
  2.  සියලු ජාතින් ඒකරාශී කල හැකි අයෙක් විය යුතුය.
  3. මනා පෞර්ෂයක් තිබිය යුතුය.
  4. ලංකාවේ සංස්කෘතිය ඉතිහාසය පිලිබඳ විශේෂඥ දැනුමක් තිබිය යුතුය.
  5.  රටේ පවතින සංවර්ධනය නොගැලපෙන බව පෙන්වා නව සංවර්ධන මාවතක් පෙන්වීමට අවශ්‍ය දැනුම සහ හැකියාව තිබිය යුතුය.
  6. ප්‍රතිවාදියා එල්ල කරන ඕනෑම ප්‍රශ්නයකට තමාට වාසි අන්දමින් පිළිතුරු දීමට තරම් දක්ෂයෙක් විය යුතුය.  
  7. අවශ්‍ය විටෙක උඩු රැවුල වැවිය හැකි අයෙක් විය යුතුය.(අපේක්ෂිකාවක් නම් අදාළ නොවේ)
  8. රෙදි ඇදීමට හැකි විය යුතුය.
(තව තියනවනම් දාන්ඩ කො... ඔච්චරයි මතක් වෙන්නේ.. )

ඉතින් දැන් වි පස්ස ය කල යුත්තේ පොදු අපේක්ෂකයෙක් වෙනුවෙන් මරාගැනීම නොව මේ ගති ගුණ ඇති පුද්ගලයෙක් සෙවීමය. 

(මෙය හුදෙක් විනෝදාස්වාදය උදෙසා දැමු පොස්ටුවක් පමණක් බව කරුණාවෙන් සලකන්න. )

Tuesday, November 11, 2014

බොගේ මකුළු දැල් කඩන ගමන්..



හම්මේ ඉතින් සෑහෙන කාලෙකින් මේ පැත්තේ ගොඩ වුනේ... බොගේ මකුළු දැලුත් බැඳිලා... - ඊස් ඇට් මකුළු දැල් කඩමින්. :3

මොනා කරන්නද සෑහෙන ප්‍රශ්ණ ගොඩකුත් එක්ක exam කියයි අරවයි මේවයි.. දෙය්යෝ දුන්න වගේ බොහොම නිදහසේ ඉන්න පුළුවන් ඕපිසියකට ට්‍රාන්සර් ආපු හින්දම මේ අවුරුද්දේ බොහොම අමාරුවෙන් cat ටිකට මැරීගෙන වැඩ කොරා ඇණ වෙච්ච ඒවා ටිකත් ගොඩ  දාගන්න කියල. ඔන්න ඉතින් ඒ අස්සේ කලින් පාර වැඩ කර කර හිටපු නුවර බ්‍රාන්ච් එකේ පොඩි කේස් එකක් ගිහින් හරියටම cat එකක් දවසෙම නුවර යන්න වුනා.. කමක් නෑ හවසනේ exam එක.. ගිහින් වැඩේ බලල පොල්ගොල්ලේ open එකට ගිහින් ලියනවා කියල හිත හදාගෙන ගියා..  (කියන්න බැරි වුණා.. open university එකේ මම ඩිග්රි එක කොරන්නේ ඈ..) ලාවට වගේ ඒකත් ගොඩ දාගත්ත කියමුකෝ.. කොහොම හරි computer programming practical එකකුත් අන්තිම පැය භාගේ ගිහින් බැනුම් කෝටියක් මැද්දේ ගැට ගහල ආව... හම්මේ ඉතින් කාට කියන්නද. distance education කියල... ජොබක් කරන උදවියට හොදයි කියල මාකටින් පාර දීගෙන කරන් යන open එක ගැන වෙනම කතා කරන්න පුළුවන් ඈ... management , law ඇරෙන්න Bsc, Engineering ඩිග්රි එකකටනම් ජොබක් එක්ක ලේසි නෑ පුතේ.. හම්මේ ඉතින්... කොහොම කොහොම හරි ඕව වුනේ මාස දෙක තුනකට කලින් හොදේ... ඔන්න ඊයේ ඉඳන් final පටන් ගත්ත... final වලට සති දෙක තුනකට කලින් eligible marks අවුට් කරනවා... eligible mark එක හැදෙන්නේ අපි ලියපු cat වලින්.. (අපි දන්නවා අපි දන්නවා කියල කෑගහන්න එපා දැන් නොදන්නා අයට කිව්වේ :v ) හත් වලාමයි.. නුවර ගිහින් කරපු cat වල ලකුණු එකතු වෙලා නෑ..!! මොන රෙද්දක්ද... සබ්ජෙක්ට් 3ක් ඩවුන්.. ගියා department... කතා කරා මොකද වෙලා තියෙන්නේ අහන්න....

