Tuesday, August 26, 2014

කෝච්චියේ seat ලබා ගැනීමේ තියරිය...෴




මේක කරන්න නම් දෙන්නෙක් ඉන්න ඕනෑ...
හැබැයි එක්කෙනෙක් හරි ඉඳගෙන ඉන්නත් ඕනෑ.. යාලුවෝ වෙන්නම ඕනේ නෑ... පොඩි හැඳුනුම්කමක් තිබ්බම හොඳටෝම ඇති....
ආයේ ඉතින් තක්කෙටම හරි යනවා...
කරන්න තියෙන්නේ මෙච්චරයි.......

යන්න ඉඳගෙන ඉන්න යාලුවෙක් ගාවට....
පොඩ්ඩක් හිටගෙන ඉන්න...
(කියන්න බැරි වුනා.. යාලුවත් මේ තියරිය දැනගෙන ඉන්න ඕනෑ..)

යාළුවා ටිකකින් මෙහෙම කියනවා..
  " මචන් වරෙන් seat එකට..." පොර නැගිටින්නයි හදන්නේ...

" නෑ නෑ මචෝ අවුලක් නෑ ඔහොම යමු ඊළඟ ස්ටේෂන් එකේ කට්ටිය බහියිනේ..."


තව ටික දුරක් ඔහොම යනවා....
අයෙත් ඉඳගෙන ඉන්න පොර මෙහෙම කියනවා...

"වරෙන් වරෙන් බන් උඹ ලෙඩා දුකා නේ.. මෙන්න මෙහෙන් ඉඳගනින්..."

"පිස්සුද බන් ඕනේ නෑ මට වඩා උඹ ලෙඩා නේ.. ඔය කකුලත් අමාරු එකේ උඹ ඉඳගෙන යමන්... සෙනඟ බහිනවනේ මගදී..."

අයෙත් පොඩි දුරක් යනවා...

ඉඳගෙන ඉන්න පොර අයෙත් පාරක්...

"වරෙන් වරෙන් බන් උඹ හිටගෙන යද්දී මම කොහොමද බන් ඉඳගෙන යන්නේ..."

"ඕනේ නෑ මචෝ... යමූ යමූ තව පොඩ්ඩක්..."

හම්මේ ඉතින් ඕවා අහගෙන හිතක් පපුවක් තියන මනුස්සයෙක් කොහොමද ඉඳගෙන යන්නේ මේ අසරණය දැක්කම.. අනේ ඉතින් අපේ හිත උණුවෙන නෝනා මහත්තයෙක් seat එකක් දෙනවා... කිලෝමීටර් 10ක් යන්න ඕනේ නෑ වැඩේ සෙට්!

"එන්න ඉඳගන්න මෙහෙන්..."

දැන් ඔය  ඉඳගෙන යන්නේ ආතල් එකේ ගොරව ගොරව නිදාගෙන... බැහැල යන්නේ අර යාලුවට යනවා කියන්නෙත් නැතුව!!!!



අවවාදයයි: දෙතුන් වතාවකට වඩා එක පෙට්ටියේ මේ ආකාරයට ගමන් කිරීමෙන් වලකින්න.

(සත්‍ය සිද්ධියක් ඇසුරිනි. මේ සිද්ධි වලට අදාළ පුද්ගලයන් දෙදෙනා සත්‍ය ලෙසින් කිසිම ආකාරයේ රෝගාබාධයකින් පෙලෙන්නන් නොවන බව කරුණාවෙන් සලකන්න)

17 comments:

  1. අනේ ඇත්තට මෙහෙමත් කපටියො

    ReplyDelete
    Replies
    1. මුරුක්කු එක්ක seat ගන්න ක්‍රමයකුත් තියනවා.. :D

      Delete
    2. රුපියල් 20ක් දීල මුරුක්කු එකක් අරන් ඉඳගෙන ඉන්න මල පෙරේතියක් හෝ පෙරේතයෙක් ලඟට යන්න විතරයි ඕනෑ.. දාන්නම්කො එකත් මාරු සිද්දියක්.. :D

      Delete
  2. වැඩියම කපටිත් නෑ නේ..අනේ අනේ ...

    ReplyDelete
    Replies
    1. හික් හික්... ඕක හැමදාම දකින තියරියක්.. සමහරු නම් දැන් අහු වෙන්නේ නෑ..

      Delete
  3. හිහික්...
    ඕක නෙවි මචො ල්යන්න ඕන ඔෆිස් ට්‍රේන් වල සීට් කෙලි ගැන... උඹට කියන්න බං අපේ එකෙක්ව මරං කන්න හැදුවනෙ උං ඉන්න තැනකිං වාඩිවුණා කියල...
    මහ මෙලෝ රහක් නැති චාරයක් හැදියාවක් නැති කුප්ප බුවාල ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. හැක් හැක් සෝක් වැඩක් අද උදෙත් උනා මචෝ.. පස්සේ දාන්නම්කො ඒකත්.. seat කෙලි නම් බලන් ඉන්න ආතල් :D

      Delete
  4. කෑමක් සැට් කරන්නද හදන්නේ??

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ස්තූති වේවා...!!

      Delete
  5. ඔය ක්‍රමත් හොඳා, මුරුක්කු තියරිය නම් එකෙන්ම වැඩ කරන එකක් තමා, නැත්තන් ඉස්සෝ වැඩේ එකෙකුට අන්න අරයා ගන්නවා කිව්වම හරි, කැළණි වැලියේ යන අයටනම් ඒ යටම අනන්‍ය වෙච්ච ක්‍රම තියෙනවා, හෙක් හෙක් ඒවා කැලනි වැලියටම උරුම පාරම්පරික ක්‍රම.

    ReplyDelete
    Replies
    1. හිකිස්... දැනගන්න කැමතියි ඒවා ගැනත්..

      Delete
  6. දෙන්නෙක් නැතිව එක්කෙනෙකුට කෝච්චියේ ආසන ගන්න ක්‍රමයක් කියන්නකො ..මම නම් හැමදාම කොටුව ස්ටේෂන් එකේ කෝච්චිය එනකන් බෙල්ල දික්කරන් ඉඳල කොහොමහරි පැනගෙන කෝච්චියට නගිනවා ඒත් ඒ කරලත් සමහර දවස් වලට seat නැ .ඔය අත රේ ලඟපාත හොඳ කෙනෙක් හිටියොත්මගක් දුර ගිහින් seat එක දෙනවා :)

    ReplyDelete
    Replies
    1. හිකිස් කඩල පැකට් තියරිය දාන්න හංසි. :D ඒක ගැන පෝස්ටුවක් දාන්නම් මම. ආයේ තක්කෙටම හරි යනවා...

      Delete