Tuesday, September 16, 2014

Good Old Days ➟ අමතක නොවන අතීතය...3

back to school


මේ සිද්ධිය වෙනකොට මම දහය වසරේ.. අපේ බාලදක්ෂ සමූහය මඟින් වාර්ෂිකව පවත්වන සම්පත් රණවක අනුස්මරණ ගවේෂණ තරඟය ට අපි සුදානම් වෙන කාලේ සිද්ධ වෙච්ච වැඩක් මේක... මේ ගවේෂණ තරඟාවලිය වෙනුවෙන් නිකුත් කරපු සඟරාවේ පල කරලා තිබ්බ දැන්වීම් කිහිපයක මුදල් එකතු කරගෙන එන්න මටත් අපේ කණ්ඩායමේ හිටපු ප්‍රභාෂ් ටත් බාර වුණා.. හවස 3 ට කලින් ගෙනත් දෙන්න කියලයි අපිට නියෝග හම්බුනේ.. ඒත් ඉස්කෝලේ වෙලාවේ???? තර්ක කරලා වැඩක් නෑනේ සීනියර් අය්යල එක්ක. කොහොම හරි වැඩේ කෙරෙන්නයි ඕනෑ... 
ඔන්න ඉතින් හෙනම ගේමක් ගහලා ගේට්ටුවෙන්ම පන ගත්ත එලියට. මුලින්ම යන්න තිබ්බේ පොතුහැර ටවුන් එකේ කඩ 2 ක කට. ඒ වැඩෙත් හරි. ආපහු කුරුණෑගලට එනකොට 11 ට විතර ඇති. ඊලඟට යන්න තිබ්බේ මල්ලවපිටියට කොහොම හරි අපි දෙන්නත් ඉබි ගමනින් ඒ ගමන ගිහින් අපහු ඉස්කෝලෙට එන්න ආවා... තව රවුමක් යන්න අදහසක් තිබ්බත් ඉකමනටම ආවේ පරක්කු වෙලා චාටර් වෙනවට වඩා ඉක්මනින් ඇවිත් ඇඟ බේරා ගන්න එක වටින හින්දා. කොහොම හරි ගේට්ටුවෙන් ඇතුල් වෙන්නත් පොඩි ගේමක් දෙන්න වෙනවනේ. ඇයි මේ පට්ට දවල් යුනිෆෝම් ගහන් ඇතුලට යන්න දෙන එකක්යැ... කෝකටත් කියලා පොඩ්ඩක් ඔලුව දාල බලද්දී සික්කෝ පේන්න හිටියෙත් නෑ... අපිත් ආයේ බල බල ඉන්නේ මොකටද. විදුලි වේගයෙන් ඇතුලේ. එතකොටම සික්කෙක් මුණ ඉස්සරහා.. මූත් "ආ මල්ලි.." කියාගෙන හිනාවක් දාල ගියා.. අපි දෙන්න ෆුල් හොල්මන්. ඒත් එක්කම එතනම තියන බිල්ඩිමේ කොල්ලෝ දෙන්නෙක් මොනවදෝ කියනවා අපි දෙන්නට. අපිත් මුන් දෙන්න දිහා බලන් කියන දේ තේරුම් ගන්න බලනවා.. මොනවා කියනවද මන්ද තේරෙන්නෙත් නෑ.. එක පාරම මුන් දෙන්න අතුරුදහන්. පිටිපස්සෙන්.... "ඔහොම ඉන්නවා..." මොකාද ඒ... අප්පටසිරි වයිස් පිනා!!!! දැන් තමයි සේරම තේරුනේ අරුන් දෙන්න කියපු... මේ මිනිහට අහු වෙනවා කියන්නේ බේරිලි බොරු. අයෙ ඉතින් දෙන්න පුළුවන් උපරිමේටම දඬුවම් සෙට් කරලා නවතින්නේ... පිනා හොඳයි තව..!!!!


වයිස් පිනා: "කොහෙද ගියේ..."

අපි: "නෑ සර් මේ scouting වැඩකට"

ඔන්න කරුමෙට බෙල් ඒකත් ගැහුවා.. ගහපන් ඕක තව විනාඩියක් කලින් රෙද්ද....

වයිස් පිනා: "scouting!!! එළියේ ඉදන් නේද ආවේ.. තොපි තමයි මෙතනින් හැමදාම පනින එවුන්.. අල්ලගන්න තමයි මමත් මේ බලන් හිටියේ..."

අපි: " අනේ නෑ සර් අදමයි මේ ගියේ..."

වයිස් පිනා: " ආ ඇත්තද.. අහිංසක කොල්ලෝ දෙන්න... මොන පන්ති වලද....."

අපි: "දහය c එකේ සර්..."