මම ලියල තියෙන්නේ එක cat එකලු....!!!!

බැලින්නම් මම නුවර ලියපු cat වල marks එකතු වෙලා නෑ... මොනවද මේ වෙලා තියෙන්නේ....
මමත් පාඩුවේ කතාව විස්තර ඇතුව කිව්වා... මේ මිනිස්සු ඇඟට කඩන් පනින්න හදනවා.. මම කවදාවත් ලෙක්චර් එකක වත් දැකල නෑ ලු..

කොහොම ලෙක්චර් යන්නද සතියේ දවස් වල වැඩට නොයා... ඇයි සෙද්ද සෙනසුරාද ඉරිදා තියන ඒවාට අනිවා මම යනවා.. පුළුවන් හැම දවසෙම මම ගියානේ...

කියන්න සන්තෝසයි සහෝදරවරුනි/වරියනි.... මගේ ඉවසීමේ සිමාව කුඩු පට්ටම් වුණා...

ගත්ත රෙකොර්ඩ් බුක් එක අතට.... ඉරුව දෙකට මැදින්... දැම්ම කුණු කුඩෙට...

තොපේ degree එකත් මට එපා කියල බැස්ස එලියට!!!

මොනා කරන්නද.. ජොබත් එක්ක බෑ කරන්න...  පස්සේ දෙය්යනේ කියල ආරංචි වුණා BIT එක ගැන... දැම්ම ඒකට ඇප්ලිකේසොන්.. එකේ රෙජිස්ට්‍රෙසෝන් තිබ්බේ නුවර... බින්න බහින්න ඉන්න ගම්මනෙනේ කියල මමත් ඔන්න වෙන්ඩ වයිපරේ වත් ඇදගෙන ගියා රෙජිස්ට්‍රෙසෝන් වලට...

ඉතින් මිත්‍රවරුනි/වරියනිආයෙමත් කියන්න සන්තෝසයි.....හතර විලිලැජ්ජාවයි...ලියුමේ තියෙන්නේ 25 මම ගියේ 26!!! රැජින හෝටලේ වැඩ කරන සැහෙන පිරිසක් ඉදිරියේ ලජ්ජාවට පත් වුනේ අන්න එහෙමයි...

එදා තමා මට හිතුනේ මගේ හෙන හුරා කලින්ම ගේමට බැහැල කියලා...

ඉතින් මේ ටිකේ භාගයක් කාලයගත කොරේ ඔන්න ඔය අද්යාපන කටයුතු උදෙසා... ඒ අස්සේ ලාවට පොඩි බිස්නස් කේස් එකකටත් අත ගැහුවා... දැන් කාලේ එක ජොබක් කරන් ජීවත් වෙන්න හරි අමාරුනේ අප්පා.. ජාතියේ ආදරණිය පියානෝ පඩි වැඩි කරත් කවුද දන්නේ අනිත්ව හිටු කියල නග්ගනවනේ...

ඒ අස්සේ ඊයේ ඉඳන් පොඩි පින් අතේ වැඩකටත් අතගැහුවා... යාලුවෙක්ගෙ යාලුවෙක්ගෙ (ඔව් ඔව් ඩබල් යාලුවෙක්) තාත්ත කෙනෙක්ට වකුගඩුවක් බද්ධ කරන්න වෙලා. වැඩේට ලක්ෂ 10ක් විතර යනවා.. අමාරුවෙන් එකක් හොයාගෙන.. දැන් සල්ලි තමා ප්‍රශ්නේ වෙලා තියෙන්නේ... අපි කට්ටියක් එකතු වෙලා පොඩියට හරි උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ... මෙන්න විස්තර මේ event එකේ ඇති.. කැමති කෙනෙක් පුළුවන් උදව්වක් කරන්නල... කාගේ වුනත් ජීවිතයක්නේ.... සති 3ක් ඇතුලත ඔපරේසොන් එක කෙරෙන්න ඕනෑ... මෙන්නතව විස්තර...





ඕවා තමා ඉතින් වෙන්නේ මේ ටිකේ... පොස්ටු දෙක තුනක් දාන්නත් තියනවා.. කියන්න බොහෝ දේ තියනවා... එන්නම් ආයෙත්.. අනිත් බොගවල් පැත්තේ ගොඩ වෙන්නත් එපාය... රස කතා ගොඩක් තියනවා දැක්ක...

ටටා...

Tuesday, October 21, 2014

දළදා මාලිගාවේ නියම උරුමක්කරුවන් කවුද???







