Tuesday, September 30, 2014

මචන් මේකත් පොඩ්ඩක් අහපන්... ☟



just listen


මචන්...

ජීවිතේ කියන්නේ කෙල්ලෝ නෙමෙයි මචන්...
මොනවා වුනත් තමන්ගේ අම්මට තාත්තට සලකල හිටපන්.. උඹව ඔය තත්වෙට ගත්තේ උඹේ අම්ම තාත්ත නේද.. ඒ මිනිස්සු කොච්චර දුක් විඳින්න ඇද්ද උඹව උස් මහත් කරන්න.. වෙල් ගණන් නොකා ඉඳල උඹ කන දිහා බලන් ඉඳල බඩ පුරවා ගන්න ඇද්ද... ඒත් අද උඹට වටින්නේ ඒ අම්ම තාත්ත නෙමයි. උඹේ ඉගෙනීමට වඩා උඹට කෙල්ලෝ ලොකු වුණා... උඹලගේ තාත්තා දුක් මහන්සියෙන් නොකා නොබී හම්බ කරපු සල්ලි වියදම් කරලා උඹ කැම්පස් ආවා.. උඹ යාළුවන්ට ණය වෙලා ගත්ත ලැප්ටොප් එක නිසා උඹ එක පාරක් කොළඹ හතේ කෙල්ලෙක්ට රැවටුනා... උඹ ජීවිතේ එපා කරගත්තේ හරියට එකී උඹේ මුළු ජීවිතේම උදුරා ගත්ත වගේ.. ඒත් ඒකි උඹෙන් ගත්තේ සති කීපයයි. ඊට පස්සේ උඹ ස්කයිප් එකෙන් මුණ වත් දැක්කේ නැති කෙල්ලෙක්ට ලව් කරා... උඹ අර අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු විකුණලා කෙල්ල වෙනුවෙන් වියදම් කරා... උඹේ සල්ලිද?
නෑ...
අර දුක් විඳින මනුස්සයාගේ සල්ලි.....
මේවා සහ ගහන අපරාද මචන්.. ඒත් උඹ තේරුම් ගත්තේ නෑ...
ස්කයිප් කෙල්ලව හම්බෙලා දවස් දෙකයි ඒකි උඹට ඇඳට කතා කරා... එතකොටවත් උඹට තේරුම් ගන්න බැරි වුනාද.....
 දාස් ගණන් වියදම් කර කර කැම්පස් එන්නෙත් නැතුව උඹ ඒකි එක්ක පිස්සු කෙලියා... අපි කියපු කිසි දෙයක් උඹ කනකට ගත්තේ නෑ....

ස්කයිප් කෙල්ල ඒකිගේ පැටිකිරිය ගැන කිව්වේ උඹ ඒකිව දාල ගියාට පස්සේ නේද...

ඒත් සැහෙන කාලෙකට පස්සේ අපි කියපුව උඹ තේරුම් ගත්ත කියල මම හිතුවා..

ඒත් මම වැරදියි...

උඹ තව එකක් සෙට් කරගෙන... ඔව් කෙල්ල ලස්සනයි තමයි.. අහිංසකයි....

උඹට කෙල්ලෙක් නැතුවම බැරි නම් ඕකවත් හරියට කරගෙන හිටහන්... එදා මම කිව්වේ එහෙමයි... අවුලකින් නෙමෙයි මචෝ...  උඹට දැන් වත් හරි යයි කියන සිතිවිල්ලෙන්... කෙල්ල හොඳයි තමයි. පොළොවේ පය ගහල ඉන්න කෙල්ලෙක්. අනාගතේ ගැන හිතල තීරණ ගන්න කෙල්ලෙක්.. උඹේ වාසනාවටද මන්දා උඹට ජොබ් කට්ටකුත් සෙට් වුණා...
යාලුවෝ විදිහට අපි එදත් සතුටු වුණා.. කැම්පස් එකේදී සෙට් වුණා හොඳම යාළුවා විදිහට මම ඊටත් වඩා සතුටු වුණා මචෝ..

