Tuesday, September 9, 2014
මගෙන් උපන්දින සුභ පැතුම්!!!!
ඊයේ ඔයාගේ 23 වෙනි උපන් දිනේ... "මම කවදාවත් උපන්දිනේ දවසේ පිට ඉඳල නෑ රත්තරන්, මේ පාර මගේ උපන්දිනේ දවසේ මගේම කියල කවුරුත්ම නෑ මන් ගාව.." ඔයා කියපු හැටි තාමත් මතකයි.. අවුරුදු 23ක් ගෙදර බඩ පිස්සි විදිහට හුරතලේට හැදුන ඔයා අද ඔයාගෙම අනාගතයක් වෙනුවෙන් මහන්සි වෙනවා.. ගෙදරින් ගොඩක් දුර ඇවිත්.. වෙනදට උපන් දිනේ දවසට පවුලේ අයත් එක්ක දළදා මාලිගාවට යන.. ගැටඹේ පන්සලට බෝධි පුජා තියන ඔයා අද ඒ හැමෝගෙන්ම ඈත් වෙලා..
සමහර විට ඔයා එදා මට එහෙම කිව්වේ "අනේ එදාට මාව බලන්න එන්න " කියල වෙන්න ඇති.. ඒත් හිතේ තිබ්බ තරහටමද මන්දා මම ඔයාට කිව්වේ "සඳුදා නිවාඩුනේ... විනාඩි 10ක ට පහළොවකට මම දවසම නැති කරගෙන එන්න ඕනද " කියලා... ඒත් ඔයාට ඇහුනේ නැති වුනත් හිත ඇතුලෙන් කෑගහල කිව්වේ "මම එන්නම් රත්තරන්" කියලද මන්දා..... උදේ වෙනකන් ඔයාව බලන්න.. ඔයාට සුභ පතන්න එන්නේ නැතුව ඉන්න මම මාත් එක්කම පොර බැදුවා... ඒත් මගේ හිත දින්නා... ඔයාගේ උපන්දිනේට දෙන්න ගත්තු තෑගී ටිකත්... 'සුනිල් ෆොටෝ' එකේ ඇන්ටිත් එක්ක ඇරගෙන බොහොම අමාරුවෙන් ප්රින්ට් කරගත්තු ඔයා ආසම ෆොටෝ එකත් අරගෙන මම ආවේ එක විනාඩි පහකට හරි ඔයාව බලල යන්න.. උපන්දිනේ දවසේ ඔයාගෙම කියලා එක්කෙනෙක් හරි ඔයා වෙනුවෙන් එක විනාඩි පහකට හරි හිටියනේ කියල ඔයාගේ හිත හදන්න... බොරැල්ලෙන් ගිෆ්ට් බොක්ස් එකකුත් රැපින් පේපර් එකකුත් අරගෙන... නාරාහේන්පිට ටවුන් එක පුරාම ඇවිද්දේ ඔයාගේ තෑගී ඔතන්න සෙලෝටේප් එකකුයි කතුරකුයි හොයාගන්න, ඒක ඉස්තරම්ම විදිහට ඔයාට දෙන්න ඕනෑ නිසා...
ඔයාට ලන්ච් බ්රේක් එක හම්බෙන්න කලින් කොහොම හරි මම ඔතනට ආව රත්තරන්...