 


"ආහ් මචන් දකුණු පැත්තේ කෙලවරේ ඉන්නේ එල කොල්ලෙක්..
උගේ අම්මට තාත්තා **** තියෙන්නේ ආතල් එකට සරමේ පිහදගන්න බැරි නිසා...
සොමියට ගහලා කරුමෙට වදපු උන්ගෙන් හොඳම උදාහරණේ මේකේ දකුණු පැත්තේ කෙලවර තියෙනවා...
දළදා මාලිගාව ඉස්සරහ තමන්ගේ පොෂ් ගතිය පෙන්නන්න ෆේස්බුක් එකට අප්ලෝඩ් කරන්න අර මොකද්දෝ ගොන් නිග්ගාද මොකද්ද කොට්ඨාශයක් කියලා පෙන්නන දාපු ෆොටෝ එකක් ඈ...
උන්ට දළදා මාලිගාවෙ දළදාව ඉස්සරහ ෆොටෝ ගහන්න දුන්නා නම් ධාතු කරඬුව දිහා බලාගෙන දිව එලියට දාලා පැත්තක් අංග විකල කරගෙන කම්මුලේ අත ගහගෙන
ඔව් ඔව් අර උඹලගේ භාෂාවෙන් කියනවා නම්
Fun photos දාවි Selfie අරගෙන...
අහක ඉන්න තම්බි නෙවි ඉස්සෙල්ලා මේ වගේ අවජාතක උන්ට පාඩමක් උගන්නල හිටියා නම් හොඳයි නෙහ්?
පාඩම උගන්නන විදිය නම් කරන්න ඕනි
මේක හැකිතාක් SHARE කිරීම පමණි..
එතකොටවත් මුන්ගේ ආතල් තැනට සුදුසු විදියට use කරයි නේ..? ආයේ මේ වගේ ගොන් ආතල් නොදෙන්න..

බලමු අපේ අයගෙන් ලැබෙන සපෝට් එක :)"


(ගත්තේ මෙතනින්: https://www.facebook.com/DvCreate/photos/a.376345622476842.1073741828.376337472477657/601565853288150/?type=1 )


ඔය තියෙන්නේ මේ දවස් වල බුකියේ කැරකෙමින් තියන පෝස්ටුවක්...
සිංහලෙන් කිව්වොත් මේ වගේ පක්කලි සෙට් එකක් දැක්කම මටත් අපූරු සිදුවීම් ටිකක් මතක් වුණා දළදා මාලිගාව සම්බන්ධව..

මේ අවුරුද්දේ මගේ උපන්දිනය දවසේ මමයි මගේ ආදරණිය වෙන්න වයිෆුයි ගියා දළදා මාලිගාවේ උදේ පුජාවට සහභාගී වෙන්න... පුජාවට සහභාගී වීමේ පරමාර්ථයෙන්ම පැමිණි නිසා අවස්ථාවට උචිත අයුරින් සැරසලා එන්න අමතක කරෙත් නෑ.. ඉතින් ඔන්න පුරුදු විදිහට රැජින හෝටලේ ඉදිරි පස තියන ගේට්ටුවෙන් ඇතුලට යන්න බලාගෙන මමයි එයයි දෙන්න පෝලිම් දෙකේ ඉන්නවා.. පිරිමි අය ඉන්න පෝලිම කොහොමත් ඉක්මනින් ගියේ පරික්ෂා කරන්න තරම් මහා ලොකු බඩු බාහිරාදිය උස්සන් යන්නේ නැති හින්ද වෙන්න ඇති. හැබැයි ඉතින් පොඩි ෂොපින් බෑග් එකක් අරන් ගියත් ඒකත් දිග ඇරලා බලන්නේ තමන්ගේ රාජකාරිය අකුරටම කරන නිසා වෙන්න ඇති.ඒත් කියන්න ඕනෑ එක්කෝ මේ පොලිස් මාමට ඉංගිරිසි බැරි හින්දද  නැත්නම් තාමත් සුද්දන්ට වැඳුම් පිඳුම් කරගෙන ඉන්න පරම්පරාවේ කෙනෙක්ද මන්දා... සුද්දෝ මොන තරම් ලොකු බෑග් උස්සන් ගියත් එකක් ඇරලා බලන්න තරම්වත් උනන්දුවක් මම නම් දැක්කේ නෑ.. 

"හෙලෝ ගුඩ් මොර්නින්ග්...." 
ඔව් බොහොම ගරු සරුව පිළිගන්නේ... 

අපේ එකාට...

"මේ මල්ලි... ඔය ෆෝන් off කරන් ඇතුලට යනවද... මේක පුජා භූමියක්..."