ඒත් අන්තිමට මොකද වුනේ.... උඹට හැම දේම අමතක වුණා... අම්ම තාත්ත පවා... උඹේ මුළු ජීවිතේම දැන් අර ජීවිතේ වරද්ද ගත්ත කෙල්ල ගාව.... වරදට සමාව දෙන දෙවියෙක් වෙලා දැන් උඹ....

මුළු ජීවිතේම දින්නා කියල උඹ හිතන් හිටියට උඹ පැරදිලා මචෝ... හම්බ කරන හැම සතේම ඒකිට දීලා උඹ තවම කන්නේ බොන්නේ ගෙදරින්... ඔව් දැන් උඹට කරන්න වෙන දෙයක් ඉතුරු වෙලා නෑ.. කවදම හරි උඹට ඒකිවම කරගහන්න වෙයි... සමහර විට උබේ හැම දෙයක්ම උදුරාගෙන උඹට වත් හොයා ගන්න බැරි දිහාකට යයි.

එදාට උඹට ඉතුරු වෙන්නේ උඹේ අසරණ දෙමවුපියෝ දෙන්න විතරයි...

කවදාවත් ඒ මිනිස්සුන්ට දුකක් දෙන්න එපා... දෙමවුපියන්ගේ හිත් රිදවනවා කියන එක සහ ගහන අපරාධයක් මචෝ...
පොඩි කාලෙකදී අපි ගාවට යන එන මිනිස්සු ගැන ඕනෑවට වඩා හිතන්න එපා බන්... බස් එකක් වුනත් හෝල්ට් එකේ නවත්තන් ඉන්නේ මිනිස්සු නඟිනකන් විතරයි. තමන්ගේ එකම පුතා හොඳ රස්සාවක් කරලා ඉස්සෙල්ලම ගන්න පඩියෙන් තමන්ට පුංචි හරි තෑග්ගක්  අරන් එන එක ඕනෑම අම්මෙක් තාත්තෙක් දකින හීනයක් මචන්. ඒ වෙලාවට අම්මගේ තාත්තගේ ඇස් වලට එන සතුටු කඳුළු උඹට ආයේ කවදාවත් දකින්න බෑ මචන්. ඒත් උඹ ඒ දේ කරාද...
කවද හරි දවසක උඹේ දරුවෙක් උඹට ඔය දේ කරද්දී උඹට තේරෙයි මචෝ.. එදාට උඹ පරක්කු වැඩි...
උදේ ඉඳන් දාඩිය මහන්සියෙන් ගෙදර දොරේ වැඩ ටික කරන.. උඹේ රෙදි ටික හෝදලා දෙන අම්මට උඹේ අතින් බත් කටක් කවල තියනවද... අව්වට වේලිලා දිය වෙලා ගිය කමිසේ ඇඳන්, තැන් තැන් වලින් අන්ඩ දාපු කලිසම ඇඳන් උදේ පාන්දරම රේල් පාරේ වැඩට යන තාත්තට උඹ කමිසයක් අරන් දුන්නද...

ඒ වුනාට අර කෙල්ලට උඹ ඇඳුම් නම් කියක් අරන් දුන්නද.....

පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මචෝ... උඹ ගෙදරට බොරු කරලා මොන තරම් සැප වින්දත් වැඩක් තියනවද... උඹේ දෙමවුපියෝ සතුටු වෙනවා උඹ කාවද හරි හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙයි කියලා... ඒත් උඹ ඩිග්රි එකත් අත ඇරලා ඉබාගාතේ යනවා... උඹට ජොබ් එකක් තියනවා තමයි.. ඒත් උඹට කොච්චර ඉහලට යන්න පුලුවන්ද... ඩිග්රි එක කරන්න උඹට කොච්චර වෙලාව තිබ්බත් දැන් ඒකි උඹට ඩිග්රි එක එපා කරවල ඉවරයි නේද... සිහි බුද්ධියෙන් හිතල බලපන් මචෝ උඹ ඉන්නේ කොහෙද කියලා... උඹට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා... උඹේ හදවතින් අහල බලපන් මම කියන්නේ බොරුද කියලා...


කවදාම හරි දවසක උඹට තේරෙයි උඹ කොච්චර පව් කාරයෙක්ද කියලා...





