Wednesday, August 20, 2014

ජාතිය සහ අද තත්වය...




අපේ ඔපීසියේ ඩ්‍රයිවර් මහත්තයා ඊයේ මට මාරු කතාවක් කිව්වා.


"මහත්තය බලන්නකෝ. අපේ වයිෆ් කෝල් එකක් දුන්න මට දැන්... අපේ ගෙදරට මිඩ්වයිෆ් එනවා නිතරම. මල කරදරේ. ඇවිත් උපත් පාලනය ගැන උපදෙස් දෙනවයි එක විකාරයයි.."

"ඉතින්?"

"හැමදාම comdom තොග පිටින් දීල යන්නේ.. මම කරන්නේ ඒවා පුච්චලා දාන එක.."

මු හිනා වේවි කියනවා...



"සිරාවටම කව්ද දන්නේ මොන මල ජරාව දාල ගෙනත් දෙනවද කියල. NGO case එකක්ද දන්නේය්ත් නෑ ඔච්චර ඕවා දම්මන්න උවමනාව තියෙන්නේ.."

ඒකනම් දන්නේ නෑ මහත්තයෝ.. අද මේ ගෑනි ඇවිත් ඉන්ජෙක්ෂන් එකක් ගැන ගෑනි එක්ක කියවලා. මගෙන් අහනවා ගහගන්නද කියලා.. මම කිව්වා නෑ නෑ හදිස්සි වෙන්න එපා මම එනකන් හිටපන් කියලා..."

"අප්පේ  බය නැද්ද ඕව ගහගන්න.. මොන මල ජරාවද කව්ද දන්නේ...."

මම කිව්වා..

"අපේ ගෑනි ඕව අහන්නේ නෑ මහත්තයෝ, ගෑනිට ඕනෑ මහත් වෙන්නලු.. එක ගහපුහම මහත් වෙනවලු..!"

 මටත් මේ විස්තරයත් එක්ක තවත් අපූරු කතාවක් මතක් විය. කෝච්චියේ එන ගමන් මා හට හමුවූ අපේ පාසලේ වැඩහිටි සහෝදරයෙක් කියපු කතාවක්...

"මල්ලි අද අපේ එවුන්ට හෙන ගහන්නයි. මේ රටේ තම්බියෝ වැඩි වෙන්නයි හේතුව තමා, අපේ එකාලට ළමයි හදනවා කියන එක ප්‍රොජෙක්ට් එකක් වීම. බලපන් අරුන්ට එහෙමද කියල.. උන් හදනකොට පන යනකන් හිතේ හැටියට හදනවා. උන්ට උන්ගේ ළමයි කොහොම හැදුනත් එකයි. යන පාර පෙන්නන එක විතරයි කරන්නේ. අපේ ඒකාල එහෙමද. ඒ කියන්නේ මමත් ඇතුළුව. අපි ළමයි හදන්න කලින් කොච්චර දේවල් හිතනවද. මුන්ට උගන්නන්න ඕනෑ.. කන්න බොන්න අඳින්න දෙන්න ඕනෑ.. ලොකු ලොකු ඉස්කෝල වලට යවන්න ඕනෑ.. කැම්පස් යවන්න ඕනෑ. කසාදයක් කරලා දෙන්න ඕනෑ.. හම්මේ ඕව කල්පනා කරද්දීත් ළමයි එපා වෙනවනේ බන්. අන්න එතනයි අපිට වැරදුනේ..."

"එක ඇත්ත අයියා.. අපේ එවුන්ට කෙල උනේ මෑත ඉදන් තමා.. ඉස්සර අපේ පවුල් වල ළමයි කොච්චර හිටියද. අඩුම ගානේ ළමයි 5 දෙනෙක් වත් ඉන්නවා.. පුංචි පවුල රත්තරන් කියල බෝර්ඩ් කෑල්ලක් එල්ලලා අපේ එකාලගේ ඔලු ටික වෙනස් කරලා වඳ සැත්කම් කෙරෙව්වා. එතනින් නම් මදෑ ඒක ට්‍රෙන්ඩ් එකක් කරන්න අතට රුපියල් 500 කුත් දුන්නනේ.. අනික වෙන එකක් තියා අපේ එවුනුත් ළමයි හදන්න බයයි figure එක කතා වෙනවා කියලා... වෙන එකක් තියා නැති බැරි මනුස්සයෙක්ට රජයේ රෝහලකට යන්න පුලුවන්ද ළමයෙක් හම්බෙන්න... මොන තරම් අපහසුවක් වෙනවද.. මොන කුණු බැනුම් අහන්න ඕනද.... එපා වෙනවනේ...."

"ඇත්ත බන්.. කෝ ඉතින් අරුන් එකෙක් වත් ඕව කරගත්තද.. අපේ 10ක් ඔය ටොපිය රස කර කර කද්දී උන්ගේ එකෙක් ඕනෑ නම් ටොපියේ රස බලන්න ඇති..!"

