ඉස්කුල් බස් එකේ ආතල් ගත්තේ මේ උසස්පෙළ සෙට් එකත් එක්ක තමා :D
හදිස්සියේ මුණ ගැහුනේ දුක්මුසු අවස්ථාවක වුනත් ඒ හමුවීම අපි හැමෝටම ලොකු සතුටක් වුනා... ගොඩක් කතා වුනේ ඉස්කෝලේ කාලේ කරපු පිස්සු වැඩ තමා.. ගොඩක් දේවල් අමතක වෙලා තිබ්බත්.. ඒ මතකයන් අලුතෙන් ආවර්ජනය කිරීමත් ඇමතුම සතුටක්... ඒක හින්දමයි මට හිතුනේ (සිංහලෙන්ම කියනවා නම්) "ඒ ගත්තු ආතල්" පිලිවෙලින් නොවුනත්.. මෙසේ පෙළගස්වන්න....
.
.
.
.
මුලින්ම මැදින් පටන් ගන්නත් බෑනේ..
.
.
.
ඉස්කෝලෙට ආපු පලවෙනි දවස කියන්නේ අපි ගොඩ දෙනෙක්ට ජීවිතේ අමතක නොවෙන දවසක්. කව්රු කවුරුත් අම්මල තාත්තල බදාගෙන අඬන්නේ හරියට හිරේ විලංගුවේ දාල සදාකාලිකව ඇත ඇරලා යනවා වගේ නොවැ..!! හැබැයි මම නම් එහෙම ඇඩුවේ නෑ ඔන්න... බොරු නෙමෙයි සිරාවටම. මොකද කියනවනම් අපේ අම්මගේ අම්ම. ඒ කියන්නේ මගේ ආදරණිය අත්තම්මා අපේ ඉස්කෝලේ ගුරුවරියක්! ඉතින් මක්කටෙයි මමත් අඩන්නේ අත්තම්ම ඉන්නවා නොවැ. හැබැයි පුංචියට විතර කඳුළු බින්දු වැටුනේ නැත්තෙමත් නෑ.. වෙන මොකටවත් නෙමෙයි.. අනිත් අය හොටු පෙරන් අඬන හැටි දැකලා :P
අමතක වුනා.. ඉස්කෝලේ ගැනත් පුංචි ඉඟියක් දෙන්නම්. කුරුණෑගල දිස්ත්රික්කේ ප්රසිද්ධ පිරිමි පාසලක් තමයි මේක. එතනින් එහා ඕනේ නෑ... මගේ අතිජාත මිත්තරයෙක් වෙච්ච සීයව හම්බෙන්නත් ඔන්න ඔය දවසේ තමයි. මට අද වගේ මතකයි මෑන් ගේ නම මතක නැතුව පොරගේ පන්සල් පාට පෙට්ටි හොරෙන් පෙරලා පෙරලා නම පාඩම් කරපු හැටි :D (පොර මකන කෑල්ලේ ඉදන් හැම එකේම නම ගහගෙන හිටියේ ඒ දවස් වල)...
.
.
.
ඉතුරු ටික පස්සේ බලමු. සාර්ථකයි වගේ හිතෙනවනම් දිගටම ලියනවා... හොදක් හරි නරකක් හරි කමක් නෑ පල්ලෙහා කොටලා යන්න කියල පොඩි ඉල්ලීමකුත් කරනවා...
photos:
https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xap1/t1.0-9/p235x350/10647062_763587363698813_1360290211602165509_n.jpg
http://prosophos.files.wordpress.com/2011/09/first-day-of-school.jpg
http://prosophos.files.wordpress.com/2011/09/first-day-of-school.jpg
ලියන්න.. අකුරු ලොකු කරන්න..
ReplyDeleteස්තුතියි දේශකයා... අකුරු ලොකු කරන්නම්...
Deleteචුට්ටයි නේ අනේ.. පෙළ ගස්වගෙන ලියන්න. අමතක වෙනවා නං ඒ සිද්ධි වල හෙඩින් කොතන හරි ලියා තියාගන්න
Deleteස්තුතියි උපදෙස් වලට දේශක යා..
Deleteසුන්දර මතකයන් කාටද නැත්තේ, එත් ඒවා මේ විදියට පෙළ ගන්ස්සන එක තමා ගැටලුව, ජය වේවා.
ReplyDeleteස්තුතියි සොමි යා..
Deleteකුරුණෑගල දිස්ත්රික්කේ ප්රසිද්ධ පිරිමි පාසලක් ///
ReplyDeleteමාන්දමිකයි වගේ...
හිහි...
Good Old Days මේක නං නියමෙටම පොස්ට් එකටගැලපෙනව මචෝ...
පොඩි පන්තියෙ අයලොකු පන්තියෙ අය
හැමදෙන එක පන්තියෙ විලසේ...
රාමල අමරල පොත්තුල තව ඇත
වෙන වෙන අය හා යාළු වෙතේ...
අමතක වෙන්නැති අමතක කරන්නත් බැරි සොදුරු අතීතය...
මටත් තියෙනව කියන්න දෙයක්...
මේ පුංචි රටේ යළි කවදා හෝ මතු කෙදිනක හෝ ඔබ අප හමුවේවී...
මාත් එහෙම කිය කිය එකෙක්හම්බෙන කං බලං න්නව
අපෝ මහා ලොකු ගොඩක් නෑනේ බන්.. පිරිමි පාසල්..
Deleteඅමතක වෙන්නැති අමතක කරන්නත් බැරි සොදුරු අතීතය...////
සිරාවටම අයෙත් යන්න හිතෙන තරම්....
බලන් ඉන්න එපා හම්බෙනකන් හොයන යන්න.. පරක්කු වෙන්න කලින්.
එල එල . දිගටම ලියපං ...... හොද හොද සෙල්ලං එලි වෙන ජාමෙටලුනේ
ReplyDeleteලොවෙත් හිකිස්... හොඳ හොඳ සෙල්ලම් තිබ්බනේ... :D
Deleteමාත් ඉස්කෝලෙ ගිය මුල් දවසෙ ඇඩුවේ නැ .හොඳ කීකරු ළමයෙක් වගේ හිටිය :D
ReplyDeleteහම්මේ... බයටද දන්නේ නෑ :D
Deleteඅඩේ මමත් උන්නද ඔය සැට් එකේ...වෙන්ට බෑ :o
ReplyDelete//දිලා, අමිලය එහෙම සෙට් වෙන්නේ උසස් පෙළ කරපු කාලේ..//
නෑ නෑ වෙන්න බෑ... :D
Delete