ඔව් උඹ හිතින් මට බනියි... 
ඒත් මම මේවා කියන්නේ කාලයක් මම නොදැන කරපු වැරැද්දට තාමත් පසුතැවෙන හින්දා... යාලුවෙක් විදිහට උඹටත් ඒ දුක දෙන්න බැරි හින්දා... වාසනාවකට ඒ පව්කාර ජීවිතෙන් මම ගොඩ ආවත්... ඒ වේදනාව කවදාවත් නැතිවෙන්නේ නෑ මචෝ.. ඒකයි මම උඹටත් කියන්නේ... දැන දැන වලේ වැටෙන්න එපා..

 උඹ හොඳ මනුස්සයෙක් බන්. හිත හොඳ එකා... ඒත් තාමත් උඹට හැදෙන්න පුළුවන්... තවම පරක්කු නෑ.....


truth


ඔව්... මේක ඔයාගෙත් කතාව වෙන්න පුළුවන්....



Photos: http://2.bp.blogspot.com/-n-uHdpYjS5Q/UFpHYAZ-S4I/AAAAAAAABAo/0DjMVFGBn4o/s400/just-listen.jpg
             http://fellowpillow.files.wordpress.com/2012/12/truth.jpg

17 comments:

  1. ඊයේ කලේ ගොංකං කියා අදයි වැටහෙන්නෙ. අදකරන ගොංකං වැටහෙන්නෙ හෙට...
    දුක තමයි සුදා...

    ReplyDelete
  2. මේක නම් හිතට වදින්නම ලියල සිහින....ගොඩක් අයට අද ආදරවතයෝ ,ආදරවත්තියෝ හම්බුනාම අම්ම තාත්ත අමතකයි. මොකකින් හරි අම්මයි තාත්තයි සම්බන්දෙට අකමැති උනාම අන්තිමට අම්මල තාත්තල එක්ක තරහවෙලා ඉන්නව .පොඩි කාලේ ඉඳන් හදපු අම්මයි තාත්තයි ඊට පස්සේ ඉඳන් එපා වෙලා ..මේ වගේ අය මටත් හම්බවෙලා තියනව ..අනේ මන්ද ඒ අයට මොනාද කියන්න ඕන කොහොම පැහැදිලි කරන්නද කියල කියාගන්න බැරිව ඉන්නවා :/ .. කාලෝචිත මාතෘකාවක් ...මගේ සමහර යාලුවන්ටත් මේක පෙන්නන්න පුලුවන්නම් හොඳයි කියල හිතනව හැබැයි මේවා කියල ඊට පස්සේ කී දෙනෙක් තරහ වෙයිද කියල නම් දන්නේ නෑ. හ්ම්ම් ..කවද හරි තේරේවි ..හැබැයි එතකොට පසුතැවීම් ගොඩයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හංසි... ඇත්තටම මගේ යාළුවෙක්ගේ කතාවක් මේ.. ඒ ලෙවල් කාලේ කරපු දෙයක් ගැන මම අදටත් ගොඩක්ම පසු තැවෙනවා... ඒත් ඒවා කියල දෙද්දී යාලුවෝ තරහ වෙනව.. ඒත් එහෙමයි කියල නොකිය ඉන්න එක හොදත් නෑ... කෙනෙක් ගොඩ ගියොත් ඒ පින අපිට..

      Delete
  3. ඇත්ත සිහින අද කාලෙ බහුතරයකගෙ කතාව මේක. ගෑණු ළමයෙක් විදියට සමහර වෙලාවට මටම ලැජ්ජයි, මොකද මගේ සමහර යාලුවො පවා කොල්ලන්ව ඔය වගේ වෙනස් කරනව. ඒ වගේම මේක බොරුවක් කියල තේරෙද්දිත් සමහර පිරිමි ලමයි ඒක වෙනස් කරන්න උත්සහ කරන්නෙවත් නෑ තමුන්ගෙ දෙමවුපියො වෙනුවෙන්. ඒ අම්මල තාත්තල කොච්චර දුක්විඳිනව ඇද්ද

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒ පව් කාවද හරි ආපහු ගෙවන්න වෙනවා..