"මහත්තය මේ.... ඉක්මන් කරලා යනවද... තියන සේරම උස්සන් ඇවිත් ගමේ යනවා වගේ...."

හම්මේ ඉතින් නේද....කුසල් සිත් පහල වෙනවා ඇතුල් වෙද්දීම....

අනිත් පෝලිම පැත්තට හැරෙමු... එක්කෙනෙක් ඇතුලට යන්න සැහෙන වෙලාවක්.. පට්ට ට්‍රැෆික් එතන.. පිරිමි උදවිය අනිත් පැත්තට වෙලා බලාගෙන ඉන්නවා තමන්ගේ කාන්තා පිරිස එනකන්. ඒ අස්සේ කාන්තා නිලධාරිනියකගේ බොහොම මිහිරි කටහඬක් ඇහෙනවා...

"තැනකට එද්දී ඇඳන් එන්න දන්නේ නැද්ද...දනිස්ස ගාවටම කොටයි... මේක මොකක් කියලද හිතාගෙන ඉන්නේ.. ඇතුලට යන්න දෙන්න බෑ.."

"මොකට කරගහගෙන එනවද මන්දා... මෙහෙම තැනකට මේවා උස්සගෙන..."

අපේ පිටරට සංචාරක මහත්ම මහත්මීන්ට පෙර පරිදිමයි ඈ...  

දැන් එමුකො මගේ කාන්තා පාර්ශවේට මොකද උනේ කියලා.. ඔව් දෙය්යනේ කියල ඇඳුම ගැන නම් ඇනුම්පද අහගත්තෙ නෑ.. ඒත් බෑග් එකේ තිබ්බ චූටි පාර්සලයක්.. වෙන මුකුත් නෙමෙයි මගේ උපන්දිනේට දෙන්න ගත්ත චූටි තෑග්ගක්.. වෙන ඉතින් තෙල් බෝතලයක් හඳුන්කුරු වගේ දේවල් තමා.. මේ ගෑනි කියාපි.. 

"මේ මොකක්ද???"

"පොඩි ප්‍රසන්ට් එකක්.."

"මේක කොහොමද ගෙනියන්න දෙන්නේ.. ඇතුලට අරන් යනවනම් කඩල බලන්න වෙනවා..."

මේ ගෑනි හොලවලත් බලලා.. වෙන මුකුත් නෙමෙයි.. අත් ඔරලෝසුවක්... (මේ අවස්ථාවේ මම ඒක දන්නේ නෑ හරිය)

"අනේ බෑ ඒකනම් කරන්න..."

"එහෙනම් ආපහු යන එකයි ඇත්තේ.. කවුද දන්නේ මොනව් අරන් යනවද කියලා..." 

එහා පැත්තේ ඉඳන් මමත් අහගෙන කතාව.. 






ඔව් අපි දෙන්න ඉතින් ආපහු හැරිලා ආව... මාලිගාවේදැන් තත්වේ ඔන්න ඕකයි.. ඇතුලට යන තැන ඉඳන් මිනිස්සුන්ට සලකන්නේ ඔන්න ඔහොමයි.. හැබැයි කියන්න ඕනෑ ඔය අතරේ බොහොම අවංක.. ඒ වගේම මිනිස්සුන්ට බොහොම ගරු සරු ඇතුව..තමන් රාජකාරි කරන්නේ මොන වගේ තැනකද කියලතේරුම් අරන් රාජකාරී කරන මහත්තුරු ඕනෑ තරම් දැකල තියනවා... හැබැයි උඩදී මම කියපු ජාතියේ ඈයෝ ගේට්ටුවේ විතරක් නෙමෙයි උඩ මළුවේදී ත් දැක ගන්න පුළුවන්...'

ප්‍රශ්නේ මේකයි.. ඇතුල් වෙන සියලු දෙනාව පරික්ෂාවට ලක් කරන එක සර්ව සාධාරණයි... ඒ වගේම ගෙනියන හැම පාර්සලයක්ම, බෑග් එකක්ම පරික්ෂා කරන එක සර්ව සාධාරණයි.. මොකද මීට කලින් දළදා මාලිගවාට බොහොම දරුණු බෝම්බ ප්‍රහාරයකට මුහුණ දෙන්න සිදු වෙච්ච නිසා.. 



(http://upload.wikimedia.org/wikipedia/en/4/4d/Sri_Dalada_Maligawa_Attack_1.jpg)

ඒත්...