වයිස් පිනා: "වරෙන් යන්න sectional head ගාවට...."

මොනවා කරන්නද.. අදනම් බඩු බනිස්... අවුරුදු දහයක් තිස්සේ රැකගෙන ආපු කාර්ඩ් එක..  කුඩේ කුඩු.

වයිස් පිනා: "මිස්ටර් හැරිස්.. බලන්න මේ ළමයි දෙන්න ඉස්කෝලෙන් එළියේ ඉඳන් දැන් අවේ ඇතුලට. මොනවා කරන්න ගිහින් ද දන්නේ නෑ.. උදේ ඉඳන් පන්තියේ හිටියද දන්නෙත් නෑ... scouting කියා කියා කොහේ යනවද දන්නේ නෑ..."

head: "මොන පන්තියේද තමුසෙලා??"

අපි: "10-c එකේ සර්..."

head: "එසේ මෙසේ පන්තියක් නෙමෙයි සර් ඕක..."

වයිස් පිනා: "මේ ළමයින්ගේ පොත් ගෙන්නන්න බලන්න මිස්ටර් හැරිස්... උදේ ඉඳන් ඉඳලද බලන්න..."

head: "හරි සර් මම ගෙන්නන්නම්..."

පොතුත් ගෙනාව... අදනම් ඉවරටම ඉවරයි.. දවස් ගානකින් note එකක් ලියනවා තියා පොත් වලට අතවත් තියල නෑ... අපි දෙන්නට දැන් හීන් දාඩිය දාල...

වයිස් පිනා: " මොකද වෙව්ලන්නේ... බයද? මුකුත් වැඩක් කාරල නැද්ද? නැත්නම් තොපි කුඩු ගහලද...??"

ඔය කිව්වේ කතාවක්....

වයිස් පිනා: "මේ ළමයි හැබැයි වැඩ කරලා වගේ... මේ note ටිකත් තියෙන්නේ පිළිවෙලට..."

දැන් නම් අපිට ෆුල් ම හොල්මන්... ඈ යකෝ දවස් ගානක් වැඩ නොකරපු අපේ පොත් වලට note ආවේ කොහොමද??? දෙය්යෝ දුන්න වගේ වැඩක් නේ මේක.

වයිස් පිනා: "හෙට ඉස්කෝලේ එනකොට ගෙදරින් එක්කන් එන්න ඕනෑ.. නැත්නම් බලාගන්න පුළුවන්... මිස්ටර් හැරිස්.. බලන්න මේ දෙන්න ගැන. පන්ති භාර සර් ව දැනුවත් කරන්න..."

හම්මේ ඉතින් ළමයි ඉස්කෝලේ ඇරිලා යනවා.. දෙනෝ දාහක් සෙනඟ බලන් ඉද්දි දෙන්නටම වේවැල් පාරවල් එකසිය ගානට... වේවැල් පාරවල් වලටත් වඩා රිදුනේ සෙනඟ මැද්දේ කන්න සෙට් වුනු එකට. මොනවා කරන්නද... 



beat by teacher


පස්සේ අපිත් පොත් ටික අරන් බැලුවා.. යකඩෝ... දින දාල වැඩ පටන් ගත්තේ නැති එක ගැන එදා තමයි වැඩිපුරම සතුටු වුනේ... පොත් ටික ඉල්ලන් එන්න යවපු වෙලේ පන්තියේ එවුන් අපේ පොත් දීල තියෙන්නේ පරණ note වලට දින දාලා... :D හම්මේ රත්තරන් යාලුවෝ ටික!!!!

හැබැයි ඊළඟ දවසේ නම් පන්තිය පැත්ත පළාතේ ගියේ නෑ... කෙලින්ම වාර්තා කරේ බාලදක්ෂ කාමරේ ට. වාසනාවට ඒ දින කීපයේ පාසල තුල අපිට ගවේෂණ තරඟය සඳහා සංවිධාන කටයුතු කරන්න අවසර ලැබිලයි තිබුනේ. කොහොම හරි හවස් වෙනකන් පන්ති භාර සර් ගෙනුයි හැරිස් සර් ගෙනුයි' වයිස් පිනා ගෙනුයි බේරිලා හිටියා. ඒත් අවාසනාවක මහත.. එදත් අන්තිම දවසේ අවාසනාවන්ත ලෙස මාව අහු වුණා පන්ති භාර සර් ට!!! කාල වරෙන්කො තනියම. යාළුවා පාවල දුන්නෙත් නෑ.. තනියම එදත් හොඳ හැටි කාල ගෙදර ගියා.....

ගෙදර ගිහින්;

මම: "අප්පච්චි හෙට parents meeting එකක්"

අප්පච්චි: "ඒ මොකෝ මේ හදිස්සියේ පන්තියේ එකක්ද?"

