Thursday, August 14, 2014

සම්මුඛ පරීක්ෂණය



පිවිසියෙමි

කාමරයට

ටයි පටි පැළඳි

සිනා නොපළඳි

තරබාරුවන් මැද්දට



රැඳවූ පෑන්

අතැඟිලි අතරඅවි මෙන් යුදයකට

පෑවෙමි ඔවුන් වෙත

විසි වසරකම කඹුරා

ලද සහතික ගොනුව

ඇසුවෝ ඔවුහු

වෘත්තීය පුහුණුවක් ගැන

හිනැහුනෙමි මම

කිව යුතු දෙය නොදැන

යළි හැඩුවෙමි මම

බාල අවදියෙන් පසු


නොහැඩු විලස කිසිදින.....

5 comments:

  1. විසි වසරකම කඹුරා...

    හරිනේ... උප්පැන්නේ ගන්නත් කොයි තරං මහන්සි උනාද නේද??

    ReplyDelete
  2. //ටයි පටි පැළඳි
    සිනා නොපළඳි
    තරබාරුවන් මැද්දට//

    අනිච්චේ දුක්ඛේ කිව්වලු.. මාත් ගියා ගිය සතියෙ...
    පුහ්හ්.. දැක්ක ගමන් කටත් ලොක් වෙනව :(

    ReplyDelete
    Replies
    1. මම ගිය පලවෙනි එකේදිම සහතික ටික මුනට දමල ගැහුවේ මේ මොනවද කියල .. :(

      Delete
    2. හරි නරක ටයි මහත්තුරු..

      Delete