මාලිගාව ඇතුලට බෝම්බයක් වෙනත් ආයුධයක් ගෙනියන්න පුළුවන් සිංහල බෞද්ධයා ට විතරද??? නැත්නම් ශ්‍රී ලංකික පුරවැසියෙක්ට විතරද? එහෙමත් නැත්නම් මේක පිටරැටියන් ගේ බූදලයක් ද? ලංකාවේ මිනිහාට නිදහසේ යන්න නොදෙන.. සුද්දාට පාඩුවේ යන්න දෙන.. (ටිකට් පතක් ලබාගත්තත්) දළදා මාලිගාව දැන් සුද්දන්ට පමණක් විවර වූ සංචාරක කේන්ද්‍රස්ථානයක් පමණක් ද?

උඩ තියන ෆොටෝ එක ගැන කියනවනම්... ඔච්චර ආරක්ෂා කරන තැනක් නම්.. දනිස්ස ගාවටවත් ඇඳුමක් ඇඳන් එන්න දෙන්නේ නැත්නම් මුන් ටික පාත් වුනේ කොහෙන්ද??? ඇඳුම් වල වගේම අනිත් විච්චුරන වල සංවරකම පේනවනේ. සිංහලයන් ගේ මුදුන් මල්කඩ බඳු වූ දළදා මාලිගාවට ඇතුල් වෙන්න මුන් ට අවසර දුන්නේ මොන මල යකා ද කියල හොයල බලන්න වටිනවා...

වරද මුන්ගේ විතරක්ම නෙමෙයි.. මෙතනට ඔය විදිහට පැමිණෙන උදවිය ඕනෑ තරම් බලාගන්න පුළුවන්.. පොෂ් යැයි කියාගන්න උදවියට මාලිගාවේ ගේට්ටු ඕනෑම විදිහකට විවෘත වෙන අවට මිනිස්සුන්ට රහසක් නෙමෙයි... හොඳම උදාහරණය කිව්වොත් මෑත අවුරුදු කිහිපයක ඉඳන් ඉස්සර අපේ උදවිය නිදහසේ  පෙරහැර බලන්න තිබු ප්‍රදේශයේ ප්‍රභූ වරුන් වෙනුවෙන් විශාල අට්ටාලයක් ඉදිවීම පෙන්නලා දෙන්න පුළුවන්.. ඒ වගේම වටේ පිටේ කඩ සාප්පු වල අධික මිල ගණන් වලට ආසන අලවි වෙච්ච හැටි කාටවත් රහසක් නෙමෙයි. අහිංසක පොඩි මනුස්සය උදේ ඉඳන් පෙරහැර බලන්න පේමන්ට් වල කට්ට කනවා... 

ඇතුලේ තත්ත්වෙත් එහෙමම තමයි.. පොලිස් නිලධාරීන්ගේ සහ මාලිගාවේ වැඩ කරන උදවියගේ රැස් බලන්න ගිහාම ඇති වෙන්නේ මොන තරම් කුසල් සිතක්ද!!!!!!!!!!!! 

වයසක උදවියට බනින තරම්... තරුණ පරම්පරාව ගැන කෙසේ වෙතත් වයසට යනකොටම ලංකාවේ අපේ ආච්චිලා සීයලා වැඩි පුරම ඉන්නේ පන්සල් වල. දළදා වහන්සේ වැඳ පුදා ගන්න ඒ උදවිය එන්නේ සති ගණන් පෙ වෙලා නේද.. අපි කාටත්  වඩා ඒ උදවිය ගේ භක්තිය වැඩි... පැය ගණන් තැන් තැන් වල වාඩි වෙලා ගාථා සුත්‍ර කියමින් ඉන්නේ වෙන මගුලකටද.. අනික එහෙම ඉන්න කාගෙන් වත් අවසර ගන්න ඕනද... අපේ ආගමික ස්ථානයක.. එතනට එන අනිත් උදවියට කරදරයක් නොවෙන විදිහට වැඩ කරන්න දැන් මාලිගාවේ අවසර සිමා සහිතයි.. ඇත්ත තත්වය ඕකයි... 

මහා ලොකුවට ජාතිය ගැන ආගම ගැන කියවන අපේ අයියලට මේවා පේන්නෙත් නෑ.. ආගම අදහන්න වත්අපේ එවුන්ගෙන් නිදහස නැති එකේ අනිත් අය ගැන මොන කතාද.. අපේ ඒකාල ගැන මම කලිනුත් කියල තිබ්බ

මේක කිසිම කෙනෙක්ට මඩ ගහන්නවත්... කාගේවත් තරහව අවුස්සනවත් දාපු දෙයක් නෙමෙයි.. ෆොටෝ එක දැකල මම අද්දැකපු දේ පමණයි....

අනිවා කියන්න ඕනෑ, පස්සේ ඒ ෆොටෝ එක ගැන සමාව ඉල්ලලත් තිබ්බලු...




