Tuesday, August 12, 2014

Reserved for Pregnant Mothers



මේකත් මම යන එන කෝච්චියේ වෙච්ච වැඩක්. දවසක් වෙනද වගේ උදේ රැයින්ම දුවගෙන ස්ටේසමට ආවේ කෝච්චිය අල්ලගන්න. කෝම කෝම හරි පොරකාලා වෙනද යන පෙට්ටියට නැග්ගට මොකද සුපුරුදු පරිදි seat තිබ්බේ 4යි. ඒ අර ලස්සනට board කෑල්ලක් අලවපු seat හතර. reserved for pregnant mothers (අපහාසයක් එහෙම කරනවා නෙමෙයි) මම කියන්නේ 2වන පන්තියේ මැදිරියක් ගැන.ඔය seat 4ත කව්රුත්ම පොරකන්නේ නෑ. (නොදන්නා අය ඇරුනහම) 4ක් කිව්වේ ඔතන seat 4ර තියෙන්නේ face to face. මොකද කිව්වොත් අලව්ව ස්ටේසමේදී ඔය seat 4ම දෙන්න වෙන හින්දා..





කෝම හරි පොල්ගහවෙලදී (මම නගින්නේ පොල්ගහවෙලින්) පොඩි කොල්ලෙක් (පොඩි කිව්වට පොඩිමත් නෑ) පොරයක් දාල එක මේ seat එකක ඉඳගත්තා. තවත් සුපුරුදු පොරක් ඉඳගත්තේ seat 2ක් අලව්වට යනකන් free හින්දා.. කොහොමින් කොහොම හරි අලව්වටත් ආව කියමුකෝ. එතනින් අද නැග්ගේ එක pregnant lady කෙනෙක් විතරයි. හම්මේ එක්කෙනෙක්ගේ වාසනාවද කොහෙද ඈ.. දැන් කව්ද seat එක දෙන්නේ.. මමත් බලාගෙන. අර මම මුලින් කියපු පොඩි එකා දොර පැත්තට පිටු පාල හිටපු නිසා සිරාවටම පොර දැක්කේ නෑ නැඟපු අයව. ඒත් අනිත් පොර දැක්කා.. පොරත් හෙමිහිට බල බල හිටපු පත්තරේ එහෙම අකුලලා නැගිටින්න ලෑස්ති වුනේ.. හම්මේ ගොළු බෙල්ලෝ ඇවිදිනවා මෙට වඩා ඉක්මනට. අර කොල්ලත් නැගිටින්න ගියේ නෑ.. සමහර විට අනිත් පුද්ගලයා නගින්න හඩන නිසා වෙන්න පුළුවන්. දැන් fire වෙලා ඉන්නේ කෝච්චියේ අනිත් උදවියට. කොල්ලට බනිනවා. "යකෝ ඔය seat එක දීපන්" "නැගිටපන් ඔතනින්" ගෑනුන්ට මිනිස්සුන්ට අර pregnant lady ගේ අමාරුව හොදටම දැනිල වගේ. කොල්ලත් උඩ ගිහින් බැලුවේ මොකක්ද සීන් එක කියල. එතකොට අර මනුස්සය නැගිටලා seat එක දීල ඉවරයි. කොල්ල අපහු ඉඳ ගත්ත. අර නැගිටපු මනුස්සයට වෙන තැනකින් seat එකකුත් ලැබුනා. හප්පේ කොටුවට යනකන් අර කොල්ලට කට්ටිය හොදටම දෙහි කපනවා. මොකටද? පිටින් ආපු එකෙක් ඉඳගෙන ඉද්දි තමන්ගේ යාලුවෙක්ට නැගිටලා seat එක දෙන්න වෙච්ච එකට.

ඒත් මම මේ දෙන්නටම එක හා සමාන වගකීමක් තියනවා නේද එහෙම කන් නැග්ගම seat එකක් දෙන්න. අබාදිතයෙක් ගැබිණි මවක් නැග්ගම seat එකක් නොදී පොර කන එක කොයි තරම් සාදරණද?..... office train එක ඒකෙ හැමදාම යන අය ගේ බුදලයක් ද? මිනිස්සු මීට වඩා නම්‍යශීලි වෙන්න ඕනෑ නේද?.. හැබැයි seat 4 ට වඩා ගැබිණි මවක් නැග්ගොත් seat එකක් ගන්න කොච්චර වෙලාවක් යනවද. දවසක් එහෙම නැඟපු ගැබිණි මාතාවකට ළඟ seat වල හිටපු ගෑනු සෙට් එකක් නෝක්කාඩු කතා කියපු හැටි මට ආයේ මතක් උනේ මේ සිද්දිය දකිද්දී. කොහොමත් බස් වල කෝච්චි වල එක දෙයක් පොදුවේ දකින පුලුවන් වැඩි පුරම seat එකක් ලැබෙන්නේ එක්කෝ පිරිමි කෙනෙක්ගෙන්. නැත්නම් පොඩි කෙල්ලෙක් ගෙන්.
දෙයක අමාරුව තේරෙන්නේ ඒ දුක විඳලා තියන අය කියනවනේ......

5 comments:

  1. ඕක කොහෙත් එකයි මචෝ...
    වෙලාවකට කළකිරෙනව..
    වෙලාවකට අපේ මිනිස්සු කරන වැඩ හන්ද හිනහ යනව...
    උඹ පොල්ගහවෙලය කීව...
    අඩේ මාත් එහෙ නෙව...
    කොහෙදෑ

    මේ තියෙන්නෙ ඕ ගැන මං ලියපු පෝස්ට් එකක්..
    බස් එකක්- සීට් එකක්- අම්මෙක්

    ReplyDelete
    Replies
    1. උබත් පොල්ගහවෙලද...
      සතුටක් අදුරගන්න ලැබීම මචෝ..

      Delete
  2. දුක විඳපු අයත් අහක බලන එකේ ගෑල්ලමයි සීට් දෙන එක අගය කරන්න ඕනි... :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. දුක් විඳපු අයට වඩා නොවිඳපු අය දුක අඳුරනවා...

      Delete
  3. Your work is very good and I appreciate you and hopping for some more informative posts. Thank you for sharing great information to us. drug rehab for pregnant mothers

    ReplyDelete