Thursday, August 28, 2014

Good Old Days ➟ අමතක නොවන අතීතය...1



මේ ලඟකදී ඉස්කෝලේ පරණ යාලුවෝ දෙතුන්දෙනෙක් හම්බුනා... අහම්බෙන් හදිස්සියේ වගේ තමයි හම්බුනේ.. ඒ එක යාලුවෙක් (ආදරේට කියන්නේ සීයා කියල) ඉස්කෝලේ එක වසරේ ඉඳන්ම මගේ හොදම යාළුවා..අදටත් ඒ යාළුකම නොවෙනස්ව පවතිනවා. ඉස්කෝලෙන් අයින් වෙලා දැනට අවරුදු හතරක් වුනත්. මතක හැටියට පහ වසර ශිෂ්‍යත්ව පන්තියේ විතරයි අපි දෙන්න එකට හිටියේ නැත්තේ.. මට මතක විදිහට. ඩිලා, කරුණා, කොටා කියන්නේ ප්‍රාථමිකයේ ඉඳන් මාත් එක්ක හිටපු සෙට් එක. ප්‍රභා, ඉශාන්(මුට කියපු නම මතක නෑ.), මාලි ල සෙට් වෙන්නේ හය වසරේදී ශිෂ්‍යත්වෙන් අපේ ඉස්කෝලෙට ආපු පොඩි බබාලා!! ..(බබාලාගේ වැඩ දකින්නේ අවුරුද්දක් විතර ගිහාම!!) පුලා, ශෝටා, කිත්ත, වනය, දිලා, අමිලය එහෙම සෙට් වෙන්නේ උසස් පෙළ කරපු කාලේ..
ඉස්කුල් බස් එකේ ආතල් ගත්තේ මේ උසස්පෙළ සෙට් එකත් එක්ක තමා :D
හදිස්සියේ මුණ ගැහුනේ දුක්මුසු අවස්ථාවක වුනත් ඒ හමුවීම අපි හැමෝටම ලොකු සතුටක් වුනා... ගොඩක් කතා වුනේ ඉස්කෝලේ කාලේ කරපු පිස්සු වැඩ තමා.. ගොඩක් දේවල් අමතක වෙලා තිබ්බත්.. ඒ මතකයන් අලුතෙන් ආවර්ජනය කිරීමත් ඇමතුම සතුටක්... ඒක හින්දමයි මට හිතුනේ (සිංහලෙන්ම කියනවා නම්) "ඒ ගත්තු ආතල්" පිලිවෙලින් නොවුනත්.. මෙසේ පෙළගස්වන්න....
.
.
.
.
මුලින්ම මැදින් පටන් ගන්නත් බෑනේ.. 
.
.
.



ඉස්කෝලෙට ආපු පලවෙනි දවස කියන්නේ අපි ගොඩ දෙනෙක්ට ජීවිතේ අමතක නොවෙන දවසක්. කව්රු කවුරුත් අම්මල තාත්තල බදාගෙන අඬන්නේ හරියට හිරේ විලංගුවේ දාල සදාකාලිකව ඇත ඇරලා යනවා වගේ නොවැ..!! හැබැයි මම නම් එහෙම ඇඩුවේ නෑ ඔන්න... බොරු නෙමෙයි සිරාවටම. මොකද කියනවනම් අපේ අම්මගේ අම්ම. ඒ කියන්නේ මගේ ආදරණිය අත්තම්මා අපේ ඉස්කෝලේ ගුරුවරියක්! ඉතින් මක්කටෙයි මමත් අඩන්නේ අත්තම්ම ඉන්නවා නොවැ. හැබැයි පුංචියට විතර කඳුළු බින්දු වැටුනේ නැත්තෙමත් නෑ.. වෙන මොකටවත් නෙමෙයි.. අනිත් අය හොටු පෙරන් අඬන හැටි දැකලා :P