Tuesday, September 30, 2014

මචන් මේකත් පොඩ්ඩක් අහපන්... ☟



just listen


මචන්...

ජීවිතේ කියන්නේ කෙල්ලෝ නෙමෙයි මචන්...
මොනවා වුනත් තමන්ගේ අම්මට තාත්තට සලකල හිටපන්.. උඹව ඔය තත්වෙට ගත්තේ උඹේ අම්ම තාත්ත නේද.. ඒ මිනිස්සු කොච්චර දුක් විඳින්න ඇද්ද උඹව උස් මහත් කරන්න.. වෙල් ගණන් නොකා ඉඳල උඹ කන දිහා බලන් ඉඳල බඩ පුරවා ගන්න ඇද්ද... ඒත් අද උඹට වටින්නේ ඒ අම්ම තාත්ත නෙමයි. උඹේ ඉගෙනීමට වඩා උඹට කෙල්ලෝ ලොකු වුණා... උඹලගේ තාත්තා දුක් මහන්සියෙන් නොකා නොබී හම්බ කරපු සල්ලි වියදම් කරලා උඹ කැම්පස් ආවා.. උඹ යාළුවන්ට ණය වෙලා ගත්ත ලැප්ටොප් එක නිසා උඹ එක පාරක් කොළඹ හතේ කෙල්ලෙක්ට රැවටුනා... උඹ ජීවිතේ එපා කරගත්තේ හරියට එකී උඹේ මුළු ජීවිතේම උදුරා ගත්ත වගේ.. ඒත් ඒකි උඹෙන් ගත්තේ සති කීපයයි. ඊට පස්සේ උඹ ස්කයිප් එකෙන් මුණ වත් දැක්කේ නැති කෙල්ලෙක්ට ලව් කරා... උඹ අර අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු විකුණලා කෙල්ල වෙනුවෙන් වියදම් කරා... උඹේ සල්ලිද?
නෑ...
අර දුක් විඳින මනුස්සයාගේ සල්ලි.....
මේවා සහ ගහන අපරාද මචන්.. ඒත් උඹ තේරුම් ගත්තේ නෑ...
ස්කයිප් කෙල්ලව හම්බෙලා දවස් දෙකයි ඒකි උඹට ඇඳට කතා කරා... එතකොටවත් උඹට තේරුම් ගන්න බැරි වුනාද.....
 දාස් ගණන් වියදම් කර කර කැම්පස් එන්නෙත් නැතුව උඹ ඒකි එක්ක පිස්සු කෙලියා... අපි කියපු කිසි දෙයක් උඹ කනකට ගත්තේ නෑ....

ස්කයිප් කෙල්ල ඒකිගේ පැටිකිරිය ගැන කිව්වේ උඹ ඒකිව දාල ගියාට පස්සේ නේද...

ඒත් සැහෙන කාලෙකට පස්සේ අපි කියපුව උඹ තේරුම් ගත්ත කියල මම හිතුවා..

ඒත් මම වැරදියි...

උඹ තව එකක් සෙට් කරගෙන... ඔව් කෙල්ල ලස්සනයි තමයි.. අහිංසකයි....

උඹට කෙල්ලෙක් නැතුවම බැරි නම් ඕකවත් හරියට කරගෙන හිටහන්... එදා මම කිව්වේ එහෙමයි... අවුලකින් නෙමෙයි මචෝ...  උඹට දැන් වත් හරි යයි කියන සිතිවිල්ලෙන්... කෙල්ල හොඳයි තමයි. පොළොවේ පය ගහල ඉන්න කෙල්ලෙක්. අනාගතේ ගැන හිතල තීරණ ගන්න කෙල්ලෙක්.. උඹේ වාසනාවටද මන්දා උඹට ජොබ් කට්ටකුත් සෙට් වුණා...
යාලුවෝ විදිහට අපි එදත් සතුටු වුණා.. කැම්පස් එකේදී සෙට් වුණා හොඳම යාළුවා විදිහට මම ඊටත් වඩා සතුටු වුණා මචෝ..

ඒත් අන්තිමට මොකද වුනේ.... උඹට හැම දේම අමතක වුණා... අම්ම තාත්ත පවා... උඹේ මුළු ජීවිතේම දැන් අර ජීවිතේ වරද්ද ගත්ත කෙල්ල ගාව.... වරදට සමාව දෙන දෙවියෙක් වෙලා දැන් උඹ....

මුළු ජීවිතේම දින්නා කියල උඹ හිතන් හිටියට උඹ පැරදිලා මචෝ... හම්බ කරන හැම සතේම ඒකිට දීලා උඹ තවම කන්නේ බොන්නේ ගෙදරින්... ඔව් දැන් උඹට කරන්න වෙන දෙයක් ඉතුරු වෙලා නෑ.. කවදම හරි උඹට ඒකිවම කරගහන්න වෙයි... සමහර විට උබේ හැම දෙයක්ම උදුරාගෙන උඹට වත් හොයා ගන්න බැරි දිහාකට යයි.

