මා මනැසි
පෙති විදා තඹර පිපි දින
නොදත්තෙමි ඒ වග
හිස් විය
මගේ මල් පැස
පසෙක විය ඒ මල
කිසිත් සැලකුම් නොලැබ
හැඟුණා පමණි ඉඳහිට
ශෝක සන්තාපයක්
මගේ සිහිනෙන්
තිගැස්සී අවදි වූ කල
දකුණු දිග සුලඟෙහි
නුහුරු නුපුරුදු සුවඳක
දැනුණි මිහිරෙන් බිඳක්
ඒ සේයා මිහිර
පුරා ලී මහද පැතුමින්
පිරිපුන් බව සොයන
සරත් සමයෙහි
නොඉවසිලිමත්
හුස්ම පොද බව
දැනුණි මට එය
ඒ මොහොතෙහි නොදත්තෙමි
එය ඒ තරමටම
මවෙත ලංවී ඇති බව
එය මගේ බව
ඒ ඉමිහිර
දුටුව පරිසමාප්තය
මහද ගැඹුරෙහි
විකසිතව ඇති බව........
කොහෙන් හෝ උපුටා ගැනීමක්.. මගේ පරණ දින පොතක ලියල තිබ්බේ....
ඉප්පීඩ් එක වැඩියි ඔයැයිගේ..
ReplyDeleteපැහැදිලි කරොත්. තේරුනේ නැහැ මට
Deleteපට්ට ඈ...
ReplyDeleteපට්ට කියන්නෙ මාර ලසිසනයි..
බොක්කටම වැදුණ
ජයවේවා
මොකක්ද බං උඹටත් අර මොකක්ද වගේ හැම එකටම පට්ට නේ.. තොට පට්ට නැති මොකක්වත් නැද්ද බ්ලොග් වල...
Deleteඅපොයි අපොයි ස්තුති වේවා ඈ..
Delete