අමතක වුනා.. ඉස්කෝලේ ගැනත් පුංචි ඉඟියක් දෙන්නම්. කුරුණෑගල දිස්ත්‍රික්කේ ප්‍රසිද්ධ පිරිමි පාසලක් තමයි මේක. එතනින් එහා ඕනේ නෑ... මගේ අතිජාත මිත්තරයෙක් වෙච්ච සීයව හම්බෙන්නත් ඔන්න ඔය දවසේ තමයි. මට අද වගේ මතකයි මෑන් ගේ නම මතක නැතුව පොරගේ පන්සල් පාට පෙට්ටි හොරෙන් පෙරලා පෙරලා නම පාඩම් කරපු හැටි :D (පොර මකන කෑල්ලේ ඉදන් හැම එකේම නම ගහගෙන හිටියේ ඒ දවස් වල)... 
.
.
.
ඉතුරු ටික පස්සේ බලමු. සාර්ථකයි වගේ හිතෙනවනම් දිගටම ලියනවා... හොදක් හරි නරකක් හරි කමක් නෑ පල්ලෙහා කොටලා යන්න කියල පොඩි ඉල්ලීමකුත් කරනවා...

photos:
https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xap1/t1.0-9/p235x350/10647062_763587363698813_1360290211602165509_n.jpg
http://prosophos.files.wordpress.com/2011/09/first-day-of-school.jpg
http://prosophos.files.wordpress.com/2011/09/first-day-of-school.jpg

14 comments:

  1. ලියන්න.. අකුරු ලොකු කරන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයා... අකුරු ලොකු කරන්නම්...

      Delete
    2. චුට්ටයි නේ අනේ.. පෙළ ගස්වගෙන ලියන්න. අමතක වෙනවා නං ඒ සිද්ධි වල හෙඩින් කොතන හරි ලියා තියාගන්න

      Delete
    3. ස්තුතියි උපදෙස් වලට දේශක යා..

      Delete
  2. සුන්දර මතකයන් කාටද නැත්තේ, එත් ඒවා මේ විදියට පෙළ ගන්ස්සන එක තමා ගැටලුව, ජය වේවා.

    ReplyDelete
  3. කුරුණෑගල දිස්ත්‍රික්කේ ප්‍රසිද්ධ පිරිමි පාසලක් ///
    මාන්දමිකයි වගේ...
    හිහි...

    Good Old Days මේක නං නියමෙටම පොස්ට් එකටගැලපෙනව මචෝ...

    පොඩි පන්තියෙ අයලොකු පන්තියෙ අය
    හැමදෙන එක පන්තියෙ විලසේ...
    රාමල අමරල පොත්තුල තව ඇත
    වෙන වෙන අය හා යාළු වෙතේ...

    අමතක වෙන්නැති අමතක කරන්නත් බැරි සොදුරු අතීතය...

    මටත් තියෙනව කියන්න දෙයක්...
    මේ පුංචි රටේ යළි කවදා හෝ මතු කෙදිනක හෝ ඔබ අප හමුවේවී...

    මාත් එහෙම කිය කිය එකෙක්හම්බෙන කං බලං න්නව

    ReplyDelete
    Replies
    1. අපෝ මහා ලොකු ගොඩක් නෑනේ බන්.. පිරිමි පාසල්..
      අමතක වෙන්නැති අමතක කරන්නත් බැරි සොදුරු අතීතය...////
      සිරාවටම අයෙත් යන්න හිතෙන තරම්....
      බලන් ඉන්න එපා හම්බෙනකන් හොයන යන්න.. පරක්කු වෙන්න කලින්.

      Delete
  4. එල එල . දිගටම ලියපං ...... හොද හොද සෙල්ලං එලි වෙන ජාමෙටලුනේ

    ReplyDelete
    Replies
    1. ලොවෙත් හිකිස්... හොඳ හොඳ සෙල්ලම් තිබ්බනේ... :D

      Delete
  5. මාත් ඉස්කෝලෙ ගිය මුල් දවසෙ ඇඩුවේ නැ .හොඳ කීකරු ළමයෙක් වගේ හිටිය :D

    ReplyDelete
    Replies
    1. හම්මේ... බයටද දන්නේ නෑ :D

      Delete
  6. අඩේ මමත් උන්නද ඔය සැට් එකේ...වෙන්ට බෑ :o
    //දිලා, අමිලය එහෙම සෙට් වෙන්නේ උසස් පෙළ කරපු කාලේ..//

    ReplyDelete