එදාට උඹට ඉතුරු වෙන්නේ උඹේ අසරණ දෙමවුපියෝ දෙන්න විතරයි...

කවදාවත් ඒ මිනිස්සුන්ට දුකක් දෙන්න එපා... දෙමවුපියන්ගේ හිත් රිදවනවා කියන එක සහ ගහන අපරාධයක් මචෝ...
පොඩි කාලෙකදී අපි ගාවට යන එන මිනිස්සු ගැන ඕනෑවට වඩා හිතන්න එපා බන්... බස් එකක් වුනත් හෝල්ට් එකේ නවත්තන් ඉන්නේ මිනිස්සු නඟිනකන් විතරයි. තමන්ගේ එකම පුතා හොඳ රස්සාවක් කරලා ඉස්සෙල්ලම ගන්න පඩියෙන් තමන්ට පුංචි හරි තෑග්ගක්  අරන් එන එක ඕනෑම අම්මෙක් තාත්තෙක් දකින හීනයක් මචන්. ඒ වෙලාවට අම්මගේ තාත්තගේ ඇස් වලට එන සතුටු කඳුළු උඹට ආයේ කවදාවත් දකින්න බෑ මචන්. ඒත් උඹ ඒ දේ කරාද...
කවද හරි දවසක උඹේ දරුවෙක් උඹට ඔය දේ කරද්දී උඹට තේරෙයි මචෝ.. එදාට උඹ පරක්කු වැඩි...
උදේ ඉඳන් දාඩිය මහන්සියෙන් ගෙදර දොරේ වැඩ ටික කරන.. උඹේ රෙදි ටික හෝදලා දෙන අම්මට උඹේ අතින් බත් කටක් කවල තියනවද... අව්වට වේලිලා දිය වෙලා ගිය කමිසේ ඇඳන්, තැන් තැන් වලින් අන්ඩ දාපු කලිසම ඇඳන් උදේ පාන්දරම රේල් පාරේ වැඩට යන තාත්තට උඹ කමිසයක් අරන් දුන්නද...

ඒ වුනාට අර කෙල්ලට උඹ ඇඳුම් නම් කියක් අරන් දුන්නද.....

පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මචෝ... උඹ ගෙදරට බොරු කරලා මොන තරම් සැප වින්දත් වැඩක් තියනවද... උඹේ දෙමවුපියෝ සතුටු වෙනවා උඹ කාවද හරි හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙයි කියලා... ඒත් උඹ ඩිග්රි එකත් අත ඇරලා ඉබාගාතේ යනවා... උඹට ජොබ් එකක් තියනවා තමයි.. ඒත් උඹට කොච්චර ඉහලට යන්න පුලුවන්ද... ඩිග්රි එක කරන්න උඹට කොච්චර වෙලාව තිබ්බත් දැන් ඒකි උඹට ඩිග්රි එක එපා කරවල ඉවරයි නේද... සිහි බුද්ධියෙන් හිතල බලපන් මචෝ උඹ ඉන්නේ කොහෙද කියලා... උඹට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා... උඹේ හදවතින් අහල බලපන් මම කියන්නේ බොරුද කියලා...


කවදාම හරි දවසක උඹට තේරෙයි උඹ කොච්චර පව් කාරයෙක්ද කියලා...





ඔව් උඹ හිතින් මට බනියි... 
ඒත් මම මේවා කියන්නේ කාලයක් මම නොදැන කරපු වැරැද්දට තාමත් පසුතැවෙන හින්දා... යාලුවෙක් විදිහට උඹටත් ඒ දුක දෙන්න බැරි හින්දා... වාසනාවකට ඒ පව්කාර ජීවිතෙන් මම ගොඩ ආවත්... ඒ වේදනාව කවදාවත් නැතිවෙන්නේ නෑ මචෝ.. ඒකයි මම උඹටත් කියන්නේ... දැන දැන වලේ වැටෙන්න එපා..

 උඹ හොඳ මනුස්සයෙක් බන්. හිත හොඳ එකා... ඒත් තාමත් උඹට හැදෙන්න පුළුවන්... තවම පරක්කු නෑ.....


truth


ඔව්... මේක ඔයාගෙත් කතාව වෙන්න පුළුවන්....