ඒත්..... මාව දැක්කට ඔයාගේ මුනේ ලොකු සතුටක් තිබ්බේ නෑ නේද.... මම ගෙනාපු තෑග්ග දීල විශ් කරද්දී වෙනදනම් ඔයා දඩි බිඩියේ බලන්නේ මොනවද මම ගෙනාවේ කියලා... ඒත් ඊයේ.... ඔයා ඒක දිහා බැලුවේවත් නෑ.... කැන්ටිමේ කෑම කද්දී ඔයා මම දීපු පාර්සලේ වෙන කෙල්ලෙක් අස්සට දාලා... තෑග්ගක් දිපුහම වෙනද ඒක බදාගෙන ඉන්න ඔයා... ගොඩක් වෙනස් වෙලා... මට ගොඩක් දුක හිතුනා රත්තරන්... අඩුම තරමේ මාත් එක්ක ඔයා කතා කරේ වත් නෑ හරියට... කමක් නෑ.. මම ආවනේ.... මම අපහු යද්දී ඔයාට් ඇඩුනා... ඒත්.. ඔයා මන් එක්ක කතා කරේ නෑ... ඔයා කොළඹ ආපු දවසේ... මම ඔයාව එක්කන් එන්න බලාගෙන හිටියේ.. ඒත් ඔයා නාඳුනන කට්ටියක් එක්ක, ඔයාගේ යාලුවෝ එක්ක තනියම ගියා... ඔයාගේ හීන වල දැන් මම නැතුව ඇති සමහර විට.. නැත්නම් ඒවගේ මාව පෙනී පෙනී බොඳ වේවි යනවද.... නැත්නම් වෙන කෙනෙක් ඒ හීන වලට එන්න හදනවද.... මම ඊයේ හවස ඔයාට නපුරු වුණා රත්තරන්.. සමහර විට ගෙදරින් පිට නිසා ඔයා දුකින් ඇති.. ඒත් ඔයා තනියම විඳවනවා... ඔයාට ඒ දුක මාත් එක්ක බෙදා ගන්න බැරිද...
ඒත් ඔයා ඊයේ රෑ කිව්වා "මගේ බර්ත්ඩේ එක දවසේ මගේ කියල හිටියේ ඔයා විතරයි" කියලා.. ඔයා ඔයාගේ හීන පස්සේ තනියම පන්නනවද රත්තරන්???? කමක් නෑ ඔයා මාව දාල යන දවසක් වෙනකන් මම ඔයා එක්කම ඉන්නවා.. ඔයාට කවදාවත් වරදින්නේ නෑ...
ඉස්සර මම ආදරේ කරපු ඒ දඟකාර හුරතල් කෙල්ල එනකන් මම බලන් ඉන්නම් රත්තරන්... ඒක මගේ මෝඩකම වෙන්න පුළුවන්.. ඒත්..... එහෙම බලාපොරොත්තු තියාගෙන ඉන්න එක වැරද්දක් නෙමෙයිනේ... මට ඒක සතුටක්...
ඔයාට බුදු සරණයි..!!!
photos: http://i1069.photobucket.com/albums/u477/ALPerrin/Birthdays/GIFs/happybirthdaycakegif4.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDbeKzdA8mwFZG2GkgVYsZQEixQiSNo_nwdpohsosXVJvljC8POfWemI7DGw5vI3H1D2pHya41d6lp-dhi64FooxJ8JhDnwcDC0hL1YAK5bHJBufVGspOrkkdqXicYb9V88-sZfMNMVKFz/s1600/20080829_LonelyBoy.jpg
Subscribe to:
Post Comments (Atom)
හ්ම්ම්ම් දුකයි...
ReplyDeleteදුකයි ගොඩක්. :(
Deleteබොලා අනේ මන්දා, මොකද බන් නාහෙන් අඬන්නේ?, කෑවත් අඬනවා, බිව්වත් අඬනවා, රැවවත් අඬනවා, අනේ මන්දා බන්, බොලට දැනුනේ නැති උනාමත් අඬනවා, අනේ බන් එහෙම පිටින්ම අඬලානේ, (බොලට කිව්වට පොර වගේ ඔහොම කාලයක් මටත් තිබුනා බන්, මක්ක කරන්නද, පතාගෙන ආපු හැටියට ඔතාගෙන යමු බන් :D)
ReplyDeleteහ්ම්ම් :(
Deleteමොකද බං මේ...
ReplyDeleteඅඩේ මේ....
යන එකාට යන්න දෙමු බං....
නැද්ද මං අහන්නෙ...
සුනිල් පොටේ එකේ ඇන්ටිගෙ නූණ දාල අපායෙ කැලැන්ඩරයක්ගහන්න ඕන...
සේද්ද ඔය ගැණි මටත් සත්තම දාල තියේ...