මම: "එහෙමමත් නෑ අප්පච්චි, වයිස් ප්‍රින්සිපලුයි හැරිස් සරුයි පන්ති භාර සරුයි අප්පච්චියි මමයි...."

ඉතුරු ටික හිතාගන්නකෝ...!!!!!

16 comments:

  1. අප්පච්චිගෙන් කෑවද උඹ ඇති වෙන්න? :)

    ReplyDelete
    Replies
    1. අප්පච්චිගෙන් විතරක් නම් මදෑ.... :P

      Delete
  2. පට්ට මචෝ... හිත අතීතෙට දුවල ආවා..

    ReplyDelete
    Replies
    1. හේ හේ ඒ අතීතේ අපිව ජීවත් කරවනවා...

      Delete
  3. ලෝකයේ දුටු නුදුටු දේ දකින්න, ලෝකයේ සිමා මායිම් හබා යන්න, අලුත් විදියට ලෝකය දකින්න වෙර දරණ, ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ලංකාවේ හොදම තාක්ෂණික ෆෝරමය, ℯkathuwa.org. එන්න අප හා එක්වන්න දැනුමෙන් සන්නද්ද වන්න. ඔබ තවත් මේ ලෝකයේ මං මුලාවුවෙකු නොවේ!

    ReplyDelete
  4. එහෙමමත් නෑ අප්පච්චි, වයිස් ප්‍රින්සිපලුයි හැරිස් සරුයි පන්ති භාර සරුයි අප්පච්චියි මමයි...."///
    මටත් ඔය සෙතේම වුණා...
    හැබැයි මට උනේ හොදම එක එක දිගට දෙපාරක් සතිය ගානෙ පංති තහනංඋනා...
    ඒත් ඉස්කෝලෙ එනව කියල ගෙදරිං ආව...
    අම්මලව එක්කං ඉස්කෝලෙ ආපුවාම තමා ඊටපස්සෙ හොද හොද සෙල්ලං උනේ...
    හෙක් හෙක්....
    උඹේ මේ ලිවිල්ල රහයි මචෝ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ....
      වැඩේ කියන්නේ මොක කරලවත් ගොඩ දාගන්න බෑනේ... අත්තම්මා ඉස්කෝලේ හිටපු නිසා ඉස්කෝලේ බාගෙට බාගයක් ටීචර් ල මාව දන්නවා... හම්මේ මොක කරත් ගෙදර යන පරක්කුව විතරයි නිව්ස් එක ගෙදර ගිහින්....

      Delete
  5. වයිස් පිනා කියන එක මෙතැනදි නං හරිම ඔඩ්..

    ReplyDelete
  6. අනේ සිහිනයො මටත් තිබුණ ප්‍රොබ්ලම් එක තමයි අපේ ගෙදර මිනිස්සු ඉස්කෝලෙ ටීචර්ලගෙ බොක්කෙ ෆිට් වෙච්ච එක. හයියූ පෙරලගන්න බකට් මට කලින් ගෙදර ඈයො දන්නව. විනාසයි තමයි

    ReplyDelete
    Replies
    1. හම්මේ ඔව්.. ඒකනම් මහම වේදනාවක්... මෙලෝ නිදහසක් නෑ..

      Delete
  7. හෙක් හෙක්, යකෝ පනිනවනම් පෑල දොරක් හදා ගනින්, දන් නැත්තන් අපෙන් අහපන්, හුසේන් බෝල් පරද්දලා දුවපු උන් අපි , එකත් එසේ මෙසේ දිවිල්ලක් නෙවේ බන්, බාධක දිවිල්ලක් :D. වහලවල් වලින් වහලවල් වලට පැන පැන. හැබැයි කාඩ් කුඩු නෑ, වෙලාවට අපේ එකේ කෙල්ලෝ නෑ, හිටියනම් අන්න පාවාදෙන උන්. :D

    පට්ට බන් ඒ කාලේ, මතක් කර කර මනෝ පාරවල් ගහනවා ඇරෙන්න මොනා කරන්නද :(

    ReplyDelete
    Replies
    1. හම්මේ... මොනවා කරන්නද... අතටම මාට්ටුනේ.... :P කරුමේ කියන්නේ විනාඩි 2යි තිබ්බේ ඉස්කෝලේ අරින්න...
      වෙලාවට අපෙත් කෙල්ලෝ නොහිටියේ... නැත්නම් අනාතයි... :D

      Delete
  8. අර යාලුවෝ ටික නම් අදහන්න වටිනවා .. :D

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ... නියම බොක්කවල් ටිකක්... :D

      Delete
  9. සුන්දර අතීතයක් - like to share this on https://www.facebook.com/groups/ScoutingBloggers/

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...