      Delete
  4. // උඹ හොඳ මනුස්සයෙක් බන්. හිත හොඳ එකා... ඒත් තාමත් උඹට හැදෙන්න පුළුවන්... තවම පරක්කු නෑ.....// උඹ අහලා තියෙනවද හිත හොද ගෑණි හැමදාම බඩින් කියලා. ගොඩක් වෙලාවට එහෙම තමා. ඕනෑවට වඩා හිත හොද එකාට කෙළවෙනවත් වැඩියි. හිත හොද වගේම හිත හොද උන්ව හදුනගන්න ඉවත් පොඩ්ඩක් හරි තියෙන්න ඕන. නැත්නම් කෙළවෙන්නෙ බලාගෙන ඉත්දි.

    උඹේ ලියමන නම් අද හිතටම වදිනවා. හොදයි!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රියා... ඇත්ත කතාව... එක පැත්තකින් මේකේ කතා නායකයාගේත් හිත හොඳ වැඩිකම තමයි සේරටම මුල...

      Delete
  5. මං ඕකට කියන්නෙ ‘ආදරෙන් අබ්බගාත වෙනව‘ කියල. කන් ඇහෙන්නෑ, ඇස් පේන්නෑ, කියන මෙලෝ මලදානයක් තේරුං ගන්නෙත් නෑ...

    ReplyDelete
  6. මොනව වුනත් දෙමව්පියෝ මතක් වෙන්නෙ අපෙ ්උන්ට අන්තිමටම තමා..

    ReplyDelete
  7. ගොඩදෙනෙක් ගේ කතාව මේක තමා. අන්තිමට වටම ගිහින් ගෙටම එනවා

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මචන් ඉස්සෙලා තමුන් තමුන් කව්ද කියලා තේරුම් ගන්න එකයි වටින්නේ, ලස්සන හීන ටාගට් රෝස මල්, ලොලිපොප් චොකලට් නෙවෙයි බන් ජීවිතේ, ආදරේ අනේ ඔය බම්බුව කව්ද බන් ආදරේ කරන්නේ අම්මෙක් තමන්ගේ පුතෙක්ට කරන තරම්, හැම එකාටම බණත් අහනවා, ගිරව් වගේ කියවනවාම එත් මොකක්ද කතාව කියලා තේරුම් ගන්නේ නැහැ. හැබැයි ශා බුදු සාදු ශෝක කියාගෙන සසුන වෙනුවෙන් මරා ගන්න යන්නේ, මල් මල් හීන එක්ක අම්මා අප්පා අමතකයි.

    "මතා යතා නියන් පුත්තන් ආයුසා ඒක පුත්ත මනුරක්කේ" අන්න ඒ විදියට මෙත් සිතෙන් ඉන්න කෙල්ලෙක් කියපන් බලන්න මට

    එතකොට සබන් බෝල හම්බ උනාම මේකට මොකද බන් වෙන්නේ

    මාතා පිතු උපට්ඨානං
    පුත්තදාරස්ස සංගහො
    අනාකුලා ච කම්මන්තා
    එතං මංගල මුත්තමං

    තේරුම
    මවුපියනට උවටැන් කිරීම ද, අඹුදරුවනට සංග්‍රහ කිරීම ද, නිරවුල් කර්මාන්ත ද යන මේ කාරණා උතුම් මඟුල් ය.

    මචන් අම්මල තාතතලා අපි තරම් උගත් නැතිව ඇති, හැබැයි සේකරන් කියනවා වගේ පැදුරු මහා මහා ජංගි අන්දවන්නේ අම්මලා, එයාලට නැති උගත්කම දෙන්නේ ඒ තාත්තලා.

    ඒක මතක නැති එකාට අනිත් මුකුත්ම හරියන්නේ නැහැ. උඹේ පොස්ට් එක එල පරක්කු වෙලා දැක්කේ.කලින් එල නියමයි කියලා කමෙන්ට් කරලා මාරු වෙන්න හැදුවට ඇත්තම කතාව ලියලා යන එක හොඳයි කියලා හිතුනා.

    ReplyDelete
  10. අදයි මේ පැත්තට ගොඩවුනේ.. දිගටම එන්නම්කෝ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...