"ඇත්ත අයියා.. අපේ එවුන්ව දැනුවත් කරන්නවත් කවුරුත් ඉන්නවද. අල්ලපු ගෙදර එකත් බලන් ඉන්නේ කෙල වෙනකන් නේ..."

"අපේ එවුන්ට ගොඩ යන්න නම් උන් එක්ක යුද්ධ කරලවත්.. උන්ව මරල මර්ධනය කරලවත් නෙමෙයි කරන්න ඕනෑ.. උන් වගේම අපේ එවුන් අපේ ඒකාල ගැන හිතල අපේ එකාලගේ අනාගතේ ගැන හිතල වැඩ කරන්න ඕනෑ. වයිරයෙන් වයිරය සංසිදෙන්නේ නෑනේ මල්ලි.. අනික අපිට ලෝකේ අනිත් රටවල් එක්ක හැප්පෙන්න බෑ.. සමහර ව්‍යාපාර වර්ජනය කරාට කමක් නෑ. අපේ එකාලට ගොඩ යන්න අපි උදව් කරන්න ඕනෑ.. නැති බැරි අපේ එකාට උදවු කරන්නයි ඕනෑ.."

"කොහොමත් මම නම් හිතන්නේ අපේ එවුන්ට කෙල වෙන්න පටන් ගත්තේ අපේ හාමුදුරුවරු රස්සාවල් පස්සේ ගිහින් සල්ලි මත්තේ නැහෙන්න ගත්තට පස්සේ... නිකමට මනුස්සයෙක් පන්සලට ගිහාම හාමුදුරු කෙනෙක් ඉන්නවද පන්සලේ... මිනිස්සු පන්සලෙන් ඈත් වෙනවා... සමාජයෙන් ඈත් වෙනවා.. ගමේ මිනිස්සු ඈත් වෙනවා.. එකාට එකා නැති වෙනවා.. ඕව හින්ද තමා අපිට හෙන ගහල තියෙන්නේ.."

"මොනවා කරන්නද බන්  අපිට බෑ තනියම ඕව හදන්න... එක එකා එක්ක ඕව කියෙව්වා කියල වැඩකුත් නෑ.. තනි තනිව හරි අපිට පුළුවන් දෙයක් කරනවා කියන්නේ  ලොකු දෙයක්.. තමන්ට හැකි පමණින්. මම නම් අපේ එකාලට උදව් කරනවා මට පුළුවන් විදිහට.. අපේ නැති බැරි මනුස්සයෙක්ට අඩුම තරමේ පොඩි හරි රස්සාවක් හොයල දෙන එක. ස්වයං ව්‍යාපාරයක් කරගෙන යන්න පොඩි හරි උදව්වක් කරන එක එක පැත්තකින් අපිටත් හිතට සතුටක් නේ  බන් .. ඒ නැතත් එක අතකින් එක මනුස්සයෙක්ගේ හරි වෙනසක් කරා වෙනවනේ.. අපිට බෑ ලෝකේ වෙනස් කරන්න.. ඒත් අපිට පුළුවන් එක මනුස්සයෙක්ගේ ලෝකයම වෙනස් කරන්න...!!!"

කතාව ඇත්ත කියල හිතෙනවද....???


4 comments:

  1. හාමුදුරු වරු පන්සල් වලින් ඇත්වීම එකක්..එත් ඊට වඩා මෙතන ප්‍රශ්නේ වෙන එකක්..

    ආගම ට වහල් වෙලා ධර්මය අමතක කිරීම තමයි මම හිතන විදියට මෙතන මූලික ප්‍රශ්නේ.

    ධර්මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකිරීමේ පල විපාක.

    ReplyDelete
    Replies
    1. අද තමයි මේ පැත්තේ ගොඩ වැදුනේ..

      සුබ පැතුම්..

      Delete
    2. ඇත්ත විභීෂණ.. ඒ වගේම ආගම ධර්මය හරි විදිහට උගන්නන්නේ නැති කම සහ ඒවා උගන්නන්න ඉන්න උදවිය ඒවා තමන්ට උවමනා ආකාරයට වෙනස් කිරීමත් බලපානවා මම හිතන විදිහට.

      Delete
  2. සිහින උඹේ කතාව නං සහතික ඇත්ත...
    සිරාවටම මේ කියන්නෙ.. අපේ උංගෙ තියෙන්නෙ අන්ධ මානසිකත්වයක්...
    ඒ ගැන කියල විස්තර කරන්න යනඑක මෙතන තව පෝස්ට් එකක් ලියනව වගේ..
    මොනා වුණත් උඹේ යාළුව නං පැත්ත ගියත්ඇත්ත කියල තියෙනව

    ReplyDelete