Wednesday, September 17, 2014
දුම්රියේ රස කතා ☞ සීට් එක ಠ_ಠ
කුරුණෑගල බලා පිටත් වන කාර්යාලීය දුම්රියකි. වයස අවුරුදු පනහකට ආසන්න පුද්ගලයෙක් දුම්රියේ අසුන් ගෙන සිටී... ඔහුට අපි සිරිපාල යැයි කියමු.රාගමට ආසන්නය. ඔහුගේ ආසනයට තරමක් දුරින් තරුණ ගැහැණු ළමයෙකු හිටගෙන සිටී..
සිරිපාල: (තරමක් ඉස්සී අත දිගු කරමින්) "ස් ස් මේ.... එන්න ඉඳගන්න...."
තරුණිය: "අනේ නෑ ඕනේ නෑ මම ලඟින් බහිනවා..."
සිරිපාල : " එන්න අනේ එන්න..."
තරුණිය: (සිනාවක් පාමින්) "නෑ නෑ ඔහොම යමූ...."
ඔහු නිශ්ශබ්දය.....
ගම්පහ පසු වීමෙන් පසු නැවතත්........
සිරිපාල: (නැවත අත වනමින්) "එන්න එන්න ඉඳගන්න..."
තරුණිය: "නෑ නෑ අවුලක් නෑ ඔහොම ඉන්න..."
සිරිපාල: "අනේ මෙන්න මෙහෙන් ඉඳගන්න..."
ඔහු ආසනයෙන් නැගිටියි... බේරෙන්නම බැරි තැන තරුණිය ඉඳ ගනී... ඔහු තරමක් පසු පසට පැමිණ දුරකථන ඇමතුමක් ගනී....
සිරිපාල: "මචන් සීට් එක දුන්නා දැන් මොකද කරන්නේ???"
..............................................
සිරිපාල: "හරි බන් කතා කරන්නේ මොනවා ගැනද....?"
සිරිපාල නැවත තරුණිය අසලට යයි...
අහෝ ඇය සැප නින්දේ ය.......
පොල්ගහවෙලට යන තුරුත් ඇය නිදි දෙව්දුව තුරුලේ ය...!!!!
Photos: https://farm9.staticflickr.com/8234/8553392467_a73d00f440.jpg
http://icarusrestaurant.com/wp-content/uploads/2013/11/Lady-Sleeping1.jpg
Subscribe to:
Post Comments (Atom)
හෙක් හෙක් හොඳම වැඩේ, බොට නේද ඕක උනේ, ඇත්ත කියහන් :D
ReplyDeleteපිස්සුද බන්... එහෙම චා වෙනවද අපි... :P
Deleteදාපං පපුව පස්සට.. සෙස්ස ඉස්සරහට කියල.. වැඩේ පටන් ගනිං.. සිරිපාල දොරේ වෙන්ටැති අන්තිමට..
ReplyDeleteඅවසානයේ සිරිපාලයා කෝච්චි පෙට්ටියෙන්ම නෝන්ඩි විය...!!!!
Deleteඋඹට අවුරුදු පනහකට කිට්ටුද බං? :)
ReplyDeleteදුක නැද්ද බන් මාව සිරිපාලට සමාන කරන්න.. :(
Deleteඅය්යෝ පව් වැඩේ :D
ReplyDeleteයා මිනිහව තාම හොයාගන්න බැරි උනා එදායින් පස්සේ ... :D
Deleteලොලේ ලොල් නේ හොඳ වැඩේ...:D
ReplyDeleteනැතුව... ඉල්ලන් නෝන්ඩි වෙන වැඩනේ... :D
Deleteපවේ පව් ..ඊට පස්සේ බැස්සම වත් කතා කලේ නැද්ද ?
ReplyDeleteදන්නෙ නෑ උන් දිගටම ගියා.. මම පොල්ගහවෙලින් බැස්සා...
Deletekisima rahak nathi goo kathaawakne
ReplyDeleteඇනෝලට ජේ වගේ සිහිනයො.
ReplyDeleteගනන් ගන්න එපා. මොනා උනත් වෙච්ච සීන් එක නොදැනෙන්න ලියල නේහ්.... ඔහොම තමයි මචෝ ලව් කරන කාලෙ.
පිස්සුද හලෝ... :D අය්යෝ අනික කෝච්චි වල අපිට සීට් හම්බෙනවානම් බැරියැ....
Deleteපට්ට කතාවක් කියවන්න සෙට් වෙනකොටම කතාව ඉවරයි.
ReplyDeleteඑත් පට්ටයි
ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කතා... :D
Deleteහය්යෝ සල්ලි...
ReplyDeleteඉැකි තිතකි පොලිස් පොල්ලකි... තරු කෝටියකි...
හුකෑස්
ඔන්න මහේෂ් කෙල්ලෝ.... :P
Deleteඅයියෝ ෂිරිපාල !!! තැපෑලෙන් පීනන්න ඉගෙන ගත්ත වගෙ එකක් නෙ. :D
ReplyDeleteහරියටම කිව්වා... :D
Deleteමං මේ තුන් හතර පාරක්ම බැලුව ආයේ ආයේ,. පටන් ගද්දිම කතාව ඉවරනේ හයියෝ..
ReplyDeleteෂෝර්ට් ස්ටොරියක් :D
Delete