Showing posts with label train stories. Show all posts
Showing posts with label train stories. Show all posts

Wednesday, September 17, 2014

දුම්රියේ රස කතා ☞ සීට් එක ಠ_ಠ


කුරුණෑගල බලා පිටත් වන කාර්යාලීය දුම්රියකි. වයස අවුරුදු පනහකට ආසන්න පුද්ගලයෙක් දුම්රියේ අසුන් ගෙන සිටී... ඔහුට අපි සිරිපාල යැයි කියමු.රාගමට ආසන්නය. ඔහුගේ ආසනයට තරමක් දුරින් තරුණ ගැහැණු ළමයෙකු හිටගෙන සිටී..

සිරිපාල: (තරමක් ඉස්සී අත දිගු කරමින්)   "ස් ස් මේ.... එන්න ඉඳගන්න...."

තරුණිය: "අනේ නෑ ඕනේ නෑ මම ලඟින් බහිනවා..."

සිරිපාල : " එන්න අනේ එන්න..."

තරුණිය: (සිනාවක් පාමින්) "නෑ නෑ ඔහොම යමූ...."

ඔහු නිශ්ශබ්දය.....


ගම්පහ පසු වීමෙන් පසු නැවතත්........

සිරිපාල: (නැවත අත වනමින්) "එන්න එන්න ඉඳගන්න..."

තරුණිය: "නෑ නෑ අවුලක් නෑ ඔහොම ඉන්න..."

සිරිපාල: "අනේ මෙන්න මෙහෙන් ඉඳගන්න..."

ඔහු ආසනයෙන් නැගිටියි... බේරෙන්නම බැරි තැන තරුණිය ඉඳ ගනී... ඔහු තරමක් පසු පසට පැමිණ දුරකථන ඇමතුමක් ගනී....

සිරිපාල: "මචන් සීට් එක දුන්නා දැන් මොකද කරන්නේ???"
..............................................
සිරිපාල: "හරි බන් කතා කරන්නේ මොනවා ගැනද....?"

සිරිපාල නැවත තරුණිය අසලට යයි... 

අහෝ ඇය සැප නින්දේ ය.......

පොල්ගහවෙලට යන තුරුත් ඇය නිදි දෙව්දුව තුරුලේ ය...!!!!




Photos: https://farm9.staticflickr.com/8234/8553392467_a73d00f440.jpg
             http://icarusrestaurant.com/wp-content/uploads/2013/11/Lady-Sleeping1.jpg

Tuesday, August 26, 2014

කෝච්චියේ seat ලබා ගැනීමේ තියරිය...෴




මේක කරන්න නම් දෙන්නෙක් ඉන්න ඕනෑ...
හැබැයි එක්කෙනෙක් හරි ඉඳගෙන ඉන්නත් ඕනෑ.. යාලුවෝ වෙන්නම ඕනේ නෑ... පොඩි හැඳුනුම්කමක් තිබ්බම හොඳටෝම ඇති....
ආයේ ඉතින් තක්කෙටම හරි යනවා...
කරන්න තියෙන්නේ මෙච්චරයි.......

Thursday, July 10, 2014

කෝච්චියේ ආතල්....


මේ කතාවත් දුම්රියේ සිදුවූ එක සිදුවීම් පෙළක් පාදක කරගෙන ලියවූ එකක් ය.
කුරුණෑගල පළාතේ එක්තරා ප්‍රදේශයක ජිවත් වන රජයේ සේවකයෙකි. මැදි වයසේ පසුවන ඔහු විවාහකද නැද්ද යන්න පැහැදිලි නැත්තේ අතේ මුදුවක් නැති නිසාවෙනි. නමුත් විපරම් කළ විට දැනගැනීමට හැකි වුයේ ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක් බවය.