Photos: https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5ldDnT2K93vPX5vHpf95yNUbgR1siSpStYycJ1pkDMVaJu5EjrPmXJ8u_VUhsxPk-9F7BVL0DjFu6v9lmsoMRa8eeF0BXgqjDu5YmXktuv0XobArXhOVfBu0yDBhYJPba7P6Wu-OltXex/s400/just-listen.jpg
             http://fellowpillow.files.wordpress.com/2012/12/truth.jpg

Tuesday, August 26, 2014

කෝච්චියේ seat ලබා ගැනීමේ තියරිය...෴




මේක කරන්න නම් දෙන්නෙක් ඉන්න ඕනෑ...
හැබැයි එක්කෙනෙක් හරි ඉඳගෙන ඉන්නත් ඕනෑ.. යාලුවෝ වෙන්නම ඕනේ නෑ... පොඩි හැඳුනුම්කමක් තිබ්බම හොඳටෝම ඇති....
ආයේ ඉතින් තක්කෙටම හරි යනවා...
කරන්න තියෙන්නේ මෙච්චරයි.......

Wednesday, August 20, 2014

ජාතිය සහ අද තත්වය...




අපේ ඔපීසියේ ඩ්‍රයිවර් මහත්තයා ඊයේ මට මාරු කතාවක් කිව්වා.


"මහත්තය බලන්නකෝ. අපේ වයිෆ් කෝල් එකක් දුන්න මට දැන්... අපේ ගෙදරට මිඩ්වයිෆ් එනවා නිතරම. මල කරදරේ. ඇවිත් උපත් පාලනය ගැන උපදෙස් දෙනවයි එක විකාරයයි.."

"ඉතින්?"

"හැමදාම comdom තොග පිටින් දීල යන්නේ.. මම කරන්නේ ඒවා පුච්චලා දාන එක.."

මු හිනා වේවි කියනවා...


Wednesday, July 23, 2014

ජීවිතයට පුකෙන් යමක්...



ඔබ උපන් දා සිට ඔබේ සැපේදීත් දුකේදීත් පුක ඔබ සමඟම සිටියේය.. විපතකදී ඔබව හැර දමා ගියේ ද නැත. ඔබේ සිරුරේ වෙන කිසිම අවයවයක් ඔබේ පුක තරම් අපහාස විඳ නැත. පුක තරම් තර්ජනද විඳ නැත. පුක එවන් බාධක වලට මුහුණ දෙන්නේ ඔබට ඇති විශ්වාස වන්ත කම නිසාමය. පුක ඔබේ ඕනෑ එපාකම් අවශ්‍ය වෙලාවට අවශ්‍ය ආකාරයට ඉටු කර දෙයි.

Thursday, July 10, 2014

කෝච්චියේ ආතල්....


මේ කතාවත් දුම්රියේ සිදුවූ එක සිදුවීම් පෙළක් පාදක කරගෙන ලියවූ එකක් ය.
කුරුණෑගල පළාතේ එක්තරා ප්‍රදේශයක ජිවත් වන රජයේ සේවකයෙකි. මැදි වයසේ පසුවන ඔහු විවාහකද නැද්ද යන්න පැහැදිලි නැත්තේ අතේ මුදුවක් නැති නිසාවෙනි. නමුත් විපරම් කළ විට දැනගැනීමට හැකි වුයේ ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක් බවය.

Wednesday, July 9, 2014

සිරාම දේශපාලඥයෝ



මේක අපේ campus එකේ ඒ කියන්නේ සිහින ලෝකයේ විශ්වවිද්‍යාලයේ ඉන්න නොම්බර එකේ පොරක් ගැන කතාවක්. අපි මුට ඇම්ඩා කියමු. මේ campus එක ගැන කියනවනම් අපිත් හැම එකකම වගේ අපූරු උප සංස්කෘතියක් තියනවා. ඔව් rag එකත් එහෙමම තමා..
ඉතින් අපි ෆ්‍රෙෂා ල කාලේ මූත් මුල ඉදලම තමන්ගේ පාඩුවේ rag උන "එල බොක්කක්."  පොඩි පහේ ජොබ් කට්ටකුත් කර කර තමා campus අවේ බුවා.. හැබැයි ඔය ඕන පුකක් "සත පනහයි" කියල සින්නන්ට පුක දුන්න ජාතියේ බුවෙක් නම් නෙමෙයි. පොඩ්ඩක් විතර අස්සට වෙලා පාඩුවේ හිටියේ. හැබැයි batch එක ඇතුලේ කට්ටියට සද්දේ ගෙන හිටපු බුවෙක්. ඒ කතා වැඩිය ඕනේ නෑ.. කොහොමත් අපේ batch එක වෙනුවෙන් සැහෙන දතක් කාපු පොරක් මොක උනත්.. :D