ඔය ගෑනිගේ හෙන මෙව්වා එක.. හිටු මම දානවා එකක් අල්ලපු බිල්ඩිමේ.. ඕකිගේ රැස් බහින්න..
Deleteඇත්ත සිද්ධියක්ද බං මේ??
ReplyDeleteඔව් ඊයේ වුණ සිද්ධියක්... සැප්තැම්බර් 8 වෙනිදා..
Deleteආදරේ කරන කෙනෙක් එනකල් බලන් ඉන්න එක මෝඩකමක් නෙවෙයි සිහින. බලාපොරොත්තු තියාගන්න එක වැරැද්දකුත් නෙවෙයි. ඒත් ඒ ආදරේ තද කරල අල්ලගන්න යන්න එපා ඕනවට වැඩිය. මොකද අහල තියනවද කතාවක් "ආදරේ හරියට බිඳෙන වීදුරුවක් වගෙයි. ලාවට අල්ලන් හිටියොත් ලිස්සල ගිහින් වැටිල බිඳෙනව, තද කරල අල්ලන් හිටියොත් බිඳිල අත තුවාල වෙනව" කියල.
ReplyDeleteඔය දෙකෙන් මොකක් උනත් වේදනාව තමන්ටම තමයි.
විශ් කරනව මං කියපු කිසිම දෙයක් නොවී ඔය ආදරේ ඔයාගෙම වෙන්න කියල. එයාට හැපි බර්ත් ඩේ.
ස්තුතියි thanuja
Deleteඅනේ මන්ද මේ දවස් ටිකේම මට කියවන්න හම්බෙන්නෙම දුක හිතෙන ඒවා ..අවට දකින්නෙත් ඒවමනේ :( ... මේ ඔය ලිව්වා පෝස්ට් එක එයාට පෙන්නුවොත් නරකද ..මන් හිතන්නෙ සිහින එයා ගැන හිතන හැටි මෙහෙම කියෙව්වොත් එයා කවදාවත් දාල යන්නැති වෙයි
ReplyDeleteබ්ලොග් ලියන එක කියවන එක දැන් මගේ hobby එක වෙලා... ඒත් එයාට මම මේ බ්ලොග් එක ගැන කිව්වත්.. අදටවත් මේකේ එක පොස්ට් එකක්වත් කියවල නෑ එයා... වැරද්දක් අඩුපාඩුවක් කියන්නවත්...
Deleteකාලයට ඉඩදෙන්න ...විසදන්න බැරි ගොඩක් ප්රශ්න විසඳෙයි .....
Deleteගොඩාක් සංවේදී උනාම දුක දරාගන්න ගොඩක්ම අමාරුයි.
ReplyDeleteමොනවා කරන්නද...
Deleteඔයා පව් සිහින හුගාක්....
Deleteසත්තයි එයා මේක කියෙව්වා නමි අනිවාර්යෙන්ම ආයේම එනවා ඉස්සෝරම වාගේම....
ඔබට යන්නම ඕනෑනම් ඔබ යන්න ඉතින් නික්මී
ReplyDeleteයන්නෙත් නෑ.. ඉන්නත් බෑ.....
Deleteඑක වරක් ඔබට මා එපා නම් ..සිය දහස් වාරයක් එපාමට ඔබ එපා
ReplyDeleteකියල ඔන්න ඕකට යන්න දියන්...
කරන්න බැරිත් ඒකනේ...
Deleteමචං උබ උබේ හදවත කට හරි දෙනවා නම් සම්පුර්ණයෙන් දෙන්න එපා.උබ ගැනත් හිතන්න උබේ හදවතින් කොටසක් ඉතුරු කරගනිං.එහෙම නොව්නොත් උබ ගැන හිතන්නවත් හදවතක් නැති කරලා උබේ හදවතත් හොරකන් කරන් යයි.අන්න එදාට උබේ තනියට තනිරකින්න කදුළු බිංදුවක් බලන් ඉදියි.....
ReplyDeleteහොදම දේ හැමදේම කාලයාට බාරදෙන එක...
ඇත්ත තමයි ඒ කතාවත්.... ස්තුතියි මේ පැත්තට ගොඩ වුනාට..
Delete