Wednesday, September 17, 2014

දුම්රියේ රස කතා ☞ සීට් එක ಠ_ಠ


කුරුණෑගල බලා පිටත් වන කාර්යාලීය දුම්රියකි. වයස අවුරුදු පනහකට ආසන්න පුද්ගලයෙක් දුම්රියේ අසුන් ගෙන සිටී... ඔහුට අපි සිරිපාල යැයි කියමු.රාගමට ආසන්නය. ඔහුගේ ආසනයට තරමක් දුරින් තරුණ ගැහැණු ළමයෙකු හිටගෙන සිටී..

සිරිපාල: (තරමක් ඉස්සී අත දිගු කරමින්)   "ස් ස් මේ.... එන්න ඉඳගන්න...."

තරුණිය: "අනේ නෑ ඕනේ නෑ මම ලඟින් බහිනවා..."

සිරිපාල : " එන්න අනේ එන්න..."

තරුණිය: (සිනාවක් පාමින්) "නෑ නෑ ඔහොම යමූ...."

ඔහු නිශ්ශබ්දය.....


ගම්පහ පසු වීමෙන් පසු නැවතත්........

සිරිපාල: (නැවත අත වනමින්) "එන්න එන්න ඉඳගන්න..."

තරුණිය: "නෑ නෑ අවුලක් නෑ ඔහොම ඉන්න..."

සිරිපාල: "අනේ මෙන්න මෙහෙන් ඉඳගන්න..."

ඔහු ආසනයෙන් නැගිටියි... බේරෙන්නම බැරි තැන තරුණිය ඉඳ ගනී... ඔහු තරමක් පසු පසට පැමිණ දුරකථන ඇමතුමක් ගනී....

සිරිපාල: "මචන් සීට් එක දුන්නා දැන් මොකද කරන්නේ???"
..............................................
සිරිපාල: "හරි බන් කතා කරන්නේ මොනවා ගැනද....?"

සිරිපාල නැවත තරුණිය අසලට යයි... 

අහෝ ඇය සැප නින්දේ ය.......

පොල්ගහවෙලට යන තුරුත් ඇය නිදි දෙව්දුව තුරුලේ ය...!!!!




Photos: https://farm9.staticflickr.com/8234/8553392467_a73d00f440.jpg
             http://icarusrestaurant.com/wp-content/uploads/2013/11/Lady-Sleeping1.jpg

23 comments:

  1. හෙක් හෙක් හොඳම වැඩේ, බොට නේද ඕක උනේ, ඇත්ත කියහන් :D

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්... එහෙම චා වෙනවද අපි... :P

      Delete
  2. දාපං පපුව පස්සට.. සෙස්ස ඉස්සරහට කියල.. වැඩේ පටන් ගනිං.. සිරිපාල දොරේ වෙන්ටැති අන්තිමට..

    ReplyDelete
    Replies
    1. අවසානයේ සිරිපාලයා කෝච්චි පෙට්ටියෙන්ම නෝන්ඩි විය...!!!!

      Delete
  3. උඹට අවුරුදු පනහකට කිට්ටුද බං? :)

    ReplyDelete
    Replies
    1. දුක නැද්ද බන් මාව සිරිපාලට සමාන කරන්න.. :(

      Delete
  4. අය්යෝ පව් වැඩේ :D

    ReplyDelete
    Replies
    1. යා මිනිහව තාම හොයාගන්න බැරි උනා එදායින් පස්සේ ... :D

      Delete
  5. ලොලේ ලොල් නේ හොඳ වැඩේ...:D

    ReplyDelete
    Replies
    1. නැතුව... ඉල්ලන් නෝන්ඩි වෙන වැඩනේ... :D

      Delete
  6. පවේ පව් ..ඊට පස්සේ බැස්සම වත් කතා කලේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ උන් දිගටම ගියා.. මම පොල්ගහවෙලින් බැස්සා...

      Delete
  7. kisima rahak nathi goo kathaawakne

    ReplyDelete
  8. ඇනෝලට ජේ වගේ සිහිනයො.

    ගනන් ගන්න එපා. මොනා උනත් වෙච්ච සීන් එක නොදැනෙන්න ලියල නේහ්.... ඔහොම තමයි මචෝ ලව් කරන කාලෙ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද හලෝ... :D අය්යෝ අනික කෝච්චි වල අපිට සීට් හම්බෙනවානම් බැරියැ....

      Delete
  9. පට්ට කතාවක් කියවන්න සෙට් වෙනකොටම කතාව ඉවරයි.
    එත් පට්ටයි

    ReplyDelete
    Replies
    1. ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කතා... :D

      Delete
  10. හය්යෝ සල්ලි...
    ඉැකි තිතකි පොලිස් පොල්ලකි... තරු කෝටියකි...
    හුකෑස්

    ReplyDelete
    Replies
    1. ඔන්න මහේෂ් කෙල්ලෝ.... :P

      Delete
  11. අයියෝ ෂිරිපාල !!! තැපෑලෙන් පීනන්න ඉගෙන ගත්ත වගෙ එකක් නෙ. :D

    ReplyDelete
  12. මං මේ තුන් හතර පාරක්ම බැලුව ආයේ ආයේ,. පටන් ගද්දිම කතාව ඉවරනේ හයියෝ..

    ReplyDelete
    Replies
    1. ෂෝර්ට් ස්ටොරියක් :D

      Delete